"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Wednesday
Thursday
Karaththa / karatta (Bullock cart) Kavi
සසඳ සසඳ කඳ මහ පාරේ යනවා
අත්වැල් බඳට රෝදය කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ යනවා
හත් හරියට අපි නාරාංගල යනවා
බදුලු යන්න මහ පාරත් තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක් තියෙන්නා
සාදු සාදු මුතියංගණ පෙනෙන්නා
නාවාලා ගොන් බානක් බැඳලා ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු ගියා
අත්වැල් බඳට රෝදය කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ යනවා
හත් හරියට අපි නාරාංගල යනවා
බදුලු යන්න මහ පාරත් තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක් තියෙන්නා
සාදු සාදු මුතියංගණ පෙනෙන්නා
නාවාලා ගොන් බානක් බැඳලා ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු ගියා
Subscribe to:
Posts (Atom)