ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

කරත්ත කවි

කරත්ත (karaththa) means bullock carts. But now we can't see them. But few decades ago these bullock carts were seen on the road. It uses to transport goods all around the country.

 

කළු ගල් තළාලයි පාරට                    දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර          ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර             අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි              නගින්නේ
 
රෝද දෙකට තෙල් දාපිය                කැරකෙන්ට
ගොනාගේ අඟට කොපු දාපිය              බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද             දෙන්ට
කෝටුව අරන් එලවාපිය ගොනු                 යන්ට
 
බණේ කොහොම කීවත් පවු පල               දෙනවා
පිනේ අරුම නොසිතා අපි පසු                  වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන්            වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු                    යනවා
 
කන්ද නගින කොට දෙවියනි බඩ                     දනවා
තැන්න බහිනකොට වීරිය උඩ                         යනවා
පල්ලම් දකින විට අතපය                        වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක                        දෙනවා
 
කල්බලා සිටිය සමනලයින්                    පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන්            ගන්නා
පුල්ලියා කන්ද දුටුවම                       නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන්         දෙන්නා
 
වයිර ගොනා දණ ගහලා අදින                       කොට
මයිල ගොනා පැන්නයි පස්සට                     හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                        පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල                       ගාවට
 
අම්බලං පෝරු පිට සිටිනා                      ළඳුනේ
රංසලං ලෙසට ගෝමර පිට                     දිලුනේ
මං බොලං එහෙම දේකට නැත               අගුනේ
රං දොඹේං පිටත් වෙන කොට හද            මුදුනේ
 
 
 
බතට කන්ට බැරි බතලේ ගල                     කන්ද
අලට කන්න බැරි අලගල්ලේ                      කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි                    කන්ද
මේ කඳු තුනට නායක සමනල                    කන්ද
 
කඳු ඇදලා දෙපයට සවි නැත                   ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය                  තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක්                     උනේ
ගම ඉඳලා වත් පණ යන්න               නොලැබුනේ
 
කන්දේ කකා ලන්දේ යන                           බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය                          ගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ                         ගත්තු
වලවේ ගඟට බැස්සොය ගෝමර                        ඇත්තු
 
සසඳ සසඳ කඳ මහ පාරේ                        යනවා
අත්වැල් බඳට රෝදය                    කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ                 යනවා
හත් හරියට අපි නාරාංගල                        යනවා
 
බදුලු යන්න මහ පාරත්                       තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය                     තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක්                    තියෙන්නා
සාදු සාදු මුතියංගණ                         පෙනෙන්නා
 
නාවාලා ගොන් බානක් බැඳලා                    ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා                        ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල                     ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු                    ගියා
 
තණ්ඩලේ දෙන්න දෙපොලේ                  දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                      දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                           දනවා
පව්කල ගොනෝ ඇදපන් හපුතල්                 යනවා
 
ඉරනවද ළඳේ තල කොළ                       ඉරනවද
පුරනවද ළඳේ හැඹිලිය                            පුරනවද
වියනවද ළඳේ හැඹිලිය                           වියනවද
මටදෙන හැඹිලියේ වැඩ ඉවර                   නැතිවද
 
දුප්පත් කමට ගොන් බැඳගෙන              දක්කනවා
කන්නත් නැතිව රෑ දාවල්                වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දීලා             ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                 වෙනවා
 
හපුතලේ යන්ඩ යනකොට කඳු                   බොහොමා
ඒවා අදින්නට හරකුන් නැති                               හේමා
පිනට පවට අපි ඉපදුණෙ මෙහෙම                         තමා
පව් කළ ගොනෝ ඇදපන් යන්තමට                     තමා
 
සසඳ සසඳ හඳ පානේ අපි                                   යනවා
මම්මල බඳවා ගොන් බානක්                         දක්කනවා
සකිය සගව්වට රෝදය                             කැරකෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල්                             යනවා
 
හඳපානේ නරකද මීගමු                                       යන්න
එම පානේ නරකද වෙළදම්                                 ගන්න
බැරි රාලේ කරවල ගඳ                                  උසුලන්න
මතු වාරේ නොපතන් මීගමු                                 යන්න
 
ආරන්නේ පඳුර වටකර දළු                                  ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                             වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි                             වන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක දෙවි                         යන්ට
 
සසඳ සසඳ කඳ මහ පාරේ                                   යනවා
අත්වැල් බඳට රෝදය                               කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ                           යනවා
හත් හරියට අපි නාරාංගල                                   යනවා
 
බදුලු යන්න මහ පාරත්                                තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය                              තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක්                             තියෙන්නා
සාදු සාදු මුතියංගණ                                  පෙනෙන්නා
 
නාවාලා ගොන් බානක් බැඳලා                             ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා                                 ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල                              ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු                              ගියා
 
එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                     ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                   ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                        ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                             ගොනා
 
රිදී කළේ රන් කොතලේ බීපු                                      මට
මැටි බඳුනේ දිය නොලැබෙයි                             පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති                              අපට
මෙහෙමත් කළ ගියද පළු වීර ගස්                                යට
 
සසඳ සසඳ සඳ පානේ අපි                                      යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ                       යනවා
සකිය සගව්වට රෝදය                                 කැරකෙනවා
දත් කැකුළට නාරම්මල                                  පසුවෙනවා
 
මහ පොළොවේ ගින්නෙන් කරවාපු                      ගොනා
මහ මුහුදේ රැලි පිට පීනාපු                                    ගොනා
තන මත්තක ඉඳගෙන තණ නොකන                    ගොනා
දුව දෙනදා දෑවැද්දට දුන්නු                                    ගොනා
 
මන්දාරමට උඩ ඉගිලෙන වැහි                                ලේනි
ගොනුගෙ කරට දැම්මා වැනි බර                            ගෝනි
වෙල මැද අම්බලම කාටත්                                 පරවේනි
මට තනි නැත නුඹ නාඩන් උල                              ලේනි
 
රෝද දෙකට තෙල් දාපන්                             කැරකෙන්ට
අං සතරට තෙල් ගාපන්                                   දිලිසෙන්ට
ගොන්ගේ කරට මිණි බැඳපන් හඬ                          යන්ට
කෙවිට රැගෙන දක්කාපන් අප                                යන්ට
 
කළු වයිරා හොඳ සීරුවෙ අදින                              කොට
රතු වයිරා පැන්නයි උගෙ                                   ඉස්සරට
තඩි බාලා කෙවිටෙන් දක්කන                                කලට
පොඩි වීලා පට්ටම ගියෙ                                    කාණුවට
 
පානේ තෙල් තිබෙන තුරු එළිය                       දෙන්නේ
සංසාරේ කරපු පව් බෝ                              ගෙවෙන්නේ
දිවි ගැට ගහ ගන්න මේ දුක්                             විඳින්නේ
වැරදි නැති අපිව දෙවියෝ                               රකින්නේ
 
ඉරනවද ළඳේ ඉඳි කොළ                                  ඉරනවද
පුරනවද ළඳේ හැඹිලිය                                     පුරනවද
පණමවද ළඳේ හැඹිලිය                                   පණමවද
මට දෙන හැඹිලියේ වැඩ ඉවර                           නැතිවද
 
ගාලු කෝරලේදී බොහෝ රෙදි                          වික්කා
මාළුවත් නැතුව කෑවේ හොදි                             එක්කා
යාළු කමක් නැතිවද කෙරුවේ                           මක්කා
විහිළු නොකර අහකට පල වැලි                       මැක්කා
 
උපන්නාට මේ ලොව වැනෙනවා                         විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා                             විනා
රූපේ අරන් පාපේ ගෙවනවා                                විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා                විනා
 
අටිය වඩන ලොකු අප්පුගෙ                          කරත්තේ
කැහැටු ගොන් බාන බැඳලා                        දෙපැත්තේ
කවට කමට විය අඹරා ගස්                              නිත්තේ
ගොසින් ලිහමු මොරතොට නැන්දගෙ              වත්තේ
 
වැස්සක් වසින්නා වැසි කළු                          ගලන්නා
ගොනා නොයන්නා ගෝනිය                   තෙමෙන්නා
පතුල ලිහෙන්නා බඩු බිම                         ඇනෙන්නා
මෙදා මගේ තවලම රිස්ස                                යන්නා

3 comments: