ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

Karaththa / karatta (Bullock cart) Kavi

සසඳ සසඳ කඳ මහ පාරේ                        යනවා
අත්වැල් බඳට රෝදය                    කැරකෙනවා
හත් හරියට ගොන් බානක් බැඳ                 යනවා
හත් හරියට අපි නාරාංගල                        යනවා

බදුලු යන්න මහ පාරත්                       තියෙන්නා
කැවිලි කන්න කඩ වීදිය                     තියෙන්නා
වතුර බොන්න ගාංඟාවක්                    තියෙන්නා
සාදු සාදු මුතියංගණ                         පෙනෙන්නා

නාවාලා ගොන් බානක් බැඳලා                    ගියා
සෝදාලා සුදු සරමක් ඇඳලා                        ගියා
තෙල් ගාලා කොණ්ඩේ පීරාල                     ගියා
හතර වරම් දෙවි රැකපන් බදුලු                    ගියා