ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

නෙළුම් කවි (Nelum Kavi)

උදේ සිටන් වකුටු කොන්ද දිග                       ඇරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම                       දාපල්ලා
ඉසේ තියෙන ලේන්සු පොඩිය අතට                 ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩ                     පලයල්ලා

නමස්කාර කරනෙමි ඉරු                             දෙවියන්ට
නමස්කාර කරනෙමි සඳ                              දෙවියන්ට
නමස්කාර කරනෙමි ගණ                            දෙවියන්ට
නමස්කාර කරනෙමි වරමක්                              ගන්ට

එගොඩ ගෙදර ලොකු අයියගෙ                         උන්දෑ
කයියේ නෙලුමට කවදත් එන                          උන්දෑ
ඊයේ කී කවි අද නොකි                                   උන්දෑ
දෙයියොම රැකපන් අයියගෙ                            උන්දෑ

අකුලා පුස් කොළ තෝඩු                            කනේයා
බැඳලා පවලන් වළලු                                  අතේයා
ඇඳලා සේලය නෙරිය                                 වතේයා
සිටලා මෙලෙසින් නියර                              මතේයා

Wednesday

නෙළුම් කවි (Nelum Kavi)

ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින                 තුරා
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින                   තුරා
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින              තුරා
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන               තුරා

උඩින් වඩින ඉර සඳ දෙවියන්ට                       කියන්
බිමින් වඩින මිහිකත් දෙවියන්ට                      කියන්
සක්වළ වඩින සක්වළ දෙවියන්ට                    කියන්
වස් නැත අපට එළුවෙන් පාලියෙන්                 කියන්

තෙල් ගාලා හිස පීරන්                        නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන්                නෑනෝ
සේලේ අරගෙන ඇඳගන්                   නෑනෝ
ගොයම් නෙළන්නට අපි යමු              නෑනෝ

කරත්ත කවි (Karatta Kavi)

බණේ කොහොම කීවත් පවු පල               දෙනවා
පිනේ අරුම නොසිතා අපි පසු                  වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන්            වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු                    යනවා

කන්ද නගින කොට දෙවියනි බඩ                     දනවා
තැන්න බහිනකොට වීරිය උඩ                         යනවා
පල්ලම් දකින විට අතපය                        වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක                        දෙනවා

කල්බලා සිටිය සමනලයින්                    පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන්            ගන්නා
පුල්ලියා කන්ද දුටුවම                       නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන්         දෙන්නා


Monday

ඔන්චිලි වාරම් (Onchili waaram)

පදින කලට අගනෝ                        ඔන්චිල්ලා
අදින සළුව තර කර                          ඇඳපල්ලා
තදින් අතින් වැල් අල්ල                      ගනිල්ලා
සොඳින වරල බැඳ ගෙන                   පැදපල්ලා

රජ්ජුරුවෝ උඩයි                       උඩයි
බිම ඉන්නේ වැසියො                  තමයි
අහසේ උඩ නගියි                       නගියි
පදිමු අපිත් එහෙයි                  මෙහෙයි

පුරවර මැද බැඳි රන්                     ඔන්චිල්ලා
දුරයන තරමට පුදුම                   නොවෙල්ලා
වවුලන් ලෙස කැරකෙන               ඔන්චිල්ලා
අපිත් පදිමු දැන් රන්                     ඔන්චිල්ලා