ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

පැල් කවි (Pal kavi)

පෙර කාලේ තැනූ පැල දැන්                        දිරාලා
එම කාලේ බැඳපු වැට ගොනු                     කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක                          බලාලා
නිදිමතේ කියමු පැල්කවි                        ගොතාලා

රෑ වෙලා මොනරු ගස් යන                වෙලාවේ
ඇහැරිලා බිළිඳු කිරි බොන                වෙලාවේ
එළිවෙලා කුකුළො හඬලන               වෙලාවේ
කෑරලා ඇඬුවේ දොරකඩ                     මරාවේ

උණ දඬු කපන තැන උණ දඬු                 රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                    රිකිල්ලා
වතුර බසින තැන හොල්මන්                  කුරුල්ලා
සී පද කියන්නට කවුරුත්                      වරෙල්ලා

දෑස නැත නින්ද අලි ඇතු                පන්නාලා
පාස නැත ඉන්න පැල තුළ ගිනි           තැපලා
ආස නැත කන්න අල බතලත්           මෙකලා
මාස ඉල් මසේ උගුලයි අල                 බතලා

ලස්සන හිමවතේ මා වී                     පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා                 හරින්නේ
රැක්මෙන් දෙවියනේ වෙල බත්             බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්                   රකින්නේ

Friday

නැලවිලි කවි (lullabies)

නුඹෙ අම්මා කිරට                    ගියා
කිරි එරවා එන්න                      ගියා
කිරි මුට්ටිය ගඟේ                     ගියා
ගඟ දෙගොඩින් ගලා                ගියා

අතට වෙරළු ඇහිද                ගෙනේ
ඉණට පලා නෙලා                ගෙනේ
බරටම දර කඩා                    ගෙනේ
එයි අම්මා                      විගසකිනේ

පුතේ නුඹේ ලොකු                 අම්මා
අතේ වළල්ලක්                     දැම්මා
මෙසේ මියුරු                 තෙපලම්මා
පුතේ නාඬා                      නිදියම්මා

නුඹෙ අම්මත් කළුම                  කළුයි
නුඹෙ තාත්තත් කළුම                කළුයි
නුඹ නලවන මමත්                    කළුයි
නුඹ විතරක් සුදුම                        සුදුයි

Wednesday

3 Pathal kavi-Sinhala Sumiyuru Jana Gee part 3

ඔන්චිලි වාරම් (onchili vaaram)

මිතුර මෙනුඹ අප එල්ව                සියල්ලා
කතුර ලෙසට බැඳි රන්              ඔන්චිල්ලා
නතරලමින් ගුවනේ                  ඔන්චිල්ලා
මෙවර පදිමු අපි රන්                 ඔන්චිල්ලා

තුටුව උඩින් සිට බැඳ                 ඔන්චිල්ලා
පිට පිට පෑගුවෙ                   එකරකැවිල්ලා
වටපිට සිටි අය බලා                      සිටිල්ලා
අට දෙන අටකොන වාඩි             වෙයල්ලා

උඩම උඩම වැඩ මක්කම              වැල්ලේ
වසින වසින වැසි ඒ ගල                 පල්ලේ
දුවන දුවන නැව් සමුදුර                  එල්ලේ
අපිත් පදිමු දැන් රන්                ඔන්චිල්ලේ

Tuesday

නැලවිලි කවි (lullabies)

නුඹේ අම්මා කොතැන               ගියේ
පතන කැලේ දරට                     ගියේ
දර අරගෙන එන්ට                     ගියේ
ඒ එනකල් නුඹ                    දොයියේ

උඩ නියරෙන් වැටී                 ගෙනේ
මිටි නියරෙන් වැටී                 ගෙනේ
කලවිටි බොල් පොලා            ගෙනේ
එයි අම්මා                        විගසකිනේ

දොයි දොයි දොයි දොයිය          පුතා
බයි බයි බයි බයිය                     පුතා
නාඬා නැළවෙන්න                   පුතා
බුදු සරණයි නුඹට                     පුතා

දොයි දොයි දොයි දොයිය          පුතා
බයි බයි බයි බයිය                     පුතා
මාගේ රත්තරන්                        පුතා
දෙවි පිහිටයි නුඹට                     පුතා

Monday

ගොයම් කවි (Goyam Kavi)

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ                කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස                     දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්                   කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්                    පුරා

ඇසී නාද හඬ බමරුගෙ              ලීලා
පැසී ගොයම් පත් කිරට          නැමීලා
ගැහී සුළං වාතෙට ඉති           නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර         ලීලා

පේරු ඇතුව වී පැළකර                         ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු                        උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි                   මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට                  ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු                  මාලා
කණට ඔබින රන් තෝඩු                  දමාලා
අතට ගිගිරි රන් වළලු                      දමාලා
ඇඟට ඔසරි සුදු සේල                      දමාලා

උදේ පාන්දරින් නැගිට                           සිටිල්ලා
ගොයම් කපන්නට නෑනේ                    වරෙල්ලා
රන් දෑකැති ගෙන පෙළට                       සිටිල්ලා
රන් මන්දෑලේ කෙතට                           බසිල්ලා

Sunday

ඔන්චිලි වාරම් (Onchili waaram)

විසිතුරු කර බැඳි රන්                   ඔන්චිල්ලා
රිසි රිසි අය අරගෙන                    පැදපල්ලා
ඇසි පිය නොහෙලා බලා                සිටිල්ලා
කිසි තැන නැත මේ රන්              ඔන්චිල්ලා

උඩ යන රවුමට පපුවයි                      දන්නේ
පයතට එනකොට නිවලයි                 එන්නේ
පොල්ලක් පැන්නට බය        නොසිතෙන්නේ
පත්තිනි දෙවිඳුට පින්                      දීපන්නේ

අට දෙන අටකොන වාඩි                වෙයල්ලා
සිටගෙන දෙන්නෙක් පොලු             පාගල්ලා
වවුලන් ලෙස කැරකෙන               ඔන්චිල්ලා
අපිත් පදිමු දැන් රන්                     ඔන්චිල්ලා

Friday

රබන් පද (Raban pada)

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත්
පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
පිට්ටු කන්න වර පෙත්තප්පු

කැත්තක් අරගෙන වත්තට යනකොට 
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
ලන්සි පැටවු මූදු යන්න නැවක් හදනවා
තක දොන් නැවක් හදනවා

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත් 
ඇතෙක් බරට රත්තරන්

පානදුරේ අර පාන් කඩේ ළග 
ගෑනු හරක් බඳිතෙයි
මෙච්චර මේ රටෙ පිරිමි ඉදිද්දි
ගෑනු හරක් බඳිතෙයි 
තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

සාත් සරක්කුත් පොල් කට්ටයි
බීම් බිරැන්ඩිත් පොල් කට්ටයි
සාත් සරක්කුත් බීම් බිරැන්ඩිත්
බීපන් මස්සිනෙ පොල් කට්ටයි

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් 
කොහොම බැද්දත් කොබෙයියා

Wednesday

ගොයම් කවි (Goyam Kavi)

වරම් වරම් මට මහ බඹු අතින්           වරම්
වරම් වරම් ඉසිවර දෙවි අතින්            වරම්
වරම් වරම් සක්දෙවි රජ අතින්           වරම්
වරම් වරම් ගොවිකම් පද කරන          වරම්

Tuesday

කරත්ත කවි (Karatta Kavi)

කරත්ත (karaththa) means bullock carts. But now we can't see them. But few decades ago these bullock carts were seen on the road. It uses to transport goods all around the country.

කළු ගල් තළාලයි පාරට                    දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර          ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර             අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි              නගින්නේ

ආරන්නේ පඳුර වටකර දළු              ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප          වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි        වෙන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක        දෙවියන්ට

රෝද දෙකට තෙල් දාපිය                කැරකෙන්ට
ගොනාගේ අඟට කොපු දාපිය              බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද             දෙන්ට
කෝටුව අරන් එලවාපිය ගොනු                 යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද               ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද             ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                 ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                      ගොනා

Monday

කුරක්කන් කවි (Kurakkan Kavi)

Kurakkan (in sinhala) means finger millet is a cereal grown in warm countries and regions with poor soils, bearing a large crop of small seeds which are chiefly used to make flour.

හේනේ පැලේ මා විදිනා            සුරුක්කන්


ඌරෝ ඇවිත් වට පිට කරති           සක්මන්

වැටටත් උඩින් උන් අල්ලන      මලක්කන්

අපොයි මගේ කිරි වදිනා            කුරක්කන්



කුරක්කන් තුනයි වැපුරුවෙ           අමාරුවේ


කපන්ටත් බැරුව අතපය                  රුදාවේ

අරින්ටත් බැරුව ලොව ගම             සිනාවේ

කපමු නෑනෙ ඉපනැල්ලේ               සුබාවේ



කුරක්කන් කපයි අඹ
යි අපේ                එකී

හැළිය මුවාවට ඉඳගෙන බෙදන              එකී

තලප ටික කන්ට හොදි ටික නොදෙන    එකී

ඊයේ පලද්දැයි මා ළඟ උන්න                එකී

Sunday

පැල් කවි (Pal Kavi)

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින          තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින           තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින         තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන       තුරු

අහස තනිවේද විදුලිය                   කෙටුවාම
පොළොව තනිවේද මම බිම            බැලුවාම
මුහුද බොරවේ ද ගොඩ රළ             ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                     ඇඬුවාම

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම්           බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට            ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන            බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ             නෙළුම්

පාට හොඳයි පැළවෙන ගොයමේ              නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                   රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්             ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                     මුල්ල

කල් බලා නොවෙද ගොවිතැන්               කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                  පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි පල                නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවද ද                         දකින්නේ

Friday

පැල් කවි (pal kavi)

People cultivate rice in paddy fields and vegetables, grains and others in ''hena''. Hena is a land away from the village, that cultivate vegetables and others. It's protected by strong fence.  In the night wild animals come to the ''hena'' and paddy fields and eat and destroy the crop. So farmers had to protect them at night. They build little hut called ''pala'', on the high tree in the middle of the ''hena'' or paddy field. Farmers stay at the ''hena'' in night and dispel wild animals. To avoid somnolence and loneliness they recite these poems loudly.

නැලවිලි කවි (lullabies)

ඔන්න බබෝ                ඇතින්නියා
ගල් අරඹේ                    සිටින්නියා
ගලින් ගලට                  පනින්නියා
බබු දැකලා                     දුවන්නියා

මගේ පුතා කොතැන             ගියේ
මානෙල් මල් විලට               ගියේ
එතන මලක්                  පිපුනායේ
එමල කඩා එන්න                 ගියේ

ඔන්චිලි වාරම් (Onchili Vaaram)

ඔන්චිලි චිලි චිල්ල             මලේ
වැල්ල දිගට නෙල්ලි        කැලේ
කඩන්න බැරි කටු           අකුලේ
කඩා දියන් මගේ               මලේ

ඉර දෙවියෝ යන්නෙ           උඩින්
සඳ දෙවියෝ යන්නෙ           උඩින්
තරු බැබළෙන අහස            උඩින්
අපිත් පදිමු උඩින්                 උඩින්

පදිනා ලෙස විත් වැල්          ඔන්චිල්ලා
අඳිනා වත තද කර               ඇඳගල්ලා
පදිනා වැල් දෙක බුරුල්     නොදෙල්ලා
සොඳිනා ගී කියමින්             පැදපල්ලා

පාරු කවි (paaru kavi)

ඔන්න මලේ ඔය නාමල නෙලා          වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා         වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා           වරෙන්
සාධු කාර දී ඔරුවක නැගී                   වරෙන්

මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ           පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර          කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන         සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ          පැටියා

Thursday

කුරක්කන් කවි (Kurakkan kavi)

දුරුතු මහේ දී කැලයට               වැදීලා
මසක් පමණ කල් කැලවල්    කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි            තබාලා
කුරහන් ඉසිමුද කළුවර             බලාලා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන             රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන          රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ            මගේ

පාරු කවි (Paaru/ Paru Kavi)

සූරිය උදාවන තුරු පිනි                  බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ            සෙලවිල්ල
මාරුව බල බලා සිත යට            කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්       රැවටිල්ල

කන්දේ කකා ලන්දේ යන             බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය            ගත්තු
රජ වාසලින් සොඳ කරුණා ලැබ           ගත්තු
පින්ගත් ඔයට බැස්සයි ගෝමර             ඇත්තු

Wednesday

කමත් කවි (Kamath Kavi)

මේ කාගේ දෝ                කමතා
ඉරු දෙවියන්ගේ              කමතා
ඉරු දෙවියෝ බිම              බඳිතා
බිම් බැඳි තැන කොළ         බඳිතා

මේ කාගේ දෝ                කමතා
සඳ දෙවියන්ගේ               කමතා
සඳ දෙවියෝ වැඩි             කමතා
සඳ දෙවියන් බැත            දෙවතා

පතල් කවි (Pathal Kavi)

මන්මුලා වෙමින් මේ රට පසු    වෙනවා
අයියලා ඉඳන් තව මට දුක්        දෙනවා
අම්මලා පෙව්ව රන්කිරි සිහි      වෙනවා
බංගලා වෙලේ දෝනාවට         යනවා

කරවනැල්ල ඉස්ටේසම ටිකට්              දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්          දෙන
කොටියා කුඹුර ස්ටෝරුව බඩු            කිරන
මහ බෙරගලේ පතලෙයි අපි වැඩ        කරන

පැල් කවි (Pal Kavi)

වෙළක මහිම බල මා වී           පැසීලා
පැලක මහිම බල බට කොල සොයාලා
මලක මහිම බල අතු අඟ           පිපීලා
ලියල මයිම බල ගෝමර           ඉසීලා

කැලේ කපා වැට බැන්දා කැත්ත           දනී
කුඹුර කොටා දිය බැන්දා නියර             දනී
හීන කකා පැල් රැක්කා පැදුර                දනී
මෙදා යලේ වී නැතිවා අටුව                 දනී

ගොයම් කවි (Goyam Kavi)

අව්ව බොහොම සැරත්     වගෙයි
අපට ඇඹුල ගෙනත්         වගෙයි
බඩගිනි දැන් වැඩිත්         වගෙයි
ගොඩට යන්න හොඳත්    වගෙයි

ගොයම් කපා ඉවර            වුණා
ඉර දෙයියෝ පියිට            වුණා
ගොවි රාළට සෙතක්         වුණා
අපේ සිතත් සතුටු              වුණා

කරත්ත කවි (Karaththa kavi)

තණ්ඩලේ දෙන්න දෙපලේ         දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද          දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ               දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල්     යනවා

රිදී කළේ රන් කොතලේ බීපු              මට
මැටි බඳුනේ දිය නොලැබෙයි      පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති       අපට
මෙහෙමත් කළ ගියද පළු වීර ගස්         යට

Saturday

Folk people in Sri lanka use these poems to express their feelings. People (in villages) who are doing different occupation like farming, carrying goods by carts, boatman, working in mines, etc. They sing poems for make away of loneliness,  weariness and express their sorrow and troubles that they had to face in their work.

And also they use poems to express their happiness and love.

But now with the technological development and people use it for their works these poems bereave from the society. I'm trying to collect our "jana kavi" and give to you. Because this is a part of our heritage. We want to move with new world. But we have a responsibility to protect our culture. We can't find it in another country. Sri Lanka has great civilized culture. We have to protect it.