ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

Download Sinhala Jana Kavi app

සිංහල ජන කවි යනු ඕනෑම වයසක සිටින සියලුම සිසුන් සඳහා සිංහල ජන කවි, ජන කතා  සහ ඉතා ප්‍රයෝජනවත් සිංහල භාෂා සම්පත් සපයන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.








මෙහි 
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි• පැල්  කවි• ගොයම් කවි• නෙළුම් කවි• පතල් කවි• කමත් කවි • පාරු කවි• බඹර කවි
• කුරක්කන් කවි• ඔලිද කවි• රබන් පද• ඔන්චිලි වරම්• මේවර කෙළිය • නැලවිලි කවි• රබන් කවි
• ලී කෙලි කවි• කලගෙඩි කවි සහ තවත් ජන කවි 

සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද• විරුද්ධ පද• තනි පද• යුගල පද• ප්‍රස්ථා පිරුළු• තේරවිලි• කෙටි නාම (සිංහල සහ  ඉංග්‍රීසි )

ජන කතා 

තවත් උපකාරක සම්පත්, ජන කවි සහ ජන කතා මෙයට නිතරම එක් වෙනු ඇත.
DOWNLOAD FREE

එළුවන් කෑම

මේ වැල මොකදෝ දම් වැල
මේ වැල මොකදෝ කිරි වැල
මේ වැල මොකදෝ කිදි වැල
මේ වැල මොකදෝ මදු වැල 

උඩින් පනින්දෝ - තල්ල කැඩෙයි දෝ
යටින් රිංගන්දෝ - කිඩොල් ඇනෙයි දෝ 

කුරුළු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ගිරා කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
කපුටු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී 

ගෙයි ගොම ගාලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
දරණුව දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා

අප්පා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
අයියා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා 

ඉරගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
සඳගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා 

එළුවන් කන්නයි මං ආවේ
එළු බෙටි කාපන් තුන්තීරේ
සාවුන් කන්නයි මං ආවේ
සා බෙටි කාපන් තුන්තීරේ 

ගෝනුන් කන්නයි මං ආවේ
ගොන් බෙටි කාපන් තුන්තීරේ
මුවන් කන්නයි මං ආවේ
මුව බෙටි කාපන් තුන්තීරේ 

මේ පුටු කාගේ  -  බණ්ඩාරේ
මේ ඇඳ කාගේ  -  බණ්ඩාරේ
මේ බත් කාගේ  -  බණ්ඩාරේ
මේ කැඳ කාගේ  -  බණ්ඩාරේ 

මේ පුටු ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ ඇඳ ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ බත් කන්දෝ -  කන්න නොදෙන්දෝ
මේ කැඳ බොන්දෝ - බොන්න නොදෙන්දෝ 

එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
සාවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
ගෝනා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
මුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි 

බුලත් කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා 

වැල්ලේ දුවන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර දිව්වත් රළහාමි නොදෙමිය එළුවා 

හොඳට නටන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර නැටුවත් රළහාමි නොදෙමිය එළුවා 

කොච්චි කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා 

දණින් වදිඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර වැන්දත් රළහාමි නොදෙමිය එළුවා