ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

පැල් කවි

 පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා

ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ       තලා

මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා

ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට                 බලා

 

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා     උණී

ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට         දුනී

දුප්පත් කමත් වලිගය නැති ගොනා         වැනී

 

පැණි රස මොටද තණකොළ කන   ගවයන්ට

හී වැල් මොටද බිම හාරන                 ඌරන්ට

පන්දම් මොටද දිය යට යන             කිඹුලන්ට

හොඳකම් මොටද දැන් කාලේ                 මිනිසුන්ට