මේ කාගේ දෝ කමතා
පසේ බුදුන්ගේ කමතා
පසේ බුදුන් දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
පසේ බුදුන්ගේ කමතා
පසේ බුදුන් දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
මේ කාගේ දෝ කමතා
ඉරු දෙවියන්ගේ කමතා
ඉරු දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
මේ කාගේ දෝ කමතා
සඳ දෙවියන්ගේ කමතා
සඳ දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
මේ කොතැනින් ගෙනා ගොනා
කතරගමින් ගෙනා ගොනා
කොළ මඬනට හොඳ ද ගොනා
කොළ මඬනට හොඳයි ගොනා
බුද්ධං සරණේ ද බලේ
ධම්මං සරණේ ද බලේ
සංඝං සරණේ ද බලේ
මේ කමතට බුද්ධ බලේ
අං දෙක රං බන්ද ඤ්ඤයි
කන්දෙක මේවරල ඤ්ඤයි
සොඬරේ මුතු අමුණ ඤ්ඤයි
රූබර කොළ මඩව ඤ්ඤයි
ගොනුගෙ කරේ රන් නැටිල්ල
මඟේ පයේ රිදී විල්ල
කමත වටේ කරකැවිල්ල
දණක් එරෙයි ආරවැල්ල
ඇතත් දුටිමි බැතත් දුටිමි
බැත පිට ඉඳ මූද දුටිමි
මූදේ කර දියත් දුටිමි
ඇතෙක් උසට බැතක් දුටිමි
උඩ දරාඬ උඩ කමතේ
යඩි දරාඬ යටි කමතේ
කමත් හතක තිබුණ බැතේ
අද පුරවන් මේ කමතේ
උඩ අහසේ තරු ගානේ
බිම පොළොවේ වැලි ගානේ
මහ මුහුදේ රැළි ගානේ
බැත වැටියන් ඒ ගානේ
ගොනු යන්නේ කඳු උඩලූ
අපි යන්නේ පාබොඩලූ
ගලතන්නේ වෙළ වළලූ
පළඳින්නේ කිරි පබලූ
උදයට පායන හිරු දෙවියන්ටයි
සවසට පායන සඳ දෙවියන්ටයි
සතර සයුරෙ වෙසෙනා දෙවියන්ටයි
සතර වරම් දෙවියෝ පින් ගන්ටයි
යඩි දරාඬ යටි කමතේ
කමත් හතක තිබුණ බැතේ
අද පුරවන් මේ කමතේ
උඩ අහසේ තරු ගානේ
බිම පොළොවේ වැලි ගානේ
මහ මුහුදේ රැළි ගානේ
බැත වැටියන් ඒ ගානේ
ගොනු යන්නේ කඳු උඩලූ
අපි යන්නේ පාබොඩලූ
ගලතන්නේ වෙළ වළලූ
පළඳින්නේ කිරි පබලූ
උදයට පායන හිරු දෙවියන්ටයි
සවසට පායන සඳ දෙවියන්ටයි
සතර සයුරෙ වෙසෙනා දෙවියන්ටයි
සතර වරම් දෙවියෝ පින් ගන්ටයි
ගොනා නිකම් ගොන් රජුනේ
ඌ කර ලන මිණි බරණේ
මිණි බරණින් කොළ බඳිනේ
ඇලි ගොන් දහසක් ගමනේ
මුදුනේ යන ගොන් රජුනේ
ඊළඟ යන කිරි පුසිනේ
වට දුවනා නාම්බනේ
කොළ මඩවා දෙන් සොදිනේ
කෑලිය කොළ බැන්ද මටා
මදු කොළ බැන්දේ කුමටා
ඒ වට කළ හොඳ කුමටා
කොළ මඩවා දෙන් සොඳටා
ගලක් පලා ගලක් දුටිමි
එගල පලා රිදී දුටිමි
පැන් බොන්නට ළිඳක් දුටිමි
බැත උඩ සිට මුහුද දුටිමි
අටු කොටුවල තියෙන බැතා
ඉහළ පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියෙන බැතා
ගෙන පුරවා මේ කමතා
ඌ කර ලන මිණි බරණේ
මිණි බරණින් කොළ බඳිනේ
ඇලි ගොන් දහසක් ගමනේ
මුදුනේ යන ගොන් රජුනේ
ඊළඟ යන කිරි පුසිනේ
වට දුවනා නාම්බනේ
කොළ මඩවා දෙන් සොදිනේ
කෑලිය කොළ බැන්ද මටා
මදු කොළ බැන්දේ කුමටා
ඒ වට කළ හොඳ කුමටා
කොළ මඩවා දෙන් සොඳටා
ගලක් පලා ගලක් දුටිමි
එගල පලා රිදී දුටිමි
පැන් බොන්නට ළිඳක් දුටිමි
බැත උඩ සිට මුහුද දුටිමි
අටු කොටුවල තියෙන බැතා
ඉහළ පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියෙන බැතා
ගෙන පුරවා මේ කමතා
මේ කාගේ දෝ කමතා
ඉරු දෙවියන්ගේ කමතා
ඉරු දෙවියෝ බිම බඳිතා
බිම් බැඳි තැන කොළ බඳිතා
මේ කාගේ දෝ කමතා
සඳ දෙවියන්ගේ කමතා
සඳ දෙවියෝ වැඩි කමතා
සඳ දෙවියන් බැත දෙවතා
ඉරු දෙවියන්ගේ කමතා
ඉරු දෙවියෝ බිම බඳිතා
බිම් බැඳි තැන කොළ බඳිතා
මේ කාගේ දෝ කමතා
සඳ දෙවියන්ගේ කමතා
සඳ දෙවියෝ වැඩි කමතා
සඳ දෙවියන් බැත දෙවතා
ගොනුගෙ පයේ රනෙන් විල්ල
අපේ පයේ රිදී විල්ල
කමත වටේ කර කැවිල්ල
උනා වරෙන් බැත වළල්ල
ගොනා නිකම් බකරි බතා
උගෙ කන්වැල් වෙහෙර වතා
වෙහෙර සතක උස මහතා
එපමණ උස බැත දෙවතා
බුදුන් වඩින වේලාවයි
කිරි උතුරන වේලාවයි
කොළ මඩවන වේලාවයි
කමත පිරෙන වේලාවයි
ඉත්ත රුදාවයි නොසිතන්
පත්ත රුදාවයි නොසිතන්
දැත්ත අතින් තොර නොකරන්
මුත්තා ගෙන වැඩ බෝවන්
අපේ පයේ රිදී විල්ල
කමත වටේ කර කැවිල්ල
උනා වරෙන් බැත වළල්ල
ගොනා නිකම් බකරි බතා
උගෙ කන්වැල් වෙහෙර වතා
වෙහෙර සතක උස මහතා
එපමණ උස බැත දෙවතා
බුදුන් වඩින වේලාවයි
කිරි උතුරන වේලාවයි
කොළ මඩවන වේලාවයි
කමත පිරෙන වේලාවයි
ඉත්ත රුදාවයි නොසිතන්
පත්ත රුදාවයි නොසිතන්
දැත්ත අතින් තොර නොකරන්
මුත්තා ගෙන වැඩ බෝවන්
බුදුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
බුදුන් අණින් එයි කමතට
දහම් බෙලෙයි මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
දහම් බෙලෙන් එයි කමතට
සඟුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
සඟුන් අණින් එයි කමතට
මේ කාගේ දෝ කමතා
සැම දෙවියන්ගේ කමතා
සැම දෙවියෝ බිම බඳිතා
බිම් බැදි තැන කොළ බඳිතා
මේ කොතනින් ගෙනා ගොනා
දෙවුන්දරින් ගෙනා ගොනා
ඒ මොනවට ගෙනා ගොනා
කොළ මඬනට ගෙනා ගොනා
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
බුදුන් අණින් එයි කමතට
දහම් බෙලෙයි මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
දහම් බෙලෙන් එයි කමතට
සඟුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
සඟුන් අණින් එයි කමතට
මේ කාගේ දෝ කමතා
සැම දෙවියන්ගේ කමතා
සැම දෙවියෝ බිම බඳිතා
බිම් බැදි තැන කොළ බඳිතා
මේ කොතනින් ගෙනා ගොනා
දෙවුන්දරින් ගෙනා ගොනා
ඒ මොනවට ගෙනා ගොනා
කොළ මඬනට ගෙනා ගොනා
ඉරු දෙවියෝ වැඩිය තැනේ
බොල් පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ
කරුවල නොතිබෙයි එතැනේ
මහ ගජතුන් බැන්ද තැනේ
කණු මුල් නොතිබෙයි එතැනේ
හැම දෙවියෝ වැඩිය තැනේ
උවදුරු නොතිබෙයි එතැනේ
ගණ දෙවියෝ වැඩිය තැනේ
රෝදුක් නොතිබෙයි එතැනේ
පසේ බුදුන් වැඩිය තැනේ
පස් පව් නොතිබෙයි එතැනේ
සමනල මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
මක්කම මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
කැළණිය මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
රන්වැලි මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
බොල් පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ
කරුවල නොතිබෙයි එතැනේ
මහ ගජතුන් බැන්ද තැනේ
කණු මුල් නොතිබෙයි එතැනේ
හැම දෙවියෝ වැඩිය තැනේ
උවදුරු නොතිබෙයි එතැනේ
ගණ දෙවියෝ වැඩිය තැනේ
රෝදුක් නොතිබෙයි එතැනේ
පසේ බුදුන් වැඩිය තැනේ
පස් පව් නොතිබෙයි එතැනේ
සමනල මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
මක්කම මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
කැළණිය මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
රන්වැලි මහ වෙහෙර උසට
ගෙනත් පුරව මේ කමතට
No comments:
Post a Comment