ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Tuesday

බඹර කවි 


අහසේ ගොසින් තරු යට සැග                 වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග         වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග                    වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට                        ගියාදෝ
 
උඩ මාලේ මල් වැසි වැස්සක්                     යනවා
බිම මාලේ මල් වැසි වැස්සක්                     යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත්                 යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම               යනවා 

පතල් කවි


දබරෙ කරකවා අත් දෙක                     වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                        එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ                දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                      දෙමු
දන්න දන්න තාලෙන් සී පද                         කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු

නෙලුම් කවි 


ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින              තුරා 
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින                තුරා 
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින            තුරා 
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන            තුරා 

උඩින් වදින ඉර සඳ දෙවියන්ට              කියන් 
බිමින් වඩින මිහිකත් දෙවියන්ට            කියන් 
සක්වළ වඩින සක්වළ දෙවියන්ට          කියන් 
වස් නැත අපට එළුවෙන් පාලියෙන්      කියන්