ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Tuesday

කළගෙඩි කවි (Kalagedi kavi)

ජන නැටුම් වර්ගයක් වන කළගෙඩි නැටුම් වලදී භාවිතා කරන කවි.
Kalagedi Natum is a folk dance. A pot is use in this dance. Females do this dance.

අහසට පිඹිනා එරන්                        කළේයා
පොළවට පිඹිනා භූමි                       කළේයා
රන්මසු දහසක් වටින                      කළේයා
නොබිදින් නෑනෝ මගේ                 කළේයා

පේළි සැදී අඟනෝ                         සැරසීලා
නීල වරල කුසුමෙන්                       ගවසාලා
කෝල නොවී සබ මැදට                    වැදීලා
බාල ලියෝ කළ පිඹිති                       සැදීලා

පටුවන් නළලත අඩ සඳ                  වන්නේ
දුටුවන් සිත් සතුට                         වඩන්නේ
සුරතල් කළගෙඩි දෑතට                  ගන්නේ
නැටුමෙන් සබ මැද කළය            පිඹින්නේ

පළඳවමින් ගෙන සේල                   සුබාවට
බොළඳ වඳන් කියමින් සබයේ               සිට
මෙළඳ රුවින් සොද අඟනන්            විලසට
තුසිත පුරෙන් ආවයි කළ                  පිඹුමට

උනා වරල පීරා බැඳ                        ගන්නේ
තනා බුලත් සඳුනුත් ගෙන                දුන්නේ
සිනා සෙවින් කවි රාග                 කියන්නේ
මනාපයෙන් කළ ගෙඩිය              පිඹින්නේ

KALAGEDI (VINYASA ACADEMY OF FINE ARTS)

Monday

ජන කවි (folk poems/ Jana kavi)

ඉරේ රුව බලන් ඉරගල වැටෙන                    කොට
සඳේ රුව බලන් සඳගල වැටෙන                    කොට
මලේ රුව බලන් අතු අග පිපෙන                    කොට
වැවේ රුව බලන් කොක්ගල පිරෙන               කොට

සොරබොර වැවේ එගොඩත් ඉන්නේ             වැද්දෝ
සොරබොර වැවේ මෙගොඩත් ඉන්නේ           වැද්දෝ
සොරබොර වැවේ දොගොඩම ඉන්නේ           වැද්දෝ
අපටත් නෙළුම් මල් අහුලන්නට                     දෙද්දෝ

නාලිය ලස්සනයි කටහඬ                          මොලකැටිය
නාලිය ලස්සනයි ඇඳි වතක                              ඉඟටිය
නාලිය ලස්සනයි යන ගමනේ                            සැටිය
නාලිය ලස්සනයි බැස නෙළන                      කෙකටිය

ඉණේ බලාපන් ඉනවට සේළ                           බලාපං
අතේ බලාපං අතවට ගිගිරි                                බලාපං
කරේ බලාපං කරවට මාල                                බලාපං
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි                     බලාපං

ජලේ යන්ට බැරි මැණිකේ ජල බොර               වෙනවා
මලේ යන්ට බැරි මැණිකේ රේණු                තැලෙනවා
ගලේ යන්ට බැරි මැණිකේ දෙපය                  රිදෙනවා
කවි කියන්නට බැරි මැණිකේ උගුර                රිදෙනවා

මව ගැන කියවෙන ජන කවි (folk poem about mother)

වැල්ලේ පිපෙන බිම්මල                 වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල             වාසනාවන්
පෝයදාට පුන් සඳ                          වාසනාවන්
ජාතිත් අපේ අම්මා                          වාසනාවන්

උඩින් යන්න රන් තැටියක්                 ලැබීයන්
බිමින් යන්න මුතු කුඩයක්                  ලැබීයන්
තනිවම යන කලට පිරිවර                   ලැබීයන්
අපෙ අම්මා ජාතිත් මට                       ලැබීයන්

ඉර පායා ඉර මුදුනට එන්න                       එපා
සඳ පායා සඳ මුදුනට එන්න                       එපා
පෑදි දියට බොර දිය එක් වෙන්න               එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න             එපා

කුකුළා නැති ගෙදර එළිවෙනවා         නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා            නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා       නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා            නොදැනේ

නෙතට විල තමයි කඳුලැලි                     වැගිරීම
කයට බල තමයි රස ඇති කිරි                       බීම
මරුට බල තමයි ලෙඩ දුක්                    පැමිණීම
දුකට මුල තමයි වැදු මව්                        නැතිවීම

පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි  බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි         අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වා වම්මා
සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්           අම්මා

මල්ලියි මමයි තනි පාරේ යන                   කළට
බඩගින්නක් ඇල්ලුව අපි                    දෙන්නාට
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට          යන්ට
යමන් මලේ අම්මා වැලලූ                       තැනට

මල්ලියේ ඔහොම නොකරන් අපෙ         අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප                 දෙන්නාට
තිබෙන දෙයක් දෙන්නෙත් අප           දෙන්නාට
බුදුන් වදින ලෙස වැදපන්                      අම්මාට