ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

බඹර කවි

අහසේ ගොසින් තරු යට සැග               වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග       වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග                   වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට                      ගියාදෝ

උඩ මාලේ මල් වැසි වැස්සක්                   යනවා
බිම මාලේ මල් වැසි වැස්සක්                   යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත්                යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම             යනවා

උල්ලා පොළ ගමට එන්නේ වස                 බඹරු
වෙනත් ගම්වලට එන්නේ හොද                  බඹරු
මළකද බලන්නට එන්නේ රදළ                    වරු
අම්මගෙ හිතේ දුක් නළවන්නේ                  කවුරු

ඔතන ඉඳින්නා මෙතැනට                          පෙනෙන්නා
එතැනට එන්න මයෙ හිත                       කරකැවෙන්නා
කතා කරන කටහඞ කන                              වැටෙන්නා
හයියෙන් කතා නොකරන් පපුව                          දන්නා

කන්දෙන් බසින්නේ ලිය ගෙදර බල                       බලා
මන්දෙන් බසින්නේ අසු නොවන වල්                    කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින්                           දරා
යන්නම් මල්ලියේ සඳගල වැටෙන                         තුරා

කුසේ උපන් ලොකු අයියා කරපු                            සැටී
ගසේ ගොසින් වැල් සැර පොට කපා                       බසී
බඹරු සිය දහස් ඇඟ ලේ උරා                             බොතී
පලෙයන් අයියන්ඩි මා එන ගමන්                         නැතී

නට නටා බඹරු අතු අග යන                               කලට
නැමි නැමී කඳින් බරවිය යුතු                                අගට
වදේ කඩා බැරිවුණි එය බා                                  ගන්ට
මුලින් කඳ බිදුණි දෙන්නගෙ                          කරුමයට
 
පල්ලෙ කැලේ ගස් උඩ වැල්                               කපමු
එවැනි කැලේ තැන් තැන්වල රිටි                         කපමු
බඹර ගසේ සහමුල සිට හැර                                 බඳිමු
එකසිය බඹරෙ කැපුමට දෙදෙනාම                         යමු
 
බැද්ද වටට සුදු මොර මල්                                    පිපීලා
සද්ද කර බඹරු ඒ වග                                       කියාලා
ඉටිත් පැණිත් ලොව හැමටම                            බෙදාලා
යන්නං බඹරු දුක් මැසිවිලි                                කියාලා
 
බැද්ද හැම තැනම මොර මල් සුදු                         එළියා
සද්ද කර බඹරු රොන් ගෙන යති                        එළියා
පණික්කිවරු ඇවිත් උන් හට සිත්                         පිරියා
කවර කලක දක්වුද අපි ඔය                                සැටියා

මල් හැම තැනම බඹරුන්                                 හඞන්නා
බඹර බැන්ද තැන අපි වද                              සොයන්නා
බඹරු තොපට පින් අත්වෙයි                            කියන්නා
බඹර කපා පැණි සැමටම                                බෙදන්නා
 
මඞුගත හෙල හොඳ රූසිරු                             සොබාවා
එම ගල කෙළ කෙළ ඉන්නට                                ආවා
බලා ඉන්ට දොළ ළඟටම                                      ආවා
වැලේ බැඳුණු දෙන්නට ආයු                              බෝවා

රොනට යන බඹරු රොන් අරගෙන                       එද්දී
මලට යන බඹරු මල් අරගෙන                              එද්දී
දියට යන බඹරු දිය බීගෙන                                  එද්දී
යන්ට යන බඹරු අඞ අරගෙන                              එද්දී

හේලි හෙලේ පොළොවම                        කරකැවිල්ලා
ගල් නළලේ බැන්දා වැනි                            තොටිල්ලා
තොටිල්ල පැද යනකොට                         කරකැවිල්ලා
මඞුගම හෙල බලතොත් මෙහි                        වරෙල්ලා


No comments:

Post a Comment