ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

පාරු කවි (Paaru kavi)

මලේ මලේ තැඹිලිය වැන්න පොල්               මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය                        රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ                     බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                  මලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා                 වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා               වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා                  වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                            වරෙන්

මොටද උපන්නේ මේ වියළුවේ                       රටේ
බැඳපු බැම්ම මහියංගනේ                               වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු                        රිටේ
පාරු පදින රුව බල වෙරගං                       තොටේ

ගහක් කපාගෙන ඔරුවක්                   කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට                       දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත්           බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි            මුලාවෙන 

සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ                     මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ                     අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                  මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                 මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                  මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය          බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට                    පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක         ඉද්දේ


Thursday

ගොයම් කවි (Goyum kavi)

සරණයි සරණයි බුද්ධං                සරණයි
සරණයි සරණයි ධම්මං                සරණයි
සරණයි සරණයි සංඝං                 සරණයි
සරණයි සරණයි මේ තුන්             සරණයි

ඇසී නාද හඞ බඹරුගෙ                    ලීලා
පැසී ගොයම් පත් කිරට               නැමීලා
ගැසී සුළං වාතෙට ඉති                නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර              ලීලා

අලංකාර කෙත සැදුවේ                   රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ          කර
සුදං විජය පුරයක් වැනි සැම                වර
ගොයං සැදුණු සැටි අසනුය            විස්තර

Wednesday

නැළැවිලි කවි (Nalavili kavi)

දොයි දොයි දොයි දොයිය        බබා
බයි බයි බයි බයිය                   බබා

නුඹෙ අම්මා කිරට                  ගියා
කිරි එරවා එන්න                    ගියා
කිරි මුට්ටිය ගඟේ                   ගියා
ගඟ දෙගොඩින් ගලා              ගියා

අතට වෙරළු ඇහිද             ගෙනේ
ඉණට පලා නෙළා             ගෙනේ
බරටම දර කඩා                 ගෙනේ
එයි අම්මා                   විගසකිනේ

බාලොලි ලොලි          බාලොලියේ
බාල පුංචි ළමයින්                   නේ
අම්මා කොයිදෝ               ඉතිනේ
නිම්මාවක් නැත               උන්නේ

නුඹට පුතේ කවුරු                 තැලූ
ගම්මැදිවල ළමයි                   තැලූ
ඇයි ළමුනේ පුතුට                 තැලූ
අපිට තැලූ අපිත්                    තැලූ

දැතේ වළලුත්                 නැතිදෝ
දෙපයේ ගිගිරිත්               නැතිදෝ
අම්මා දැන් එයි               හණිකෝ
නාඬන් සුරතල්              මැණිකෝ

පුතේ නුඹේ ලොකු             අම්මා
අතේ වළල්ලක්                 දැම්මා
නැතේ අගය එහි               නිම්මා
පුතේ නාඬ                   නිදියම්මා

අත්තක පිපි මලක්            ලෙසේ
මුද්දක බැඳි ගලක්            ලෙසේ
සන්තක මගෙ පුතුගේ        ඇසේ
නෙත් දෙක මගෙ පුතුගෙ  දෙසේ

නුඹෙ අප්පත් ඉතා              කළුයි
නුඹෙ අම්මත් ඉතා              කළුයි
නුඹ නළවන මාත්               කළුයි
නුඹ විතරක්                තලඑළලුයි

වැනේලු කළු                  වැනේලූ
ගම් මැද්දට                   පෙනේලූ
කළූට                          බඩගිනීලූ
කළු අලකොළ                 ලිපේලූ

අඹර කුරක්කන්              කළුවේ
ගල යට පිටි කොයි         කළුවේ
රොටී දෙකක් උය           කළුවේ
අම්මට දීපන්                   කළුවේ

තවත් එකක් උය            කළුවේ
අප්පට දීපන්                  කළුවේ
මටත් එකක් දිය            කළුවේ
උඹත් එකක් කා            කළුවේ

උඩින් අන්න අහස       පෙනෙයි
අවට මිදුලෙ අව්ව         පෙනෙයි
රෑට පුතේ වලා             පෙනෙයි
නාඬා නිදියන්න                පුතේ

අතට වළලු කොහෙන්        දුවේ
පයට ගිගිරි කොහෙන්         දුවේ
ඉණට හවඩි කොහෙන්       දුවේ
දැනට නිදාගනින්                දුවේ

ලොවේ ළමයි බෙර           ගසතී
කළ හැළි කට බෙර           ගසතී
දඞු බෙර ගසමින්              නටතී
මගේ පුතා එහෙම              නැතී

ලොවේ ළමයි වැලි       කෙළිතා
වැලි මැන මැන දබර        වෙතා
මගේ පුතා එහෙම            නැතා
නාඞා නැළවියන්               පුතා

කන්දක් ගිනි     ඇවිල්ලෙන්නේ
හැන්දක් කිරි              බීපන්නේ
නැන්දත් නුඹ          නළවන්නේ
නින්දක් නිදියා              පන්නේ

කළූ මෙතන පිලේ        වැනෙයි
කළු අල කොළ වෙලේ  වැනෙයි
කළූට බත් ලිපේ              ඉදෙයි
වෙල් අල කොළ දුමේ     තියෙයි

ලොවේ ළමයි නඩු            කියතී
ගුටි අනිමින් සිර                කරතී
කැට කැබැලිති දඩ          ගෙවතී
මගේ පුතා එහෙම              නැතී

නුඹෙ අම්මා කොතන         ගියා
මානෙල් මල් විලට             ගියා
එතන විලේ පොකුණේ         යා
කැකුළු මලක් පිපුණේ           යා

කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේන් ඩේන් ඩේන්
අමුතු බාන්  බාන් බාන්
කපුටගෙ කටේ රන් මස්සයි
කපුටිගෙ කටේ වැල මදුලයි

කොට කොතලෙන් දිය බීලා පෑළ දොරින් උසී
කොරවක්කා, කොවාක් කොවාක්
කුරුටු පුවක් පුවාක් පුවාක්
දොරකඩ වැලෙ බුලාත් බුලාත්
බට පඳුරේ පුවාක් පුවාක්
පහළ වෙලේ කොකෙක් කොකෙක්
මට කිරි හැඳි දෙකක් දෙකක්

පුංචි පුතා            නැළවෙන්නේ
ටිකිරි සිනා           පෙන්වන්නේ
කිරි දත් ටික           බබළන්නේ
පුංචි සිනා               මතුවන්නේ

අත්තම්මේ නුඹේ               පුතා
වත්තක පොල් කලටි        කකා
කව්දෑ බොල කියන           එකා
උඩහ ගෙදර අගිටි              පුතා

ඔන්න පුතේ ගුරු             එනවා
තුට්ටු දෙකේ රා           බොනවා
කොක්කන පයි ගෙන      එනවා
අඞන ළමයි               අල්ලනවා

කන්දේ හිමයේ උන් බක       මූණා
අත්ත දෙකොන ඉඳ හා හූ      ගානා
අප්පා බොල ඌ වස බක        මූණා
ඔක්කොම ඇරගෙන යයි බක මූණා

උඩ නියරින් වැටී                ගෙනේ
මිටි නියරින් වැටී                ගෙනේ
කලවිටි බොල් පොලා        ගෙනේ
එයි අම්මා                    විගසකිනේ

අතට වළලු ගෙනත්              දෙමී
පයට ගිගිරි                ගෙනත්දෙමී
ඉණට හවඩි ගෙනත්             දෙමී
නුඹට දෙවියො පිහිට            දෙමී

ලොවේ පුතුන් බොහොම      ඇතා
වඩා නැළෙව්වත්                 අඞතා
මගේ පුතා එහෙම                නැතා
නාඞා නැළවියන්                   පුතා

ඔන්න බබෝ හොරු             එනවා
අඞන ළමයි                    අල්ලනවා
කරේ තියාගෙන                   යනවා
උන් විකුණා රා                 බොනවා


Sunday

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කනට නිසි අඟනෝ                    බැහැපල්ලා
ඇවිත් අපෙන් කවි සීපද                          අහපල්ලා
තරක් නොවී අඬ දබරත්                     නොකරල්ලා
කුරක්කනට අත කඩිනම්                        කරපල්ලා

කපා කුරක්කන් කමතට ගෙන                       ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි                            ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට                         ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි                         ආවා

කුරක්කනේ රුව කදිමයි                     බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන                      කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි                   තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ                      කරන්නේ

උතුරු දිගින් ඌරා හේනට                           එනවා
නපුරුකමට තුඹසේ කුරහන්                        එනවා
මිතුරුකමට මම ඌරා                            එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන                     දෙනවා

කපා කුරක්කන් කමතේ ගොඩ                කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ                  ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි                        හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා             ගැසුවා

බඳිති කඩුලු බැරි අලියන්                       නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම                    දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා                      ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක                  දෙන්ඩ

කුරක්කන් කපන ගෑනුන්ගේ                       අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ                   නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට                       කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ                  බැරියා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන              රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන           රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ             මගේ

කුරක්කන් කවි (Kurakkan kavi)

කුරක්කන් තුනයි වැපුරුවෙ                     අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                            රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම                        සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                         සුබාවේ

කුරක්කන් කපන වාරෙත් ආපි                       ළමා
නරක්කන් අව්ව මූණට තදයි                          ළමා
නළල් වටින් එන දාඩිය මුතු                         සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි        ළමා

අලසක් නැති ලෙසට කඩිනම්               කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර            කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු                නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ                කරපල්ලා

කැපූ කුරක්කන් කමතේ                        වනාලා
පදමට දමා බිම්මල පිට                       කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන                     හළාලා
අගනා බොජුන් සදමින් මුනි                     පුදාලා

පෝය සන්දියේ ඇහැළේ කැපු                  හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු                     හේන
වස් මාසේ වැපිරූ කුරහන්                         හේන
අපේ පිනටමයි පැසුනේ මේ                      හේන

ඇයි ලඳුනේ තනි හේනේ                   කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි                  ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර               දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට                 වරෙන්නේ

අපොයි අනේ මේ අහසේ                  කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන                 කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි              කුරක්කන්
මෙදා මහේ කාටත් නැත                   කුරක්කන්

රොටී තමයි අද රෑටත්                        උයන්නේ
මැටිය සේම ගුලි කර කර                   වඩන්නේ
පළහි සේම ලිප වට කර                  තියෙන්නේ
රොටී නිසාමයි දවසක                      නහින්නේ

මා කී දේ දෙවියන් බොරුවක්ම                නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි          නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද     පැසෙතී

Balangoda Traditional Kurahan Hena, Sri Lanka

කුරක්කන් කවි (Kurakkan kavi)

දුරුතු මහේදී කැලයට                                 වැදිලා
මසක් පමණ කල් කැලවල්                     කොටලා
මැදින් දිනේදී වල් ගිනි                                තබලා
කුරහන් ඉසිමුව කළුවර                               බලලා

හේනේ පැලේ මා විඳිනා                       සුරුක්කන්
ඌරෝ ඇවිත් වටපිට කරති                      සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                  මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                       කුරක්කන්

කටු ඇල්ලේ මගෙ හේනේ                    කුරක්කන්
වැට අහුරා ඌරන්ගෙන්                         වලක්කන්
කරගන්නට බැරි උන් මහ                      කුරක්කන්
ඌරෙනි නොකා පලයව් මගෙ               කුරක්කන්

එපෙති දෙපෙති මහ හෙනේ                   කුරක්කන්
මග යන්නෝ මට සරදම්                        කරන්නන්
එපෙති වෙන්ට කවුදැයි දළ                    නරක්කන්
කපා ගනිමු එක පෙත්තේ                      කුරක්කන්

අහස ගොරවලා වැහි එන                        අදික්කන්
ඇඟිලි ඉරිතලා රුව ඇති                         කුරක්කන්
එනව කීවාට නාවේ                               නරක්කන්
නෑනා නාවාට නාරිමි                             කුරක්කන්

කුරක්කන් ගෙදර හෙනේ                       කුරක්කන්
ගොල්ල ලපති ගමරාලගෙ                      කුරක්කන්
තුන්පෙති වෙලා කිරි වැදිලා                    කුරක්කන්
කපා දියන් මගෙ නෑනෝ                        කුරක්කන්

රෑ තිස්සේ මැසි මදුරුවො දුක්                        දෙනවා
සීතල සුළං වැදි වැදි කල් ගත                       වෙනවා
කුරහන් කන්ට එන සතුනුත්                      එළවනවා
එළිවන තුරා පැල්වල ගිනි                     මොලවනවා

අව්ව තමයි පිට දී ගෙන ඉන්න                           බැරී
වැස්ස තමයි කුරහන් වේළන්ට                          බැරී
තරහ තමයි පොඩ්ඩක් ඉවසන්න                        බැරී
පරහ තමයි බිඳි කුරහන් ගන්ට                           බැරී

වාරේ වැස්ස හොර නැතුවම                       වහින්නා
පාරේ තොටේ යන්ඩත් බෑ                     තෙමෙන්නා
ඇල පාරේ ගොයම් ටික නම්                   පැහෙන්නා
ඉහපු කුරක්කන් පැසිලා                              දිරන්නා

පිනිබර කුරක්කන් කිරි වදිනා                       වේලේ
ඉණි වැට කඩා එති ඌරෝ රෑ                        කාලේ
මිණි කිංකිණි හඬ පරදන උඹෙ                      තාලේ
වැනි වැනි කියා ඇදපන් සීපද                         තාලේ

අහසේ තරු සේම ගොවිතැන්                   කරන්නේ
පොළොවේ වැලි සේම බෝගත්                ඉසින්නේ
මගේ හේනමයි ඌරට                         පෙනෙන්නේ
විස්නු සමන් දෙවියෝ නඩු                       බලන්නේ

Tuesday

කළගෙඩි කවි (Kalagedi kavi)

ජන නැටුම් වර්ගයක් වන කළගෙඩි නැටුම් වලදී භාවිතා කරන කවි.
Kalagedi Natum is a folk dance. A pot is use in this dance. Females do this dance.

අහසට පිඹිනා එරන්                        කළේයා
පොළවට පිඹිනා භූමි                       කළේයා
රන්මසු දහසක් වටින                      කළේයා
නොබිදින් නෑනෝ මගේ                 කළේයා

පේළි සැදී අඟනෝ                         සැරසීලා
නීල වරල කුසුමෙන්                       ගවසාලා
කෝල නොවී සබ මැදට                    වැදීලා
බාල ලියෝ කළ පිඹිති                       සැදීලා

පටුවන් නළලත අඩ සඳ                  වන්නේ
දුටුවන් සිත් සතුට                         වඩන්නේ
සුරතල් කළගෙඩි දෑතට                  ගන්නේ
නැටුමෙන් සබ මැද කළය            පිඹින්නේ

පළඳවමින් ගෙන සේල                   සුබාවට
බොළඳ වඳන් කියමින් සබයේ               සිට
මෙළඳ රුවින් සොද අඟනන්            විලසට
තුසිත පුරෙන් ආවයි කළ                  පිඹුමට

උනා වරල පීරා බැඳ                        ගන්නේ
තනා බුලත් සඳුනුත් ගෙන                දුන්නේ
සිනා සෙවින් කවි රාග                 කියන්නේ
මනාපයෙන් කළ ගෙඩිය              පිඹින්නේ

KALAGEDI (VINYASA ACADEMY OF FINE ARTS)

Monday

ජන කවි (folk poems/ Jana kavi)

ඉරේ රුව බලන් ඉරගල වැටෙන                    කොට
සඳේ රුව බලන් සඳගල වැටෙන                    කොට
මලේ රුව බලන් අතු අග පිපෙන                    කොට
වැවේ රුව බලන් කොක්ගල පිරෙන               කොට

සොරබොර වැවේ එගොඩත් ඉන්නේ             වැද්දෝ
සොරබොර වැවේ මෙගොඩත් ඉන්නේ           වැද්දෝ
සොරබොර වැවේ දොගොඩම ඉන්නේ           වැද්දෝ
අපටත් නෙළුම් මල් අහුලන්නට                     දෙද්දෝ

නාලිය ලස්සනයි කටහඬ                          මොලකැටිය
නාලිය ලස්සනයි ඇඳි වතක                              ඉඟටිය
නාලිය ලස්සනයි යන ගමනේ                            සැටිය
නාලිය ලස්සනයි බැස නෙළන                      කෙකටිය

ඉණේ බලාපන් ඉනවට සේළ                           බලාපං
අතේ බලාපං අතවට ගිගිරි                                බලාපං
කරේ බලාපං කරවට මාල                                බලාපං
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි                     බලාපං

ජලේ යන්ට බැරි මැණිකේ ජල බොර               වෙනවා
මලේ යන්ට බැරි මැණිකේ රේණු                තැලෙනවා
ගලේ යන්ට බැරි මැණිකේ දෙපය                  රිදෙනවා
කවි කියන්නට බැරි මැණිකේ උගුර                රිදෙනවා

මව ගැන කියවෙන ජන කවි (folk poem about mother)

වැල්ලේ පිපෙන බිම්මල                 වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල             වාසනාවන්
පෝයදාට පුන් සඳ                          වාසනාවන්
ජාතිත් අපේ අම්මා                          වාසනාවන්

උඩින් යන්න රන් තැටියක්                 ලැබීයන්
බිමින් යන්න මුතු කුඩයක්                  ලැබීයන්
තනිවම යන කලට පිරිවර                   ලැබීයන්
අපෙ අම්මා ජාතිත් මට                       ලැබීයන්

ඉර පායා ඉර මුදුනට එන්න                       එපා
සඳ පායා සඳ මුදුනට එන්න                       එපා
පෑදි දියට බොර දිය එක් වෙන්න               එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න             එපා

කුකුළා නැති ගෙදර එළිවෙනවා         නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා            නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා       නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා            නොදැනේ

නෙතට විල තමයි කඳුලැලි                     වැගිරීම
කයට බල තමයි රස ඇති කිරි                       බීම
මරුට බල තමයි ලෙඩ දුක්                    පැමිණීම
දුකට මුල තමයි වැදු මව්                        නැතිවීම

පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි  බොම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි         අම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වා වම්මා
සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්           අම්මා

මල්ලියි මමයි තනි පාරේ යන                   කළට
බඩගින්නක් ඇල්ලුව අපි                    දෙන්නාට
බඩගිනි කියා කොයි අම්මගෙ ගෙට          යන්ට
යමන් මලේ අම්මා වැලලූ                       තැනට

මල්ලියේ ඔහොම නොකරන් අපෙ         අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප                 දෙන්නාට
තිබෙන දෙයක් දෙන්නෙත් අප           දෙන්නාට
බුදුන් වදින ලෙස වැදපන්                      අම්මාට

Thursday

තේරවිලි කවි / Theravili kavi

ටං ටං ගාන්නා තෝරා                         එවාපන්
ටිං ටිං ගාන්නා තෝරා                         එවාපන්
මඟ වැලි පිසින්නා තෝරා                    එවාපන්
දෙගංබඩ රජා තෝරා                          එවාපන්

ටං ටං ගාන්නා ගෝනා                   නොවේදෝ
ටිං ටිං ගාන්නා ලේනා                    නොවේදෝ
මඟ වැලි පිසින්නා කුකුළා              නොවේදෝ
දෙගම්බඩ රජා කිඹුලා                    නොවේදෝ

ගෙයින් ගත්ත ගෙඩියේ නම                දන්නවද
හිදෙන් ගත්ත ගෙඩියේ නම                 දන්නවද
රටෙන් ගත්ත ගෙඩියේ නම                දන්නවද
පිස්සු වැටෙන ගෙඩියේ නම                දන්නවද

ගෙයින් ගත්ත ගෙඩියේ නම             කලගෙඩිය
හිදෙන් ගත්ත ගෙඩියේ නම                වංගෙඩිය
රටෙන් ගත්ත ගෙඩියේ නම             හක්ගෙඩිය
පිස්සු වැටෙන ගෙඩියේ නම              රහුගෙඩිය

Wednesday

ජන කවි (jana kavi)

මොනරාගල ජනකවියක්

ගල මුදුනේ පැන නැඟුණේ පින්                   බෝදී
මහ පාරේ යන එන්නොත් වඳිති                    නැමී
ළඟට ගොසින් මල් පූජා කරති                     පෙනී
මොනරාගල හැමට ම වැඩියෙන්                 උතුමී

තෙතඟු කවියක්

සිංදු කියන අපි සැමදෙන කැලණිය වැඳලාත්          තෙතඟු
ධාතු සොඳට පෙති පිලිමත් දෝතින් වැඳලාත්         තෙතඟු
ස්වර්ණ හංස තිලකේ සිරිපාදය වැඳලාත්                තෙතඟු
එන මෙත්තේ බුදුන් දකිමු සිරි පා වැඳලාත්             තෙතඟු

කරත්ත කවි (karaththa / karatta kavi)

හපුතලේ යන්ඩ යනකොට කඳු            බොහොමා
ඒවා අදින්නට හරකුන් නැති                        හේමා
පිනට පවට අපි ඉපදුණෙ මෙහෙම                 තමා
පව් කළ ගොනෝ ඇදපන් යන්තමට              තමා

ජන කවියක් (jana kavi)

නැන්දේ මාමට බඩගිනි                  නැද්දෝ
රෑ ඉවු හැලියේ දංකුඩ                     නැද්දෝ
ඒවා කන්නට දීකිර                        නැද්දෝ
දීකිරි නැත්නම් කොහොමට            කද්දෝ

දිය බත් -  රාත්‍රියේ ඉතිරි වූ බත් දංකුඩ වලට පසුදා උදෑසන දීකිරි, ලුණු, ලූනු හා මිරිස් දමා සකස් කර ගනී. මෙය රසවත් මෙන්ම ගුණදායක ආහාරයකි.

කුරක්කන් කවි (Kurakkan kavi)

මෙදා හේනෙ පැහිලා ඇත             කුරක්කන්
රන්වන් කරල් බර වී ඇත              කුරක්කන්
ඌරන් නොකෑවොත් හේනේ        කුරක්කන්
බඩගින්නට අවුසදයකි                   කුරක්කන්

Tuesday

නැලවිලි කවි (Nalavili kavi)

අතට වළලු කොහෙන්          පුතේ
පයට ගිගිරි කොහෙන්           පුතේ
ඉණට හවඩි කොහෙන්         පුතේ
දැනට නිදා ගනින්                 පුතේ

පුතේ නුඹේ ලොකු              අම්මා
අතේ වළල්ලක්                  දැම්මා
මෙසේ මියුරු              තෙපලම්මා
පුතේ නාඬා                   නිදියම්මා

නුඹෙ අම්මත් කළුම             කළුයි
නුඹෙ අප්පත් කළුම             කළුයි
නුඹ නලවන මාත්                කළුයි
නුඹ විතරක් සුදුම                   සුදුයි

උපදේශාත්මක කවි (Upadesha kavi)

සිලුත් අරන් බොරු කිව්වොත් ලොවට       දගේ
මලුත් පුදා ගල් ගැසුවොත් මොකද            අගේ
බණත් අසා සිල් රැක්කොත් නොවෙද        අගේ
අලුත් පිටට ගෝනි කැදලුවා                     වගේ

ලියට ආභරණ හොඳ කල්                     කිරියාව
හොඳට සිටින එකවද යස                      සිරියාව
එමට වස්තු තිබුණට ගොඩ                    මඩයාව
කුමට ලියට නැති වුනි නම්                    කිරියාව

නැගිය නොහැකි නැතියෙන් ගතෙහි        වාරුව
ලැගියා තැනින් තැන අඟුවල                  අසීරුව
නොගියා මෙන් ගෙවී පව් කරපු                පූරුව
දුගියා හටය කවදත් හැම                      අමාරුව

කොතනද පද එතනට වෙයි දිය                 රාසී
කොතනද මීය එතනට වෙයි බිඟු               රාසී
කොතනද පාන එතනට පලඟැටි               රාසී
කොතනද කාසි එතනටමයි සැම               වාසී

බණ දන්නෝ ලොව සතහට බණ           කියතී
අණ දන්නො රජ සෙවණේ වැඩ             කරතී
වග දන්නෝ ලොව සතහට පිහිට             වෙතී
උඩ පැන්නොත් විගසට උල් පිට              ඉදිතී

වෙල් යායක ගොන් බානක් කකා             උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි   වැනී
වලිගය ඇති ගොනා මැස්සන් හට බැට       දුනී
දුප්පත්කමත් වලිගය නැති ගොනා            වැනී

Sunday

උපදේශ කවි / Upadesha Kavi


බස්සා නිදි මරයි කිසි හොරකමක්             බැරී
බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක්       බැරී
ඌරා මඩ හෑරු මුත් වැපුරුමක්                 බැරී
සිවලා සිංහ වෙස් ගත්තද නාද                   බැරී

ඇතා ගලට දළ දුනිනම් එගල                  බිඳේ
ගලතද නම් ඇතුගේ දළ මුලින්                බිඳේ
යාළු ගෙදර නිතරම නොයත් මිතු            සඳේ
ඇතු දළ බිදුණු ලෙස යහළුගේ සිතත්       බිඳේ

බීරෙකු හට ගොළුවෙකු පිම්බාය            හකක්
ඒක ඌට නෑසී කී වෙනින්                     එකක්
කාසි ගන්ට පිම්බයි යළි නාද                දෙකක්
ඌට කන්න ඉල්විය ඒ හකෙන්             ටිකක්

පීල්ලේ දියට කලයක්                       නැමුවත්
නොපිරෙයි කළේ සැට පැයකින්        බැලුවත්
පින්මද එකා බණ දහමින්                 වෙලුවත්
උගේ ගතිය ඌ නාරියි                      මැරුවත්

ජලේ ගැඹුර නොපෙනෙයි කැලත වැඩි වෙලා
ගලේ වපුල බිජුවට පැලවුණි ද                බලා
දෙවේලේ දකින කුකුළගේ කර               මලා
එවෙලේ පෙනෙයි සක සේම සුදු           වෙලා

එගොඩ ගිය ඔරුව මේ ගොඩ පැද           එනවා
දෙගොඩ තලා යන වතුරත් බැස             යනවා
යකඩ උනත් කලකදි දිරලා                    යනවා
සොකඩ දාදුවත් දිනුමට පෙර               ලෙනවා

වනක කුසුම් පිපුනත් රොන්               විහිදෙන්ට
ඒ දැක රොනින් කිම පල නිල            මැස්සන්ට
කනක කොපුවෙ ලූවත් කල්               පවතින්ට
සුනඛ නඟුට බැරි ඇද ඇරලා                    ගන්ට

Thursday

පැල් කවි / Pal Kavi

සිය පා සතෝ තෝ පාගා මරයි                 හෙට
පිට ගැට කුදෝ කීවේ කවුද                         තට
කුස පණ නැති එකෙක් අඬ ගා කීය             මට
දත සුදු මාමෙ මා අරගන් ගහ                   උඩට

කිරල හිඹුටු වැල් කුඹුරේ                    පැලේයා
කිරල ගඳට එති ඌරෝ                       රැලේයා
කතා නොකර ලැගපන් ගෙයි             පැලේයා
කතා කළොත් ඇදගෙන යයි             කැලේයා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස               පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු            පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල්           පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත්          බෙදනවා

කුකුළා නැති ගෙදර එළිවෙනවා          නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා             නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා        නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා             නොදැනේ

ඉර පායා ඉර මුදුනට එන්ට                          එපා
සඳ පායා සඳ මුදුනට එන්ට                          එපා
පෑදි දියට බොර දිය එක් වෙන්ට                  එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට                එපා

වැල්ලේ පිපෙන බිම් මල                   වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල                වාසනාවන්
පෝයදාට පුන් සඳ                            වාසනාවන්
ජාතිත් අපේ අම්මා                            වාසනාවන්

සල් සල් විසල් සල් ගෙඩි ඇත කැළේ            වට
ගල් ගල් විසල් ගල් ගෙඩි ඇත පොළොව       යට
මල් මල් විසල් මල් ගෙන යති මුණි              පුදට
පැල් පැල් විසල් පැල් රැකුමත් සැපයි             මට

මා බාලේ ඇතිකල තලගොයි                    පැටියා
මට තනිවට මිදුලේ කෙළ කෙළ                 සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය                   සැටියා
නිවන් පුරේ පලයන් තලගොයි                  පැටියා

නෙළුම් කවි / Nelum Kavi

මාගල් ගමු මෙතැන                 එළමු
පත්කොළ ගමු පෙළට              ඉඳිමු
බත් බෙදවමු හොදි               බෙදවමු
පටන් ගනිමු කන්ඩ                  බලමු

නතර කරමු ඉවර                     කරමු
වතුර ගනිමු අත්                    සෝදමු
පුවක් ගනිමු බුලත්                   ගනිමු
විටක් හපමු යන්ඩ                    බලමු

රන් දෑකැති ගෙන නිති    සැරසෙනවා
රත්රන් පටි ඉන වට         දිලිසෙනවා
රිවි දුටු පිණි බිඳු ලෙස පහ      වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්   කපනවා

Wednesday

රබන් පද /Raban pada

කවුදැයි කවුදැයි රණ්ඩු        කරන්නේ
නැන්දයි මාමයි රණ්ඩු         කරන්නේ
මොකටද මොකටද රණ්ඩු   කරන්නේ
දුංකොළ නැට්ටට රණ්ඩු      කරන්නේ

එගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
මෙගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
එගෙයි පැටික්කියි මෙගෙයි පැටික්කියි
අත්වැල් බැඳගෙන
දොං තරිකිට තා - දොං තරිකිට තා

හොඳ හොඳ කුක්කං
ගමගෙට දක්කන්
තෙමිච්චි කුක්කං
ලොක්කන් බක්කන්
කොළඹට දක්කන්

නාග පෙනේ නයි දෙරණේ නයින් ගෙනෙනවා
බුරුම රටේ කුමරු ඇවිත් ධර්මෙ       දෙසනවා
ඒ කුමරුන් යන එන තැන පියුම්       පිපෙනවා
තාක්ක දොං දොං කියමින් ඉඳන්        ගහනවා

උපදේශාත්මක කවි /Upadeshathmaka kavi

අඩු කළේ වතුර සැම විට ම                           සෙලවෙන
එම කළේ පිරුණු කල නොසැලෙයි                   එ මෙන
තම තොලේ අකුරු ගා ගත් මද                          පෙළන
දද බලේ උඩඟුවයි පඞි නැත                               එමෙන

අණ කඩ කෙරුම වදයකි ලොව රජුන්                     හට
බුහුමන් නොකිරීම වදයකි                              තවුසනට
හිමි තනියම නිඳුම වදයකි අඹුව                               හට
අවියෙන් තොර වදය මේවා මේ                            අයට

අත මිට ඇති එකා කාබී සියලු                                වරේ
කෑ කෝ ගගා උඩු මහලේ දමති                             හුරේ
එල්ලා ගත් එකා දුගිකම නමැති                           බෙරේ
එක බත් කටක් දිය උගුරක් නැතිව                        මැරේ

අතමිට හිඟ වූ කල දි කොයි කවුරුත් අහක            බලයි
වාසි ඇතොත් හෑම විට ම නෑදෑ හිතවතුන්             වැලයි
ගංගා ඇළ දොළ දිය කඳ හැමදා මුහුදට                  ගලයි
වාසි ඇතොත් ඒ තැනටම කොයි කවුරුත් බැලුම්    හලයි

අන් බලේ අරන් යම් සටනකට                        නොයන්
පින් බලේ කරන අය හට ඇද                       නොකියන්
දුම්මලේ සිඳපු තෙල් ගා කැලේ                       නොයන්
කම්මලේ තරම තිරමට වැඩි                              වෙයන්

Thursday

JANA KAVI - Oru (paru) Kavi by Saman Lenin - ඔරු (පාරු) කවි - සමන් ලෙනින්

කමත් කවි / Kamath kavi

මේ කාගේ දෝ               කමතා
පසේ බුදුන්ගේ                කමතා
පසේ බුදුන් දුන්නු              බැතා
අද පුරවන් මේ                කමතා

මේ කාගේ දෝ                කමතා
ඉරු දෙවියන්ගේ              කමතා
ඉරු දෙවියෝ දුන්නු           බැතා
අද පුරවන් මේ                 කමතා

මේ කාගේ දෝ                 කමතා
සඳ දෙවියන්ගේ                කමතා
සඳ දෙවියෝ දුන්නු             බැතා
අද පුරවන් මේ                  කමතා

මේ කොතැනින් ගෙනා            ගොනා
කතරගමින් ගෙනා                   ගොනා
කොළ මඬනට හොඳ ද             ගොනා
කොළ මඬනට හොඳයි             ගොනා

බුද්ධං සරණේ ද                   බලේ
ධම්මං සරණේ ද                   බලේ
සංඝං සරණේ ද                    බලේ
මේ කමතට බුද්ධ                 බලේ

අං දෙක රං බන්ද               ඤ්ඤයි
කන්දෙක මේවරල             ඤ්ඤයි
සොඬරේ මුතු අමුණ          ඤ්ඤයි
රූබර කොළ මඩව             ඤ්ඤයි

ගොනුගෙ කරේ රන්         නැටිල්ල
මඟේ පයේ රිදී                     විල්ල
කමත වටේ                 කරකැවිල්ල
දණක් එරෙයි                 ආරවැල්ල

ඇතත් දුටිමි බැතත්                දුටිමි
බැත පිට ඉඳ මූද                    දුටිමි
මූදේ කර දියත්                     දුටිමි
ඇතෙක් උසට බැතක්            දුටිමි

Tuesday

ගොයම් කවි /Goyam kavi

අලංකාර කෙත සැදුවේ                                           රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ                                  කර
සුදං විජය පුරයක් වැනි සැම                                        වර
ගොයම් සැදුන සැටි අසනුය                                   විස්තර

නැගුණේ කොළ පෙත්තයි දියමතු                              පිට
යෙදුණේ  නිල් පාටින් එක                                    තරමට
වරුණේ බැරි නිම කරන්ට                                      ඈතට
බෙදුණේ කොළ ඉති දෙක තුන්                              දවසට

කුඹුරු පුබුදු මල් සුවඳයි හැම                                      විට
බඹරු ඇවිත් රොන් ගෙනයති                                උදයට
මදුරු කිඳුරු නද හැඩවෙති                                   වාතෙට
නැඹුරු වෙලා ඉති ගෝමර                                    තරමට

දෙයියන් අණ සැම තැන                               පවතින්නේ
කොයියන් අයගෙත් දියුණ                               සදන්නේ
මයියන් දැන කවි පද                                     පවසන්නේ
දෙයියන් වැඳ අවසර අර                                    ගන්නේ

Monday

කමත් කවි / Kamath kavi

උඩ දරාඬ උඩ                             කමතේ
යඩි දරාඬ යටි                             කමතේ
කමත් හතක තිබුණ                      බැතේ
අද පුරවන් මේ                            කමතේ

උඩ අහසේ තරු                              ගානේ
බිම පොළොවේ වැලි                      ගානේ
මහ මුහුදේ රැළි                               ගානේ
බැත වැටියන් ඒ                              ගානේ

ගොනු යන්නේ කඳු                          උඩලූ
අපි යන්නේ                              පාබොඩලූ
ගලතන්නේ වෙළ                             වළලූ
පළඳින්නේ කිරි                                පබලූ

උදයට පායන හිරු                   දෙවියන්ටයි
සවසට පායන සඳ                    දෙවියන්ටයි
සතර සයුරෙ වෙසෙනා            දෙවියන්ටයි
සතර වරම් දෙවියෝ පින්                ගන්ටයි

Thursday

ඔළිඳ කවි / Olida Kavi

හතේ මුලට මුල වළ                                   කෙළපන්නේ
අතේ ඔළිඳ තොර නැතිව                              කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතිව                            බලන්නේ
දෙන්නා දෙපිළ ඉඳ ඔළිඳ                              කෙලින්නේ

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි                           දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි                                      දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි                           දේසේ
ගෙනත් සදන්නේ සිංහල                                      දේසේ

ඔළිඳ වැපුරුවද බල කොයි                                 නෑනෝ
එක් පෙති වෙච්චද බලකොයි                              නෑනෝ
දෙපෙති වෙච්චද බලකොයි                                නෑනෝ
තුන් පෙති වෙච්චද බලකොයි                             නෑනෝ

රෑන් ඇදිච්චද බලකොයි                                     නෑනෝ
ගසට පලිච්චද බලකොයි                                   නෑනෝ
මල්හට ගත්තද බලකොයි                                  නෑනෝ
පලුහට ගත්තද බලකොයි                                  නෑනෝ

කිරිසල් වෙච්චද බලකොයි                                නෑනෝ
ඔළිඳ පැහිච්චද බලකොයි                                  නෑනෝ
ඔළිඳ කඩන්නට අපි යමු                                    නෑනෝ
ඔළිඳ කඩන්නේ මොකෙන්ද                             නෑනෝ

ඔළිඳ කඩන්නට මොකද                           ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙක්ක                        ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද                         ගෙනෙන්නේ
රත්තරනෙන් රන් පෙට්ටි                          ගෙනෙන්නේ

කෙක්ක වෙලන්නට මොකද                      ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙන්ද                          ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද                          ගෙනෙන්නේ
රත්තරනේ රන් පෙට්ටි                               ගෙනෙන්නේ

කෙළිමු ඔළිඳ අපි දෙපිල                                     බෙදීලා
කියමු අමුතු රස බස්                                          අගවාලා
බලා මදෙස දැක බැරි                                        පිටුපාලා
පිරිමි සිටිති කිවු දෙපස                                        බෙදීලා

දොඩම් කපාලා ඇඹුල් තනලා
                                         නාන්න යන සැටි  බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා
                                             මිදුලේ සක්මන් කරයි කලූ
දහසක් දීලා වළලු තනාලා
                                                 දෑතේ අතලා බලයි කලූ
දුනුකේ මලසේ උළුගෙයි ඇඳපිට
                                       ඔළිඳ කෙළින සැටි බලන් කලූ

Wednesday

ගොයම් කවි / Goyam kavi

රිදියෙන් තනලා රත්රන් ඔපලා කැරලි කෙටූවයි                දෑකැත්තේ
සුරතට රං වං රැළි නංවාලා කදිමට දිලිසෙයි                      දෑකැත්තේ
අඩියෙන් අඩියට තාල තියන්නට සබයෙන් අවසර ලැබ          ගත්තේ
සතර වරම් දෙවියන්ගේ බලයෙන් ගොයම් කපමු අපි         දෑකැත්තේ

පුන්සඳ වටතරු පෑවූ                            විලසට
පෙම්බර අඟනෝ බැසලා                    කුඹුරට
රන් කැති මාරුව දමමින්                      අහසට
නංගිලා දුරුවෙනු අහුරෙන්                   අහුරට

උදේ සිටන් අපි තුනටි නමාගෙන මන්දැයි දෑසට                         නොපෙනෙන්නේ
රජුගේ වැඩක් දෝ ගොවිගෙ වැඩක්දෝ කසපැන් ගෙඩියක්          නොලැබෙන්නේ
හක්ගෙඩි නැතිවද නළාව නැතිවද ඉර මුදුනේ වැඩ                                 නාරින්නේ
උඩහ වලව්වේ නිලමෙට කියලා කයිය නතර කර අපි                                යන්නේ

Tuesday

රබන් පද / Raban pada

රන්මල් තරිකිට තා
රිදිමල් තරිකිට තා
රන්මල් රිදි මල් පූජා කරන්ට
දොංකිට තරිකිට තරිකිට තා
දොංකිට තරිකිට තරිකිට තා

අත්ක රතු මල් - අත්තක සුදු මල්
වලුමල් බෙලි මල් - රෑන කිතුල් මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
රත්ගම නැන්දට පිපිච්ච රතු මල්
ඔන්න ඔන්න මල
මෙන්න මෙන්න මල
මොකද මොකද මල
සමන් පිච්ච මල

කැත්තක් අරගෙන වත්තට යනකොට 
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
ලංසි පැටව් මූදු යන්න නැවක් හදනවා
තක දොං නැවක් හදනවා

ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිද ගුදන් තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉද එතනින් හීන් හඩින් හඩතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොත කොක් ගගිති ගතෙයි

කොක්කු දෙදහසක් ඇවිදිං පුත්තලමේ දොං
තවත් දෙදහසක් ඇවිදින් අතරමගදි දොං
කොකා කරපු නින්දාවට
කෙකී ගියයි වෙල්මාවට
කොක්කු පුතේ කොක් වළල්ල
උදළු මිටේ රිදී විල්ල
ටිකක් නටාපන් බලන්න








   

Monday

සිංහල ජන කවි

කම්මල් කවි

අඟුරු කොටලා කම්මලකට                      එති 
ඉඳගෙන පිල පිට ගිනි මොලවා                දෙති 
තලවති නළවති පණ පිහිටා                     දෙති 
ඉඳා මෙන්න ගෙයි තිබුණා                   දෑකැති  

Sunday

ගොයම් කවි / goyam kavi

වරම් ගතිමි ඉර සඳ දෙවි අතින්                              වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින්                             වරම්
වරම් ගතිමි සක්වළ දෙවි අතින්                             වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුන්ගෙ                        වරම්

යකඩෙන් වානෙන් සිරි බරදීලා
                                   සොඳට සැදෙව් මගේ දෑකැත්තේ
ඇත්දත් වලිනුත් මිට ලියවාලා
                                     රිදියෙන් කරවපු වැඩක් වෙතේ
රන්වන් දෑකැති සුරතට අරගෙන
                                      රන්වන් ගොයමට ළඟා වෙතේ
අඩියෙන් අඩියට පේලි සැදීලා
                                        ගොයම් කපමු අපි දෑකැත්තේ

අගට රිදී සුරයෙන් වැඩ                                       කරලා
මුලට යකඩ සුරයෙන් වැඩ                                  කරලා
මැදට ගැබේ හැර ගිගිරි                                       දමාලා
මේ ලෙස දෑකැති වැඩ නිම                                 කරලා

අඟුරු කොටාලා කම්මලකට                                 එති
ඉඳගෙන පිට පිට ගිනි මොලවා                            දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉදෙ මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

එදා ගණන් ගෙයි තිබුණා                                  දෑකැති
බෙදා රැගෙන නුඹෙ නෑයෝ ගෙන                       දෙති
තලවති නළවති පණ පිහිටා                                 දෙති
ඉඳා මෙන්න ගෙයි තිබුණා                               දෑකැති

සිංහල ජන කවි / Sinhala jana kavi

දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන්              විතර
ලොකුවට සිටින අයගෙන් නැත කිසිම          වර
තිබහට වතුර බොන්නට සුළු ලිඳ               විතර
කිසි විට පිහිට නැත ගැඹුරැති මහ               සයුර

කොල්ලන් ගසට ඇර ගස මුල        නොසිටිල්ලා
බල්ලන් බුරා එන විට දුව               නොපනිල්ලා
සෙල්ලන් කඩේ බඩු තරගෙට        නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිෂ්ඵල වෙයි       දැනගල්ලා

දුප්පත්කම කාට කාටත්                          ඇතිවීම
ඇත්තක්මය ඒ ගැන කුමටද                     දුක්වීම
එක්සත්කම සමග තිබුණොත්                ගුණදාම
දුප්පත්කම මැකෙයි රිවි දුටු පිණි                 සේම

ගොහොරු මඩේ පය තදකර යන්ට              එපා
පාරැ පදින සයුරේ පීනන්න                          එපා
මෝරු සමග අමු මස් වළඳන්ට                    එපා
මාරු වුණත් උගතුන් හා වාද                        එපා

කෙල්ලෝ කුඩාකල සෙල්ලම් බත්             පිසතී
කොල්ලෝ වැල්ලේ ඉඳ බොරු වලවල්     කපතී
ගුල්ලෝ ලී අරටු විදිනට තැත්                     දරතී
බල්ලෝ හඳේ සෙවණැල්ලට උඩු              බුරතී

බස්සා නිදිමරයි ඌ කරනා වැඩ                  නැතී
බළලා කපු කටියි ඌ වියනා රෙදි               නැතී
වඳුරා මහලු මුත් පොළොවේ ගමන්            නැතී
සිවලා සිංහ වෙස් ගති පසුව                  රැවටෙතී

දහසක් දෙන සිටින සබ                          මැද්දේ
අකුරු උගත් අයමයි                           පරසිද්දේ
අකුරු නොදත් අය ගොන්වැනි               බැද්දේ
උගත මනා දෙයමයි තම                         ලද්දේ

පොහොසත්දා ඇඳ ඇතිරිලි කොට්ට            ඇතී
දුප්පත් දාට ඉන්නට සෙවණකුත්                නැතී
ඇතිදා කන්ට නැති නෑයෝ ගණන්              ඇතී
මැරුණු දාට පණුවෝ මිස කාත්                 නැතී

පැණි රසත් තිත්ත වෙයි සිත්               කෝපයට
බලවතත් දුබල වෙයි ලෙඩ                  රෝගයට
ඇස් ඇතත් දෝස නොපෙනෙයි             රාගයට
හිතවතත් නොහොඳ වෙයි සිත්            උඩඟුවට

සූරිය උදාවන තුරු පිණි                         බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ                   සෙලවිල්ල
මාරුව බල බලා සිත යට                   කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්             රැවටිල්ල

Thursday

Nelum Gayana - Sahan Ranwala

නෙළුම් කවි / Nelum Kavi

සතුට කියමි වදනක් සිතු සේම                         අසනවට
සතුට වඩා පිළිගනු එය සමාවෙලා                            මට
කෙතට බසින්නට පළමුව වැඳගෙන                    සුරිඳුට
පිහිට රැගෙන මිස නොබසිනු අද මේ                  කුඹුරුට

බැතින් නමදිමි මුනිදම් සඟ තුන්                       රත්නෙට
වරන් දෙවන ගතිමි ඇයද සැම දෙවියන්                    හට
මෙමන් අතේ ඇති හැම දොස දුරහැර                  ඉවතට
දෙවන් සුරිදුනේ අවසර බසිනට                          කුඹුරට

ගුවනේ ගතේ ඉර සඳ දෙවි අතට                     තහන්චිය
එමන් දෙරණ මිහිකත් අනුහසින්                     තහන්චිය
වටින් එසිවුවර දෙවි අනුහසට                         තහන්චිය
අතින් ගොයම් අල්ලන්නට කළෙමි                 තහන්චිය

ඔකඳලියෝ ඔය උණ පඳුරේ යට
                                    උණ මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය බට පඳුරේ යට
                                      බට මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය සපු පඳුරේ යට
                                      සපු මලදෝ ඔය කැරකැවෙනා
ඔකඳලියෝ ඔය මල් පඳුරේ යට
                                     තල මල දෝ ඔය කැරකැවෙනා

බාල ළමාවරු නෙළුමට කැන්දන
                                       ඔමරි කතාවෙන් පසු වෙන්නේ
නෙළන්ට සැරසී එන අඟනන්ගේ
                                                ඉස පීරා මල් ගවසන්නේ
නෙළන්ඩ බැරි අය කුමටද එන්නේ
                                         දෑත රිදෙන සේ පසු වෙන්නේ
ලැජ්ජාවට කවි සින්දු කියාගෙන
                                     නෙළුම එතෙක් කරලයි එන්නේ

Wednesday

උපදේශාත්මක ජන කවි

වතුර කළේ නොවසා නොතබනු                               ගෙදර
සිටි සෙවනේ අතු නොකඩනු කිසිම                               වර
අද කළ යුත්ත අද කරනුය කල්                             නොහැර
කෙන්දක් දැක මුසා නොකියනු කන්ද                           කර

වඳින්නට ගිය දෙවොල හිස මත වැටුණු                     ලෙස
කළ නොහොඳ නම් කළ ගුණයත් වෙනව                    විස
ඌරගෙ මාළු ඌරගෙ පිට කපන                               ලෙස
අවි ගත් අයට ඒ අවියම වෙයි                                    අයස

වලි කුකුළා වලි අතටයි                                       අඬන්නේ
ගං කුකුළා ගං අතටයි                                          අඬන්නේ
මී දෙන් ඇවිත් කණු පොළටයි                             අඬන්නේ
අම්මා කෙනෙක් දරු දුකටයි                                අඬන්නේ

ගසක් වැවෙනු ඇත බලයෙන් එගස                            මුලේ
වැලක් එතෙනු ඇත අදිමින් රසය                                අලේ
මසෙක් වැඩෙනු ඇත රසයෙන් මුහුදු                           ජලේ
අයෙක් රැකෙනු අැත හොඳනම් ඔහුගෙ                    මොළේ

කිසිවෙකු හටත් පල නැති දිවි පෙවෙත                         යෙදී
සියවස මෙලොව විසුවත් කිම ද පල                                විඳී
අන් අය එදන ගරු නොකරති නොවෙති                         ළැදී
කළු ගල් රැගෙන කිසිවෙක් මුදුවල                           නොබඳී

Tuesday

Saravita Aurudu Raban

රබන් පද / Raban Pada

හොඳහැටි අහපං අහගෙන හිටපං 
කොහෝ කොහෝ හඬ පැතිරෙනවා 
එරබදු ගස් වල එරබදු මල් ඇත 
සිංහල අවුරුදු ළඟ එනවා 

වත්තෙ නැන්දගෙ රෙද්දෙ තුත්තිරි
සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත්
තිත්තමයි හැම දෙයියනේ

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
දෙකෙන් බැද්දත් කොබෙයියා

රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට
ගෑනු හරක් බදිතෙයි තෙතෙයි තෙයි
ගෑනු හරක් බදිතෙයි
මදු කොළ අහුරක් මිටට කඩාගෙන
ඉදෝ  ඉදෝ කියතෙයි - තෙතෙයි තෙයි
ඉදෝ ඉදෝ කියතෙයි
බාන් පොටක් ගෙන කරට දමාගෙන
කදුරු ගහේ බදිතෙයි - තෙතෙයි තෙයි
කදුරු ගහේ බදිතෙයි
මෙච්චර මේ රට පිරිමි සිටිද්දිත්
ගෑනු හරක් බදිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු හරක් බදිතෙයි

රාන් කිරිල්ලියෙ රාන් කිරිල්ලියෙ
රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
නූලක් මතුරල දෙන්න කියාපිය

අත්තක රතු මල් අත්තක සුදු මල්
වලු මල් බෙලි මල්
නැන්දගෙ වත්තේ රෑන කිතුල් මල්
තකදොං තිරිකිට තකදොං තරිකිට
කතදොං තකදොංතා

තුං තුඹ මල් තුනක් ගන්ඩ
තිත්ත කැකිරි දෙකක් ගන්ඩ
පස්කුළු බඩු මිටක් ගන්ඩ
රටකජු මද දෙකක් ගන්ඩ
වර මැණිකෝ අද නටන්ඩ
වර මැණිකෝ අද නටන්ඩ

Monday

ජන කවි / Sinhala Jana Kavi

සාමාන්‍ය ජනයා අතරේ  ඇති වී ඔවුන් අතරේම ආරක්ෂා වී පැවතුණ කවි ජන කවි වේ. ජන කවි නිර්මාණයේ කළේ සාමාන්‍ය ගැමි ජනයායි. ඔවුහූ තම ජීවන අත්දැකීම් ඇසුරෙන් කවි නිර්මාණය කළෝය. ජන කවි වලින් පැරණි ජනයා ජීවිතය දුටු අන්දම, ජීවිතය ගැන ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ සිතුම් පැතුම්, ඇදහිලි, විශ්වාස, ජීවනෝපායන්, දුක සතුට ආදී සියලු හැගීම් අව්‍යාජව පෙන්නුම් කරයි.

මෙම කවි ගැමි වහර මුල් කරගෙන ඉතාම සරල බසින් නිර්මාණය වී ඇත.  ජන කවි විවිධ ලෙස වර්ග කිරීමට අපට හැකිය.

මිනිස් ජීවිතයෙහි උපත, විවාහය වැනි අවස්ථා ගැන කියවෙන ජනකවි.

ආගමික සහ ජාතික වශයෙන් වැදගත් අවස්ථා වල ගැයෙන කවි.

උපදේශාක්තමක කවි.

ගොවිතැන, පතල් කර්මාන්තය, පාරු පැදීම වැනි විවිධ වෘත්තීන් හා සම්බන්ධ කවි.

තේරවිලි කවි.

මේවර කෙළිය, ඔළිද කෙළිය, ලී කෙළි, එළුවන් කෑම, රබන් වාදනය වැනි විවිධ ක්‍රීඩා වලදී ගැයෙන කවි.

බලි තොවිල්, ශාන්ති කර්ම ආදියෙහි ගැයෙන කවි.

Sunday

කරත්ත කවි (Karaththa kavi / karatta kavi)

සසඳ සසඳ හඳ පානේ අපි                      යනවා
මම්මල බඳවා ගොන් බානක්            දක්කනවා
සකිය සගව්වට රෝදය                 කැරකෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල්                 යනවා

හඳපානේ නරකද මීගමු                          යන්න
එම පානේ නරකද වෙළදම්                     ගන්න
බැරි රාලේ කරවල ගඳ                      උසුලන්න
මතු වාරේ නොපතන් මීගමු                     යන්න

පැල් කවි (Pal Kavi)

පැලේ පැදුර සුළඟට වැනි                         වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි                             සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි                    පැසීයෝ
අපේ මෙවන් දුක් දෙවිඳුට                        පෙනීයෝ

විල පාලුයි විල දමලා කොක්කු                       ගියා
මල පාලුයි මල දමලා බඹරු                            ගියා
ගහ පාලුයි පිපි මල් පරවෙලා                          ගියා
මට පාලුයි රංමැණිකා දීගෙ                             ගියා

එගොඩත් බලමි එගොඩත් වවුලන්ගෙ            කැලේ
මෙගොඩත් බලමි මෙගොඩත් වවුලන්ගෙ      කැලේ
දෙගොඩම බලමි දෙගොඩම වවුලන්ගෙ         කැලේ
වව්ලනි තොපට මොර ඉදිලා පල්ලෙ             කැලේ

Monday

පන් නෙලීමේ කවි

අහුරු අල්ලමින් අගමුල කපා                              ගෙනේ
දෙපේලියේ පන් බැදලා තියා                              ගෙනේ
සිව් මුල්ලෙන් එක මුල්ලක් වියා                         ගෙනේ
පැදුරක් මම වියා ගඤ්ඤං හිමි                             සඳුනේ

පෙට්ටියක පන් බැඳලා                                    සුරක්කම්
එ ළඳ බඳට ඉසි ගෝමර                             පෙනෙන්නම්
තුනටිය රිදෙන්නේ මට බැරි                              අනිච්චම්
පැදුර මැදට ඔක්කොම හවඩිය                          ගෙත්තම්

සිතන සිතන සැටියට වියනා                                සැටියා
දෙතනේ තියෙන ගෝමර පෙති රුව                    කැටියා
රත්නගිරි ගෙන්වන දොස ඇරී                                 ගියා
පතඟි පැදුර මම වියලා ගත්                                  සැටියා

අකුලා ගෙන පැදුර ගෙටද                                  යන්නේ
අවලා සිත සිතා බිම අතුරා                               දමන්නේ
කකුල මුලා කැකුලට ලොව                       පෙනෙන්නේ
කුකුලා අඬන තුරු නින්දට                                 යන්නේ

Tuesday

නෙළුම් කවි (Nelum Kavi)

බිළිඳා අඬයි කිරි කට වේලි                           වේලියේ
උගෙ මෝ නෙළයි අව්වේ වේලි                   වේලියේ
කොටිකන් බැබිල එළ තිබ්බටු මහ                  වනයේ
නෙළුමෙන් කාරි නැත නාඞව පුතා                    මයේ

යෙහෙළි නගා වරු නෙළුමට                          එන්නේ
විහිළු කතා සමහරු තෙප                               ලන්නේ
සැහැලි ලෙසට කවි පද                              පවසන්නේ
කහලි වෙලා බුලතට                            නොසිතන්නේ

රිදී වළලු ඇත සමහරැ අත                                 ලාලා
සැදී රුවට නෙළනා ලක                                    ලීලා
කදිම ලෙසට කවි පද                                 තෙපලාලා
පැදි නොයති දුටු අය පිටු                                    පාලා

බැන්දු ලෙසට දිග යට නිල්                          කෙහෙලී
පන්දු ලෙසට දමමින් පැල                                කැරලී
ලන්දු සැවොම එකතුව නොව                          කහලී
සින්දු කියති නොකියති වෙන                            විහිළී

සුබා ගුණැති රුසිරූ                                 අඟනන්නේ
සබා මැදදී කවිපද                                     පවසන්නේ
විභාගයෙන් එන අය                                විමසන්නේ
බඹා මැවූ රුවදෝ                                  මෙළඳුන්නේ

පවර උතුම් වෙළුමක බිජු                               ලොවට
දෙවර බැගින් නෙළනා සොද                            රුවට
අවර දිනිදු රෑ වී යන                                          කලට
ඉවර වෙලා නෑයෝ එති                                 ගොඩට

සෙතක් ලැබේවා තිසරණ සරණින් සැම                වර
මෙලක්දිවට අදිපති සැම සුරිඳුන්                      අවසර
දොසක් ඇතත් දුරහැර සිරි සලසන                  නිරතුර
මදක් කියමි නෙළුම් තහන්චිය මම කවි                කර

Monday

නෙළුම් කවි (Nelum kavi)

කොතන සිටද බඹරිඳු තොප                                        එන්නේ
නිල් වලවේ එගොඩින් අප                                          එන්නේ
කොතනද බඹරිඳු තොප                                     සැතපෙන්නේ
උක්මල මුදුනේ අප                                            සැතපෙන්නේ

කොහොමද බඹරිඳු තොප රොන්                                 ගන්නේ
නාමල නොතළා අප රොන්                                        ගන්නේ
කොහොමද බඹරිඳු නාද                                           කරන්නේ
රූං කියා අප නාද                                                     කරන්නේ

කෙතක ගොයම් පැළ නිල                                     දිලිසෙනවා
වටක ඉඳන් මල් වඩම්                                               තනනවා
තැනක ඉඳන් මල් මාල                                           ගොතනවා
මලක බඹරු සේ වට නද                                              දෙනවා

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම්                                   බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙතට                                     ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන                                     බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ                                    නෙලුම්

ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත
                                                            ඉරිදා පායන ඉර වාගේ
සඳට සඳක් නැත මෙහෙම සඳක් නැත
                                                            සඳුදා පායන සඳ වාගේ
දියට දියක් නැත මෙහෙම දියක් නැත
                                                  කැළණි ගඟේ නිල් දිය වාගේ
කෙතට කෙතක් නැත මෙහෙම කෙතක් නැත
                                            ගොයම් නෙළන මේ කෙත වාගේ

අඳුරු ලලා සෙන්කඩ ගල                                             වසින්නා
පඳුරු ලලා වල්කුඩු මැටි                                               බඳින්නා
අක්කා නඟෝ නැති අරුමේ                                      දැනෙන්නා
මෙදා අඳ කුඹුර නෙළුමෙන්                                       ඇරෙන්නා

කරත්ත කවි (Karatta kavi / karaththa kavi)

ඉරනවද ළඳේ තල කොළ                       ඉරනවද
පුරනවද ළඳේ හැඹිලිය                            පුරනවද
වියනවද ළඳේ හැඹිලිය                           වියනවද
මටදෙන හැඹිලියේ වැඩ ඉවර                   නැතිවද

දුප්පත් කමට ගොන් බැඳගෙන              දක්කනවා
කන්නත් නැතිව රෑ දාවල්                වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දීලා             ගෙනියනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක්                 වෙනවා

ධීවර කවි (Deevara Kavi)

මුහුදේ අනේ අද මා තනිවී                                 ඉන්නේ
දැනගෙන පාර කොහොමද වෙරළට                  යන්නේ
දනවා මගේ හද දැඩි සෝ දුක්                            ගින්නේ
මොන කරුමයද මා හට මේ පල                        දුන්නේ

සූරිය උදාවන තුරු පිනි                                     බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ                               සෙලවිල්ල
සූරිය දෙවියන්ගෙ බැල්මෙන්                           පැදවිල්ල
ගොඩ එනතුරු නැතේ අප සිත්                      සැනසිල්ල

සන්තං තං සන්තංතං                                    මෑණියනේ
සෙබස්තියන් බල ඇති                               හාමුදුරුවනේ
මේඝ ජනෙන් අප ගලවනු                               සුවාමිනේ
රුවලට හුළං දෙනවද දෙවි                            මෑණියනේ