ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

පැල් කවි

පෙර කලේ කරපු අකුසල්වල අප                        ලා
මෙම කාලේ විදිති දුක් පැල් වලට වෙ                  ලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැක                      ලා
ලොකු රාලේ කියන් පැල් කවි තෝරා                 ලා

එළිවෙලා කුකුළු අඬලන                           වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන                       වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන                      වේලාවේ
කෑරලා අඬයි දොරකඩ                               මාරාවේ

අහස උඩ ඉන්න වැහිලිහිණියන්                        නේ
පොළොව පිට ඉන්න රන මොනරියන්              නේ 
කඳන් පිට ඉන්න සිකනල් ලියන්                      නේ 
රෑට රුව හොඳයි කන මැදිරියන්                        නේ   

අවර ගිරේ ගිරි අවරේ ගිරවුන්                               ඩ
අදින සැරේ රොන් ගෙනියන බඹරුන්                   ඩ
ගති අවරේ ගිර මුදුනේ රෑ වෙන්                            ඩ
වර මිතුරේ සත් සමුදුර පීනන්                               ඩ

කන්දේ ගලේ වී වැපුරුවෙ මනා                        වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා                          නයි
පොල්කිච්චා හිස පීරන පනා                              වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා                               වයි

සිය පා සතෝ තෝ පාගා මරයි                 හෙට
පිට ගැට කුදෝ කීවේ කවුද                         තට
කුස පණ නැති එකෙක් අඬ ගා කීය             මට
දත සුදු මාමෙ මා අරගන් ගහ                   උඩට

කිරල හිඹුටු වැල් කුඹුරේ                    පැලේයා
කිරල ගඳට එති ඌරෝ                       රැලේයා
කතා නොකර ලැගපන් ගෙයි             පැලේයා
කතා කළොත් ඇදගෙන යයි             කැලේයා

ඉරට මුවාවෙන් ඉඳගෙන හිස               පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු            පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල්           පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත්          බෙදනවා

කුකුළා නැති ගෙදර එළිවෙනවා          නොදැනේ
හරකා නැති ගෙදර රෑ වෙනවා             නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා        නොදැනේ
අම්මා නැති ගෙදර පන යනවා             නොදැනේ

ඉර පායා ඉර මුදුනට එන්ට                          එපා
සඳ පායා සඳ මුදුනට එන්ට                          එපා
පෑදි දියට බොර දිය එක් වෙන්ට                  එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්ට                එපා

වැල්ලේ පිපෙන බිම් මල                   වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල                වාසනාවන්
පෝයදාට පුන් සඳ                            වාසනාවන්
ජාතිත් අපේ අම්මා                            වාසනාවන්

සල් සල් විසල් සල් ගෙඩි ඇත කැළේ            වට
ගල් ගල් විසල් ගල් ගෙඩි ඇත පොළොව       යට
මල් මල් විසල් මල් ගෙන යති මුණි              පුදට
පැල් පැල් විසල් පැල් රැකුමත් සැපයි             මට

මා බාලේ ඇතිකල තලගොයි                    පැටියා
මට තනිවට මිදුලේ කෙළ කෙළ                 සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය                   සැටියා
නිවන් පුරේ පලයන් තලගොයි                  පැටියා

පැලේ පැදුර සුළඟට වැනි                         වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි                             සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි                    පැසීයෝ
අපේ මෙවන් දුක් දෙවිඳුට                        පෙනීයෝ

විල පාලුයි විල දමලා කොක්කු                       ගියා
මල පාලුයි මල දමලා බඹරු                            ගියා
ගහ පාලුයි පිපි මල් පරවෙලා                          ගියා
මට පාලුයි රංමැණිකා දීගෙ                             ගියා

එගොඩත් බලමි එගොඩත් වවුලන්ගෙ            කැලේ
මෙගොඩත් බලමි මෙගොඩත් වවුලන්ගෙ      කැලේ
දෙගොඩම බලමි දෙගොඩම වවුලන්ගෙ         කැලේ
වව්ලනි තොපට මොර ඉදිලා පල්ලෙ             කැලේ

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින                   තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින                    තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින                 තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන               තුරු

අහස තනිවේද විදුලිය                           කෙටුවාම
පොළොව බයවේද මම බිම                    බැලුවාම
මුහුද බොරවේද ගොඩ රළ                      ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                             ඇඩුවාම

දුම්බර කෙතට වැට බැදලා රැකුම්                 බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට                  ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන                 බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ                  නෙලුම්

පාට හොඳයි පැලවෙන ගොයමේ                නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                      රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්               ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                       මුල්ල

කල්බලා නොවෙද ගොවිතැන්                   කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                     පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි                         නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද                             දකින්නේ 

මලයයි මමයි කුඹුරට යන වෙලා              වේ
සතර වටින් එනවා වැහි වලා                    වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා             වේ
පමා වෙලා වැහැපන් වැහි වලා                 වේ

ඉර වර වර ඉර වර වර                     වළල්ලා
සඳ වර වර සඳ වර වර                     වළල්ලා
පෑදි දියට බොර දිය එක්                 වෙයල්ලා
සිව් පද කියන්නට කවුරුත්             වරෙල්ලා

ගලේ වෙලේ වී වැපිරුවේ                මනාවයි
ඒක කන්න කක්කුට්ටන්                 දෙබානයි
බට්ටිච්චා හිස පීරන                          පනාවයි
චූටික්කට හිර දෙඩුවා                       හිනාවයි

එක් බටු දෙබටු තුන් බටු සාර පස්             බටු
නියං කලට මල් සැදෙනා තිත්                  බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ            බටු
සිව් පද කියන්නට බැරිනම් අහන්             හිටු

අරළු බුළු නෙල්ලි මේවා කහට              රසයි
වෙරලු දෙහි දොඩම් මේවා ඇඹුල්          රසයි
උක්දඬු හකුරු මී පැණි හරිම පැණි         රසයි
මේ හැම රසට වැඩියෙන් සී පදය           රසයි

අහසේ තරු සේම ගොවිතැන්                             කරන්නේ
පොලවේ වැලි සේම බෝගත්                             ඉසින්නේ
මගේ හේනමයි ඌරට                                  පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ නඩු                                බලන්නේ

කන්ද උඩින් එන කිකිළිය                           ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු                             සැටියේ
අත පා මුදු පය පා මුදු                               වයිරොඩියේ
මට පිටුපා ගෙට යනවද                               සුරතලියේ

වෙල හොඳ මොකද යල මහ පාළු වේ                   නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ              නම්
මල හොඳ මොකද අතු අඟ පරව යේ                     නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ                  නම්

මන්දාරමට උඩ ඉගිලෙන වැහි                        ලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර                     ගෝනී
වෙල මැද අම්බලම කාටත්                          පරවේනී
මට තනි නැත නුඹ නාඩන්                         උලලේනී

අනේ දෙවියනේ මට උණු                            වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන                        ගියෝයා
ගෙදර ගියත් මා නොතකන                          ලියෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ                       සියෝයා

පෙර කාලේ තැනූ පැල දැන්                        දිරාලා
එම කාලේ බැඳපු වැට ගොනු                     කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක                          බලාලා
නිදිමතේ කියමු පැල්කවි                        ගොතාලා

රෑ වෙලා මොනරු ගස් යන                වෙලාවේ
ඇහැරිලා බිළිඳු කිරි බොන                වෙලාවේ
එළිවෙලා කුකුළො හඬලන               වෙලාවේ
කෑරලා ඇඬුවේ දොරකඩ                     මරාවේ

උණ දඬු කපන තැන උණ දඬු                 රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                    රිකිල්ලා
වතුර බසින තැන හොල්මන්                  කුරුල්ලා
සී පද කියන්නට කවුරුත්                      වරෙල්ලා

දෑස නැත නින්ද අලි ඇතු                පන්නාලා
පාස නැත ඉන්න පැල තුළ ගිනි           තැපලා
ආස නැත කන්න අල බතලත්           මෙකලා
මාස ඉල් මසේ උගුලයි අල                 බතලා

ලස්සන හිමවතේ මා වී                     පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා                 හරින්නේ
රැක්මෙන් දෙවියනේ වෙල බත්             බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්                   රකින්නේ

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින          තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින           තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින         තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන       තුරු

අහස තනිවේද විදුලිය                   කෙටුවාම
පොළොව තනිවේද මම බිම            බැලුවාම
මුහුද බොරවේ ද ගොඩ රළ             ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                     ඇඬුවාම

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම්           බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට            ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන            බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ             නෙළුම්

පාට හොඳයි පැළවෙන ගොයමේ              නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                   රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්             ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                     මුල්ල

කල් බලා නොවෙද ගොවිතැන්               කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                  පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි පල                නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවද ද                         දකින්නේ

වෙළක මහිම බල මා වී                               පැසීලා
පැලක මහිම බල බට කොල                    සොයාලා
මලක මහිම බල අතු අඟ                               පිපීලා
ලියල මයිම බල ගෝමර                               ඉසීලා

කැලේ කපා වැට බැන්දා කැත්ත                        දනී
කුඹුර කොටා දිය බැන්දා නියර                          දනී
හීන කකා පැල් රැක්කා පැදුර                             දනී
මෙදා යලේ වී නැතිවා අටුව                               දනී

උණ දඬු කපන තැන උණ දඬු              රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                 රිකිල්ලා 
වතුර බසින තැන හොල්මන්               කුරුල්ලා 
සී පද කියන්නට කවුරුත්                   වරෙල්ලා

මන්දාරමට උඩ කෙළිනා වැහි                 ලේනී 
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර             ගෝනී  
වෙල මැද අම්බලම කාටත්                  පරවේනී 
මට තනි නැත නුඹ නාඩන්                 උලලේනී

එගොඩ කන්ද දුම් බාලා දුම්                     බින්දු 
මෙගොඩ කන්ද දුම් බාලා පිනි                 බින්දු 
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි            බින්දු 
අපි අද කියමු එළිවෙන කල් කවි              සින්දු 

මාමයි මමයි එක යායේ හාන                  කොට 
කුළු මීමෙක් එලවා ගති                     අනින්නට 
වට පිට බැලිමි ගසකුත් නැත             නගින්නට 
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ               කරට 

කිරි වැදි වැදි කිරි වැදි වැදි                 මෝරන්නා
ගොඩ ඇඳි ඇඳි ගොඩ ඇඳි ඇඳි               පුදින්නා
අඟ නැමි නැමි අඟ නැමි නැමි           බරවෙන්නා 
පැලට වෙන්න දැන් කාලය ළං               වෙන්නා

වෙළේ පැලේ මම තනියම ඉන්න              කොට 
කොක්කු රැළක් ආවා එක                      විඩේකට 
එයින් එකෙක් ඇත්නම් ඇති                     කිරීමට 
හෙටත් වරෙව් කොකුනි රුව                   බැලීමට

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                     කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                පිට 
රන්වන් ගොමරයි උන්ගේ බෙල්ල                  වට 
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්               ගෙට 




2 comments: