ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

රබන් පද /Raban pada

කවුදැයි කවුදැයි රණ්ඩු        කරන්නේ
නැන්දයි මාමයි රණ්ඩු         කරන්නේ
මොකටද මොකටද රණ්ඩු   කරන්නේ
දුංකොළ නැට්ටට රණ්ඩු      කරන්නේ

එගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
මෙගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
එගෙයි පැටික්කියි මෙගෙයි පැටික්කියි
අත්වැල් බැඳගෙන
දොං තරිකිට තා - දොං තරිකිට තා

හොඳ හොඳ කුක්කං
ගමගෙට දක්කන්
තෙමිච්චි කුක්කං
ලොක්කන් බක්කන්
කොළඹට දක්කන්

නාග පෙනේ නයි දෙරණේ නයින් ගෙනෙනවා
බුරුම රටේ කුමරු ඇවිත් ධර්මෙ       දෙසනවා
ඒ කුමරුන් යන එන තැන පියුම්       පිපෙනවා
තාක්ක දොං දොං කියමින් ඉඳන්        ගහනවා

උපදේශාත්මක කවි /Upadeshathmaka kavi

අඩු කළේ වතුර සැම විට ම                           සෙලවෙන
එම කළේ පිරුණු කල නොසැලෙයි                   එ මෙන
තම තොලේ අකුරු ගා ගත් මද                          පෙළන
දද බලේ උඩඟුවයි පඞි නැත                               එමෙන

අණ කඩ කෙරුම වදයකි ලොව රජුන්                     හට
බුහුමන් නොකිරීම වදයකි                              තවුසනට
හිමි තනියම නිඳුම වදයකි අඹුව                               හට
අවියෙන් තොර වදය මේවා මේ                            අයට

අත මිට ඇති එකා කාබී සියලු                                වරේ
කෑ කෝ ගගා උඩු මහලේ දමති                             හුරේ
එල්ලා ගත් එකා දුගිකම නමැති                           බෙරේ
එක බත් කටක් දිය උගුරක් නැතිව                        මැරේ

අතමිට හිඟ වූ කල දි කොයි කවුරුත් අහක            බලයි
වාසි ඇතොත් හෑම විට ම නෑදෑ හිතවතුන්             වැලයි
ගංගා ඇළ දොළ දිය කඳ හැමදා මුහුදට                  ගලයි
වාසි ඇතොත් ඒ තැනටම කොයි කවුරුත් බැලුම්    හලයි

අන් බලේ අරන් යම් සටනකට                        නොයන්
පින් බලේ කරන අය හට ඇද                       නොකියන්
දුම්මලේ සිඳපු තෙල් ගා කැලේ                       නොයන්
කම්මලේ තරම තිරමට වැඩි                              වෙයන්

Thursday

JANA KAVI - Oru (paru) Kavi by Saman Lenin - ඔරු (පාරු) කවි - සමන් ලෙනින්

කමත් කවි / Kamath kavi

මේ කාගේ දෝ               කමතා
පසේ බුදුන්ගේ                කමතා
පසේ බුදුන් දුන්නු              බැතා
අද පුරවන් මේ                කමතා

මේ කාගේ දෝ                කමතා
ඉරු දෙවියන්ගේ              කමතා
ඉරු දෙවියෝ දුන්නු           බැතා
අද පුරවන් මේ                 කමතා

මේ කාගේ දෝ                 කමතා
සඳ දෙවියන්ගේ                කමතා
සඳ දෙවියෝ දුන්නු             බැතා
අද පුරවන් මේ                  කමතා

මේ කොතැනින් ගෙනා            ගොනා
කතරගමින් ගෙනා                   ගොනා
කොළ මඬනට හොඳ ද             ගොනා
කොළ මඬනට හොඳයි             ගොනා

බුද්ධං සරණේ ද                   බලේ
ධම්මං සරණේ ද                   බලේ
සංඝං සරණේ ද                    බලේ
මේ කමතට බුද්ධ                 බලේ

අං දෙක රං බන්ද               ඤ්ඤයි
කන්දෙක මේවරල             ඤ්ඤයි
සොඬරේ මුතු අමුණ          ඤ්ඤයි
රූබර කොළ මඩව             ඤ්ඤයි

ගොනුගෙ කරේ රන්         නැටිල්ල
මඟේ පයේ රිදී                     විල්ල
කමත වටේ                 කරකැවිල්ල
දණක් එරෙයි                 ආරවැල්ල

ඇතත් දුටිමි බැතත්                දුටිමි
බැත පිට ඉඳ මූද                    දුටිමි
මූදේ කර දියත්                     දුටිමි
ඇතෙක් උසට බැතක්            දුටිමි

Tuesday

ගොයම් කවි /Goyam kavi

අලංකාර කෙත සැදුවේ                                           රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ                                  කර
සුදං විජය පුරයක් වැනි සැම                                        වර
ගොයම් සැදුන සැටි අසනුය                                   විස්තර

නැගුණේ කොළ පෙත්තයි දියමතු                              පිට
යෙදුණේ  නිල් පාටින් එක                                    තරමට
වරුණේ බැරි නිම කරන්ට                                      ඈතට
බෙදුණේ කොළ ඉති දෙක තුන්                              දවසට

කුඹුරු පුබුදු මල් සුවඳයි හැම                                      විට
බඹරු ඇවිත් රොන් ගෙනයති                                උදයට
මදුරු කිඳුරු නද හැඩවෙති                                   වාතෙට
නැඹුරු වෙලා ඉති ගෝමර                                    තරමට

දෙයියන් අණ සැම තැන                               පවතින්නේ
කොයියන් අයගෙත් දියුණ                               සදන්නේ
මයියන් දැන කවි පද                                     පවසන්නේ
දෙයියන් වැඳ අවසර අර                                    ගන්නේ