දැන් ඔබට මෙම පොත් මිලදී ගත හැකිය. Cash On Delivery (COD )
ගෙන්වා ගැනීමට සහ පොත් ගැන සියළු තොරතුරු මෙන්ම සාම්පල් පිටු 10ක් pdf ලෙස ලබාගැනීමට නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් සඳහන්
කර 076-615-1225 අංකයට WhatsApp message එකක් එවන්න.
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා
ඇළ දොළ ගඟුල්
පිරිලා එයි දෙගොඩ තලා
මඳ මඳ ලෙසින්
වැසෙනා ගොයම නැති වෙලා
ඉඳ ඉඳ පලින්
පල ආවයි පැලට බලා
වෙල් යායක
ගොන් දෙන්නෙක් කකා උණී
ඉන් එක ගොනෙක්
වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති
ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත්
වලිගය නැති ගොනා වැනී
පැණි රස මොටද
තණකොළ කන ගවයන්ට
හී වැල් මොටද
බිම හාරන ඌරන්ට
පන්දම් මොටද
දිය යට යන කිඹුලන්ට