බඹර කවි
අහසේ ගොසින් තරු යට සැග වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට ගියාදෝ
උඩ මාලේ මල් වැසි වැස්සක් යනවා
බිම මාලේ මල් වැසි වැස්සක් යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත් යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම යනවා
පොළොවේ ගොසින් වැලි යට සැග වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට ගියාදෝ
බිම මාලේ මල් වැසි වැස්සක් යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත් යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම යනවා
පතල් කවි
දබරෙ කරකවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ දනවා
දෝත මුදුන් තබමින් සුරිඳුන් වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සී පද කියමු
දෝස දුරැර අපි ගම රටවල යවමු
නෙලුම් කවි
ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින තුරා
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින තුරා
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින තුරා
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන තුරා
උඩින් වදින ඉර සඳ දෙවියන්ට කියන්
බිමින් වඩින මිහිකත් දෙවියන්ට කියන්
සක්වළ වඩින සක්වළ දෙවියන්ට කියන්
වස් නැත අපට එළුවෙන් පාලියෙන් කියන්
No comments:
Post a Comment