බණේ කොහොම කීවත් පවු පල දෙනවා
පිනේ අරුම නොසිතා අපි පසු වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන් වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු යනවා
කන්ද නගින කොට දෙවියනි බඩ දනවා
තැන්න බහිනකොට වීරිය උඩ යනවා
පල්ලම් දකින විට අතපය වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක දෙනවා
කල්බලා සිටිය සමනලයින් පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන් ගන්නා
පුල්ලියා කන්ද දුටුවම නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන් දෙන්නා
පිනේ අරුම නොසිතා අපි පසු වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන් වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු යනවා
කන්ද නගින කොට දෙවියනි බඩ දනවා
තැන්න බහිනකොට වීරිය උඩ යනවා
පල්ලම් දකින විට අතපය වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක දෙනවා
කල්බලා සිටිය සමනලයින් පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන් ගන්නා
පුල්ලියා කන්ද දුටුවම නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන් දෙන්නා
No comments:
Post a Comment