පාට එරන් ගඟ බඩ යන කොකුන්නේ
රෑට බතට තොප කොතනද ලගින්නේ
ගඟ බඩ අතු නැද්ද තොප නොලැග යන්නේ
වංසේ මොටද පණුවන් කන කොකුන්නේ
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැළේ රැළේ මූදෙන් දමන දිය රැළේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
බෝඹු ඉදලු දලු ලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
කැළණි ගඟේ ඔරු යාදෝ නොයාදෝ
කළුගෙ නගා මෙහි ඒදෝ නෝඒදෝ
සීරුව දියේ කණු ගොඩ සිටුවා මහත
වාරුව ඇතිව දියපිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
මොටද උපන්නේ මේ වියළුවේ රටේ
බැඳපු ගල් බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ
රෑට බතට තොප කොතනද ලගින්නේ
ගඟ බඩ අතු නැද්ද තොප නොලැග යන්නේ
වංසේ මොටද පණුවන් කන කොකුන්නේ
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැළේ රැළේ මූදෙන් දමන දිය රැළේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
බෝඹු ඉදලු දලු ලාදෝ නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ නොයාදෝ
කැළණි ගඟේ ඔරු යාදෝ නොයාදෝ
කළුගෙ නගා මෙහි ඒදෝ නෝඒදෝ
සීරුව දියේ කණු ගොඩ සිටුවා මහත
වාරුව ඇතිව දියපිට තැනු ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
මොටද උපන්නේ මේ වියළුවේ රටේ
බැඳපු ගල් බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වේරගං තොටේ
No comments:
Post a Comment