ගොනා නිකම් ගොන් රජුනේ
ඌ කර ලන මිණි බරණේ
මිණි බරණින් කොළ බඳිනේ
ඇලි ගොන් දහසක් ගමනේ
මුදුනේ යන ගොන් රජුනේ
ඊළඟ යන කිරි පුසිනේ
වට දුවනා නාම්බනේ
කොළ මඩවා දෙන් සොදිනේ
කෑලිය කොළ බැන්ද මටා
මදු කොළ බැන්දේ කුමටා
ඒ වට කළ හොඳ කුමටා
කොළ මඩවා දෙන් සොඳටා
ගලක් පලා ගලක් දුටිමි
එගල පලා රිදී දුටිමි
පැන් බොන්නට ළිඳක් දුටිමි
බැත උඩ සිට මුහුද දුටිමි
අටු කොටුවල තියෙන බැතා
ඉහළ පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියෙන බැතා
ගෙන පුරවා මේ කමතා
ඌ කර ලන මිණි බරණේ
මිණි බරණින් කොළ බඳිනේ
ඇලි ගොන් දහසක් ගමනේ
මුදුනේ යන ගොන් රජුනේ
ඊළඟ යන කිරි පුසිනේ
වට දුවනා නාම්බනේ
කොළ මඩවා දෙන් සොදිනේ
කෑලිය කොළ බැන්ද මටා
මදු කොළ බැන්දේ කුමටා
ඒ වට කළ හොඳ කුමටා
කොළ මඩවා දෙන් සොඳටා
ගලක් පලා ගලක් දුටිමි
එගල පලා රිදී දුටිමි
පැන් බොන්නට ළිඳක් දුටිමි
බැත උඩ සිට මුහුද දුටිමි
අටු කොටුවල තියෙන බැතා
ඉහළ පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියෙන බැතා
ගෙන පුරවා මේ කමතා
"බැත උඩ සිට මුහුද දුටිම්" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
ReplyDeleteවිශාල අස්වැන්නක් ලැබී ඇති බව.
ReplyDeleteඅටු කොටුවල තියෙන බැතා යන කවි පෙලේ අදහස් වන්නේ කුමක්ද?
ReplyDeleteබැත උඩ සිට මුහුද දුටිම්
ReplyDeleteවී කොළය එච්චරම උස බව
Delete