කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ
නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ
දුංකොළ නැට්ටට රණ්ඩු කරන්නේ
එගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
මෙගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
එගෙයි පැටික්කියි මෙගෙයි පැටික්කියි
අත්වැල් බැඳගෙන
දොං තරිකිට තා - දොං තරිකිට තා
හොඳ හොඳ කුක්කං
ගමගෙට දක්කන්
තෙමිච්චි කුක්කං
ලොක්කන් බක්කන්
කොළඹට දක්කන්
නාග පෙනේ නයි දෙරණේ නයින් ගෙනෙනවා
බුරුම රටේ කුමරු ඇවිත් ධර්මෙ දෙසනවා
ඒ කුමරුන් යන එන තැන පියුම් පිපෙනවා
තාක්ක දොං දොං කියමින් ඉඳන් ගහනවා
නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ
මොකටද මොකටද රණ්ඩු කරන්නේ
දුංකොළ නැට්ටට රණ්ඩු කරන්නේ
එගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
මෙගෙයි පැටික්කිට ඩිංගක් දොං දොං
එගෙයි පැටික්කියි මෙගෙයි පැටික්කියි
අත්වැල් බැඳගෙන
දොං තරිකිට තා - දොං තරිකිට තා
හොඳ හොඳ කුක්කං
ගමගෙට දක්කන්
තෙමිච්චි කුක්කං
ලොක්කන් බක්කන්
කොළඹට දක්කන්
නාග පෙනේ නයි දෙරණේ නයින් ගෙනෙනවා
බුරුම රටේ කුමරු ඇවිත් ධර්මෙ දෙසනවා
ඒ කුමරුන් යන එන තැන පියුම් පිපෙනවා
තාක්ක දොං දොං කියමින් ඉඳන් ගහනවා