ජන නැටුම් වර්ගයක් වන කළගෙඩි නැටුම් වලදී භාවිතා කරන කවි.
Kalagedi Natum is a folk dance. A pot is use in this dance. Females do this dance.
අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
රන්මසු දහසක් වටින කළේයා
නොබිදින් නෑනෝ මගේ කළේයා
පේළි සැදී අඟනෝ සැරසීලා
නීල වරල කුසුමෙන් ගවසාලා
කෝල නොවී සබ මැදට වැදීලා
බාල ලියෝ කළ පිඹිති සැදීලා
පටුවන් නළලත අඩ සඳ වන්නේ
දුටුවන් සිත් සතුට වඩන්නේ
සුරතල් කළගෙඩි දෑතට ගන්නේ
නැටුමෙන් සබ මැද කළය පිඹින්නේ
පළඳවමින් ගෙන සේල සුබාවට
බොළඳ වඳන් කියමින් සබයේ සිට
මෙළඳ රුවින් සොද අඟනන් විලසට
තුසිත පුරෙන් ආවයි කළ පිඹුමට
උනා වරල පීරා බැඳ ගන්නේ
තනා බුලත් සඳුනුත් ගෙන දුන්නේ
සිනා සෙවින් කවි රාග කියන්නේ
මනාපයෙන් කළ ගෙඩිය පිඹින්නේ
Kalagedi Natum is a folk dance. A pot is use in this dance. Females do this dance.
අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
රන්මසු දහසක් වටින කළේයා
නොබිදින් නෑනෝ මගේ කළේයා
පේළි සැදී අඟනෝ සැරසීලා
නීල වරල කුසුමෙන් ගවසාලා
කෝල නොවී සබ මැදට වැදීලා
බාල ලියෝ කළ පිඹිති සැදීලා
පටුවන් නළලත අඩ සඳ වන්නේ
දුටුවන් සිත් සතුට වඩන්නේ
සුරතල් කළගෙඩි දෑතට ගන්නේ
නැටුමෙන් සබ මැද කළය පිඹින්නේ
පළඳවමින් ගෙන සේල සුබාවට
බොළඳ වඳන් කියමින් සබයේ සිට
මෙළඳ රුවින් සොද අඟනන් විලසට
තුසිත පුරෙන් ආවයි කළ පිඹුමට
උනා වරල පීරා බැඳ ගන්නේ
තනා බුලත් සඳුනුත් ගෙන දුන්නේ
සිනා සෙවින් කවි රාග කියන්නේ
මනාපයෙන් කළ ගෙඩිය පිඹින්නේ