ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

පාරු කවි (Paaru kavi)

මලේ මලේ තැඹිලිය වැන්න පොල්               මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය                        රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ                     බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                  මලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා                 වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා               වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා                  වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                            වරෙන්

මොටද උපන්නේ මේ වියළුවේ                       රටේ
බැඳපු බැම්ම මහියංගනේ                               වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු                        රිටේ
පාරු පදින රුව බල වෙරගං                       තොටේ

ගහක් කපාගෙන ඔරුවක්                   කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට                       දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත්           බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි            මුලාවෙන 

සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ                     මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ                     අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                  මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                 මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                  මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය          බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට                    පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක         ඉද්දේ


1 comment:

  1. Anonymous3:28 AM

    මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete