"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Friday
Sunday
Download Sinhala Jana Kavi app
මෙහි
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි• පැල් කවි• ගොයම් කවි• නෙළුම් කවි• පතල් කවි• කමත් කවි • පාරු කවි• බඹර කවි
• කුරක්කන් කවි• ඔලිද කවි• රබන් පද• ඔන්චිලි වරම්• මේවර කෙළිය • නැලවිලි කවි• රබන් කවි
• ලී කෙලි කවි• කලගෙඩි කවි සහ තවත් ජන කවි
සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද• විරුද්ධ පද• තනි පද• යුගල පද• ප්‍රස්ථා පිරුළු• තේරවිලි• කෙටි නාම (සිංහල සහ ඉංග්‍රීසි )
ජන කතා
එළුවන් කෑම
මේ වැල මොකදෝ දම් වැල
මේ වැල මොකදෝ කිරි වැල
මේ වැල මොකදෝ කිදි වැල
මේ වැල මොකදෝ මදු වැල
උඩින් පනින්දෝ - තල්ල කැඩෙයි දෝ
යටින් රිංගන්දෝ - කිඩොල් ඇනෙයි දෝ
කුරුළු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ගිරා කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
කපුටු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ගෙයි ගොම ගාලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
දරණුව දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
අප්පා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
අයියා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
ඉරගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
සඳගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
එළුවන් කන්නයි මං ආවේ
එළු බෙටි කාපන් තුන්තීරේ
සාවුන් කන්නයි මං ආවේ
සා බෙටි කාපන් තුන්තීරේ
ගෝනුන් කන්නයි මං ආවේ
ගොන් බෙටි කාපන් තුන්තීරේ
මුවන් කන්නයි මං ආවේ
මුව බෙටි කාපන් තුන්තීරේ
මේ පුටු කාගේ - බණ්ඩාරේ
මේ ඇඳ කාගේ - බණ්ඩාරේ
මේ බත් කාගේ - බණ්ඩාරේ
මේ කැඳ කාගේ - බණ්ඩාරේ
මේ පුටු ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ ඇඳ ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ බත් කන්දෝ - කන්න නොදෙන්දෝ
මේ කැඳ බොන්දෝ - බොන්න නොදෙන්දෝ
එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
සාවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
ගෝනා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
මුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
බුලත් කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා
වැල්ලේ දුවන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර දිව්වත් රළහාමි නොදෙමිය එළුවා
හොඳට නටන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර නැටුවත් රළහාමි නොදෙමිය එළුවා
කොච්චි කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා
දණින් වදිඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර වැන්දත් රළහාමි නොදෙමිය එළුවා
Tuesday
පන් කර්මාන්තය ආශ්‍රිත ජන කවි
ගෙනත් එපන් අව්වේ ලා වේළ මින
නොබා පන් ඉරති අඟනෝ වෙනින් වෙන
සුබා මුල්ල පුරමින් පන් මිටක් ගෙන
දෙපන් රටා වෙනවත් යන්තම් ගොතන
පුරා කොනින් ලද පැදුරක් පුරන්නේ
ඉරා එපන් ගෙන සායන් පොවන්නේ
සරා මල් පෙතිත් වට කර වියන්නේ
රටා පියුන් පන්නන් පත් වියන්නේ
ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
මුහුණ පුරා තෙල් ගාගෙන යන කලට
මන බලති මිනුවන් පන් තිබෙන කොට
නෑනො නුඹත් එනවද පන් නෙළන්නට
ඉසට පියුම්ලා කොට්ටේ වියඤ්ඤා
පයට පියුම්ලා කොට්ටේ වියඤ්ඤා
මැදට ඇඳ රටා අස්පැන් වියඤ්ඤා
නෙතට සතර මුල් අරදග වියඤ්ඤා
ඉර හඳ පාන විල කොතනද තුන්හිරියා
ඉර හඳ පාන විල මෙතනයි තුන්හිරියා
පන්නන් කරන අඟනෝ කාටත් සරියා
මට පැදුරක පන් දෙනවද තුන්හිරියා
අහුරු අල්ලමින් අග මුල කපා ගෙන
දෙපේළියේ පන් මැඩලා කපා ගෙන
සිවු මුල්ලෙන් එක් මුල්ලක් පුරා ගෙන
පැදුරක් වියමි මේ මුළු තුන් ලොව වටින
එක් වෙලා ගියෝ පන් උදුරන්ට ගියෝ
වෙන් වෙලා ගියෝ තැන තැන විසිර ගියෝ
උනා වරල පිටිපස්සට දමා ගියෝ
සිනා සිසී එන්නෝ පන් විලට ගියෝ