උණ දඬු කපන තැන උණ දඬු රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු රිකිල්ලා
වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
සී පද කියන්නට කවුරුත් වරෙල්ලා
මන්දාරමට උඩ කෙළිනා වැහි ලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර ගෝනී
වෙල මැද අම්බලම කාටත් පරවේනී
මට තනි නැත නුඹ නාඩන් උලලේනී
එගොඩ කන්ද දුම් බාලා දුම් බින්දු
මෙගොඩ කන්ද දුම් බාලා පිනි බින්දු
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි බින්දු
අපි අද කියමු එළිවෙන කල් කවි සින්දු
මාමයි මමයි එක යායේ හාන කොට
කුළු මීමෙක් එලවා ගති අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ කරට
කිරි වැදි වැදි කිරි වැදි වැදි මෝරන්නා
ගොඩ ඇඳි ඇඳි ගොඩ ඇඳි ඇඳි පුදින්නා
අඟ නැමි නැමි අඟ නැමි නැමි බරවෙන්නා
පැලට වෙන්න දැන් කාලය ළං වෙන්නා
වෙළේ පැලේ මම තනියම ඉන්න කොට
කොක්කු රැළක් ආවා එක විඩේකට
එයින් එකෙක් ඇත්නම් ඇති කිරීමට
හෙටත් වරෙව් කොකුනි රුව බැලීමට
ඇල් හේනේ අට්ටාලේ ඉන්න කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත පිට
රන්වන් ගොමරයි උන්ගේ බෙල්ල වට
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව් ගෙට
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Sunday
පැල් කවි (Pal Kavi)
Monday
පැල් කවි - Pal Kavi
පෙර කලේ කරපු අකුසල්වල අප ලා
මෙම කාලේ විදිති දුක් පැල් වලට වෙ ලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැක ලා
ලොකු රාලේ කියන් පැල් කවි තෝරා ලා
එළිවෙලා කුකුළු අඬලන වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ
කෑරලා අඬයි දොරකඩ මාරාවේ
අහස උඩ ඉන්න වැහිලිහිණියන් නේ
පොළොව පිට ඉන්න රන මොනරියන් නේ
කඳන් පිට ඉන්න සිකනල් ලියන් නේ
රෑට රුව හොඳයි කන මැදිරියන් නේ
අවර ගිරේ ගිරි අවරේ ගිරවුන් ඩ
අදින සැරේ රොන් ගෙනියන බඹරුන් ඩ
ගති අවරේ ගිර මුදුනේ රෑ වෙන් ඩ
වර මිතුරේ සත් සමුදුර පීනන් ඩ
කන්දේ ගලේ වී වැපුරුවෙ මනා වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා නයි
පොල්කිච්චා හිස පීරන පනා වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා වයි
මෙම කාලේ විදිති දුක් පැල් වලට වෙ ලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැක ලා
ලොකු රාලේ කියන් පැල් කවි තෝරා ලා
එළිවෙලා කුකුළු අඬලන වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන වේලාවේ
කෑරලා අඬයි දොරකඩ මාරාවේ
අහස උඩ ඉන්න වැහිලිහිණියන් නේ
පොළොව පිට ඉන්න රන මොනරියන් නේ
කඳන් පිට ඉන්න සිකනල් ලියන් නේ
රෑට රුව හොඳයි කන මැදිරියන් නේ
අවර ගිරේ ගිරි අවරේ ගිරවුන් ඩ
අදින සැරේ රොන් ගෙනියන බඹරුන් ඩ
ගති අවරේ ගිර මුදුනේ රෑ වෙන් ඩ
වර මිතුරේ සත් සමුදුර පීනන් ඩ
කන්දේ ගලේ වී වැපුරුවෙ මනා වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා නයි
පොල්කිච්චා හිස පීරන පනා වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා වයි
පාරු කවි / Paaru Kavi /Paru Kavi
ගමන් යන්න නැකතින් පාරු පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලාගෙන
අපි යමුව සැම දෙවියන්ට වැඳ ගෙන
මස්සිනාගෙ මඟුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ
හඳපානේ මඳ පවනේ ගමන් යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා කමූ
යහළු අපට ඔරු පැදපන් බුලත් දෙමූ
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳ ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල් බලාගෙන
අපි යමුව සැම දෙවියන්ට වැඳ ගෙන
මස්සිනාගෙ මඟුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ
හඳපානේ මඳ පවනේ ගමන් යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා කමූ
යහළු අපට ඔරු පැදපන් බුලත් දෙමූ
Wednesday
පාරු කවි (Paaru kavi)
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
මොටද උපන්නේ මේ වියළුවේ රටේ
බැඳපු බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වෙරගං තොටේ
ගහක් කපාගෙන ඔරුවක් කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත් බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි මුලාවෙන
සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
හඳ පානේ ඔරුව පැදගෙන ගඟ මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක ඉද්දේ
රැලේ රැලේ මූදෙන් දමන දිය රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා මලේ
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්
මොටද උපන්නේ මේ වියළුවේ රටේ
බැඳපු බැම්ම මහියංගනේ වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු රිටේ
පාරු පදින රුව බල වෙරගං තොටේ
ගහක් කපාගෙන ඔරුවක් කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත් බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි මුලාවෙන
සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
හඳ පානේ ඔරුව පැදගෙන ගඟ මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක ඉද්දේ
Subscribe to:
Posts (Atom)