මොණරෙක් සිටියි දස අත පිල් විදාගෙන
කෙනෙක් සිටියි කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැමදෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා අවසන් නැණින
දස අත පලය කීවේ රඹ ගසය මලේ
කඳ මැද බදා ඉන්නේ රඹ කැනය මලේ
ලෙල්ල හැර කෙසෙල් ගෙඩි හැම කනවා බොලේ
මෙතුන් පදේ තේරුවෙ නැණයන්ය මලේ
ගසට නමකි මල පිපුණම වෙන නමකී
ගැටයට නමකි ලොකු වෙනකොට වෙන නමකී
ගෙඩියට නමකි ගෙඩි ඉදුනම වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී
ගසට කොස් කියයි මල නම් පනා නොවේදෝ
ගැටයට පොළොස් ලොකු වෙනකොට නිකිණි නොවේදෝ
ගෙඩියට කොස් ඉදුනම වරක නොවේදෝ
මෙතුන් පදේ තේරුවෙ මෙලෙස නොවේදෝ
දාර දෙකයි එක නම මුල් කර තැනුවා
පාර තිහක් ගැසුවට බියකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරා කියන් ඊයේ මගදී දුටුවා
දාර දෙකයි එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැඩි කලට කිසි බියකුත් නැතුවාය
මේ නම් ඉතින් කවුරුත් නොව ඉබ්බාය
කෙනෙක් සිටියි කඳ මැද්දෙන් බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැමදෙන බෙදාගෙන
මෙතුන් පදේ තෝරා අවසන් නැණින
දස අත පලය කීවේ රඹ ගසය මලේ
කඳ මැද බදා ඉන්නේ රඹ කැනය මලේ
ලෙල්ල හැර කෙසෙල් ගෙඩි හැම කනවා බොලේ
මෙතුන් පදේ තේරුවෙ නැණයන්ය මලේ
ගසට නමකි මල පිපුණම වෙන නමකී
ගැටයට නමකි ලොකු වෙනකොට වෙන නමකී
ගෙඩියට නමකි ගෙඩි ඉදුනම වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී
ගසට කොස් කියයි මල නම් පනා නොවේදෝ
ගැටයට පොළොස් ලොකු වෙනකොට නිකිණි නොවේදෝ
ගෙඩියට කොස් ඉදුනම වරක නොවේදෝ
මෙතුන් පදේ තේරුවෙ මෙලෙස නොවේදෝ
දාර දෙකයි එක නම මුල් කර තැනුවා
පාර තිහක් ගැසුවට බියකුත් නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවා
තෝරා කියන් ඊයේ මගදී දුටුවා
දාර දෙකයි එක මැද එක ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන් යාය
ගෙට වැඩි කලට කිසි බියකුත් නැතුවාය
මේ නම් ඉතින් කවුරුත් නොව ඉබ්බාය
Good
ReplyDelete