නහින දෙහින කාලෙට පින් කෙරුම යුත
වහින කලට කූරින් විල් වලින් එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිළවුන්ට ඉනිමං කමක් නැත
රන් විමනේ සිටි මුත් දුක නැති වෙද්ද
පැණි මීයේ කෑ මුත් බඩ ගිනි නැද්ද
මිණි බරණින් සෑදු මුත් ගත නොදිරද්ද
පැණි වරකා ගසටත් හෙණ නොවදිද්ද
අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙලා
අනුන් ලියන් දැක තම ලියට තල තලා
දුවන මුවන් දැක නොදමන් නෙලුව පලා
No comments:
Post a Comment