වයිර ගොනා දණ ගහලා අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවේ කළ පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට
අම්බලං පෝරු පිට සිටිනා ළඳුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ
මං බොලං එහෙම දේකට නැත අගුනේ
රං දොඹේං පිටත් වෙන කොට හද මුදුනේ
බතට කන්ට බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක් උනේ
ගම ඉඳලා වත් පණ යන්න නොලැබුනේ
කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය ගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ ගත්තු
වලවේ ගඟට බැස්සොය ගෝමර ඇත්තු
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Subscribe to:
Post Comments (Atom)
👍👌👏
ReplyDelete