බුදුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
බුදුන් අණින් එයි කමතට
දහම් බෙලෙයි මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
දහම් බෙලෙන් එයි කමතට
සඟුන් වඩිති මේ කමතට
සඳුන් සුවඳ විසිරෙයි වට
යොදුන් උසට තිබෙනා බැත
සඟුන් අණින් එයි කමතට
මේ කාගේ දෝ කමතා
සැම දෙවියන්ගේ කමතා
සැම දෙවියෝ බිම බඳිතා
බිම් බැදි තැන කොළ බඳිතා
මේ කොතනින් ගෙනා ගොනා
දෙවුන්දරින් ගෙනා ගොනා
ඒ මොනවට ගෙනා ගොනා
කොළ මඬනට ගෙනා ගොනා
"Sinhala Jana Kavi" is the inheritable culture to Sri lanka. There are pal kavi, karatta, nelum, goyam, nalavili, paru, pathal, onchili, kamath, raban pada, and many more jana kavi in this blog.
ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)
Download "Sinhala Jana Kavi" android app from clicking below link.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment