ජලේ ගැඹුර දන්නේ කූනිස්සා ය
මලේ සුවඳ දන්නේ මී මැස්සා ය
කැලේ පළල දන්නේ ඇත් වස්සා ය
මලේ ඔතන නොසිටින් ඌ පිස්සා ය
බෝඹු ඉදලු දළු ලන්නේ වැස්සකට යි
කෙකටිය මලේ වක යන්නේ වතුරකට යි
කැළණි ගඟේ ඔරු යන්නේ පැද්ද කොට යි
කළුගෙ නගා මෙහි එන්නේ නෑ කමට යි
මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනියට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඇවිතින් ඌ අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
සස්සඳ සසඳ දිය මතු පිට තියේ මල
සස්සඳ සසඳ දිය පල්ලේ තියේ අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
හඳ පානේ ඔරුව පැදගෙන ගඟ මැද්දේ
තොටුපොල නොදැන ගිය තොටියා විය බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහළට පැද්දේ
බැස යන දියේ ඔරු නොපදිවු එක ඉද්දේ
ගමන් යන්නෙ නැකතින් පාරු පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන
මෙවන් කලු ගඟේ ගල් මුල් බලාගෙන
අපිත් යමුද සැම දෙවියන්ට වැඳගෙන
කතරගමයි දේවාලය දෙවියන්ගේ
අතරමගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගෑවේ රන් සඳුන් ඇඟේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ
අවර ගිරේ ගිරි අවරේ ගිරවුන් ට
අදින සැරේ රොන් ගෙනියන බඹරුන් ට
ගති අවරේ ගිරි මුදුනේ රෑ වෙන් ට
එනු මිතුරේ අපි සැමදෙන පීනන් ට
හඳ පානේ මද පවනේ ගමන් යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා කමූ
යහලු අපට ඔරු පැදපන් බුලත් දෙමූ
මලේ සුවඳ දන්නේ මී මැස්සා ය
කැලේ පළල දන්නේ ඇත් වස්සා ය
මලේ ඔතන නොසිටින් ඌ පිස්සා ය
බෝඹු ඉදලු දළු ලන්නේ වැස්සකට යි
කෙකටිය මලේ වක යන්නේ වතුරකට යි
කැළණි ගඟේ ඔරු යන්නේ පැද්ද කොට යි
කළුගෙ නගා මෙහි එන්නේ නෑ කමට යි
මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනියට මිදුලේ පෙම් කෙළ සිටියා
උගෙ මරුවා ඇවිතින් ඌ අරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා
සස්සඳ සසඳ දිය මතු පිට තියේ මල
සස්සඳ සසඳ දිය පල්ලේ තියේ අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු මල
මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
හඳ පානේ ඔරුව පැදගෙන ගඟ මැද්දේ
තොටුපොල නොදැන ගිය තොටියා විය බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහළට පැද්දේ
බැස යන දියේ ඔරු නොපදිවු එක ඉද්දේ
ගමන් යන්නෙ නැකතින් පාරු පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳගෙන
මෙවන් කලු ගඟේ ගල් මුල් බලාගෙන
අපිත් යමුද සැම දෙවියන්ට වැඳගෙන
කතරගමයි දේවාලය දෙවියන්ගේ
අතරමගයි අද අපි දිය නෑවේ ගඟේ
සතර දෙනයි ගෑවේ රන් සඳුන් ඇඟේ
වතුර හොඳයි කවදත් නිල්වලා ගඟේ
අවර ගිරේ ගිරි අවරේ ගිරවුන් ට
අදින සැරේ රොන් ගෙනියන බඹරුන් ට
ගති අවරේ ගිරි මුදුනේ රෑ වෙන් ට
එනු මිතුරේ අපි සැමදෙන පීනන් ට
හඳ පානේ මද පවනේ ගමන් යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා කමූ
යහලු අපට ඔරු පැදපන් බුලත් දෙමූ
No comments:
Post a Comment