බස්සා නිදි මරයි කිසි හොරකමක් බැරී
බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරී
ඌරා මඩ හෑරු මුත් වැපුරුමක් බැරී
සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරී
ඇතා ගලට දළ දුනිනම් එගල බිඳේ
ගලතද නම් ඇතුගේ දළ මුලින් බිඳේ
යාළු ගෙදර නිතරම නොයත් මිතු සඳේ
ඇතු දළ බිදුණු ලෙස යහළුගේ සිතත් බිඳේ
බීරෙකු හට ගොළුවෙකු පිම්බාය හකක්
ඒක ඌට නෑසී කී වෙනින් එකක්
කාසි ගන්ට පිම්බයි යළි නාද දෙකක්
ඌට කන්න ඉල්විය ඒ හකෙන් ටිකක්
පීල්ලේ දියට කලයක් නැමුවත්
නොපිරෙයි කළේ සැට පැයකින් බැලුවත්
පින්මද එකා බණ දහමින් වෙලුවත්
උගේ ගතිය ඌ නාරියි මැරුවත්
ජලේ ගැඹුර නොපෙනෙයි කැලත වැඩි වෙලා
ගලේ වපුල බිජුවට පැලවුණි ද බලා
දෙවේලේ දකින කුකුළගේ කර මලා
එවෙලේ පෙනෙයි සක සේම සුදු වෙලා
එගොඩ ගිය ඔරුව මේ ගොඩ පැද එනවා
දෙගොඩ තලා යන වතුරත් බැස යනවා
යකඩ උනත් කලකදි දිරලා යනවා
සොකඩ දාදුවත් දිනුමට පෙර ලෙනවා
වනක කුසුම් පිපුනත් රොන් විහිදෙන්ට
ඒ දැක රොනින් කිම පල නිල මැස්සන්ට
කනක කොපුවෙ ලූවත් කල් පවතින්ට
සුනඛ නඟුට බැරි ඇද ඇරලා ගන්ට
No comments:
Post a Comment