කුරක්කන් තුනයි වැපුරුවෙ අමාරුවේ
කපන්ටත් බැරුව අතපය රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ සුබාවේ
කුරක්කන් කපන වාරෙත් ආපි ළමා
නරක්කන් අව්ව මූණට තදයි ළමා
නළල් වටින් එන දාඩිය මුතු සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි ළමා
අලසක් නැති ලෙසට කඩිනම් කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ කරපල්ලා
කැපූ කුරක්කන් කමතේ වනාලා
පදමට දමා බිම්මල පිට කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන හළාලා
අගනා බොජුන් සදමින් මුනි පුදාලා
පෝය සන්දියේ ඇහැළේ කැපු හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු හේන
වස් මාසේ වැපිරූ කුරහන් හේන
අපේ පිනටමයි පැසුනේ මේ හේන
ඇයි ලඳුනේ තනි හේනේ කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට වරෙන්නේ
අපොයි අනේ මේ අහසේ කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි කුරක්කන්
මෙදා මහේ කාටත් නැත කුරක්කන්
රොටී තමයි අද රෑටත් උයන්නේ
මැටිය සේම ගුලි කර කර වඩන්නේ
පළහි සේම ලිප වට කර තියෙන්නේ
රොටී නිසාමයි දවසක නහින්නේ
මා කී දේ දෙවියන් බොරුවක්ම නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද පැසෙතී
කපන්ටත් බැරුව අතපය රුදාවේ
අරින්ටත් බැරුව ලොවිගම සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ සුබාවේ
කුරක්කන් කපන වාරෙත් ආපි ළමා
නරක්කන් අව්ව මූණට තදයි ළමා
නළල් වටින් එන දාඩිය මුතු සේමා
මා දෙස නොබලන්ට නුඹෙ අත කැපෙයි ළමා
අලසක් නැති ලෙසට කඩිනම් කරපල්ලා
දෙසිතක් නැති ලෙසට අත සැර කරපල්ලා
පැසෙතත් හිස අව්වට පසු නොබසිල්ලා
නසිතත් ළඳේ පින් ඇති වැඩ කරපල්ලා
කැපූ කුරක්කන් කමතේ වනාලා
පදමට දමා බිම්මල පිට කොටාලා
අඹරා ගලෙන් පදමට ගෙන හළාලා
අගනා බොජුන් සදමින් මුනි පුදාලා
පෝය සන්දියේ ඇහැළේ කැපු හේන
නිකින්නියේ මැදදී ගිනි තැබු හේන
වස් මාසේ වැපිරූ කුරහන් හේන
අපේ පිනටමයි පැසුනේ මේ හේන
ඇයි ලඳුනේ තනි හේනේ කපන්නේ
දෙමව්පිය දෙන්න නැද්දයි ලඳුන්නේ
අළු ගෝමර පෙති ගෝමර දැවෙන්නේ
කපුරු ලා බුලත් කන්නට වරෙන්නේ
අපොයි අනේ මේ අහසේ කුරක්කන්
හීන් ඇඟිලි මිට මොලවන කුරක්කන්
ඌරු කොලු කාපි මගෙ කිරි කුරක්කන්
මෙදා මහේ කාටත් නැත කුරක්කන්
රොටී තමයි අද රෑටත් උයන්නේ
මැටිය සේම ගුලි කර කර වඩන්නේ
පළහි සේම ලිප වට කර තියෙන්නේ
රොටී නිසාමයි දවසක නහින්නේ
මා කී දේ දෙවියන් බොරුවක්ම නැතී
බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇතී
ඇහැට වෙහෙස ඇති තුන්යමට නිදි නැතී
ගොබ කළු වෙමින් කුරහන් කිරිවැද පැසෙතී
No comments:
Post a Comment