ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Monday

Mandala/Fairy Houses/ Fashion Coloring Books - අපූරු සහ හොඳම පාට කිරීමේ ...

Mandala, Fairy houses, and Fashion coloring books. Suitable for all ages. Unique and wonderful images with bold outlines and easy to color between lines.

දැන් ඔබට මෙම පොත් මිලදී ගත හැකිය. Cash On Delivery (COD )
 ගෙන්වා ගැනීමට සහ පොත් ගැන සියළු තොරතුරු මෙන්ම  සාම්පල් පිටු 10ක් pdf ලෙස ලබාගැනීමට නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් සඳහන් 
කර 076-615-1225 අංකයට WhatsApp message එකක් එවන්න.

Sunday

පැල් කවි

 පොද පොද වහින වැසි හැම තැන එකතු වෙලා

ඇළ දොළ ගඟුල් පිරිලා එයි දෙගොඩ       තලා

මඳ මඳ ලෙසින් වැසෙනා ගොයම නැති වෙලා

ඉඳ ඉඳ පලින් පල ආවයි පැලට                 බලා

 

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා     උණී

ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනි

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට         දුනී

දුප්පත් කමත් වලිගය නැති ගොනා         වැනී

 

පැණි රස මොටද තණකොළ කන   ගවයන්ට

හී වැල් මොටද බිම හාරන                 ඌරන්ට

පන්දම් මොටද දිය යට යන             කිඹුලන්ට

හොඳකම් මොටද දැන් කාලේ                 මිනිසුන්ට

Tuesday

බඹර කවි 


අහසේ ගොසින් තරු යට සැග                 වුණාදෝ
පොළොවේ ගොසින් වැලි යට සැග         වුණාදෝ
මූදේ ගොසින් රළ යට සැග                    වුණාදෝ
බඹරිදුනේ උඹ කොයි රට                        ගියාදෝ
 
උඩ මාලේ මල් වැසි වැස්සක්                     යනවා
බිම මාලේ මල් වැසි වැස්සක්                     යනවා
ළිප ළියගල් තැන වෙන්වුවොත්                 යනවා
නා ගහ බඹරෙ කැපුමට දෙන්නම               යනවා 

පතල් කවි


දබරෙ කරකවා අත් දෙක                     වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                      කනවා
වතුර ඇදල අත්වල කරගැට                        එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ                දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන්                          වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින්                      දෙමු
දන්න දන්න තාලෙන් සී පද                         කියමු
දෝස දුරැර අපි ගම රටවල                            යවමු

නෙලුම් කවි 


ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින              තුරා 
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින                තුරා 
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින            තුරා 
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන            තුරා 

උඩින් වදින ඉර සඳ දෙවියන්ට              කියන් 
බිමින් වඩින මිහිකත් දෙවියන්ට            කියන් 
සක්වළ වඩින සක්වළ දෙවියන්ට          කියන් 
වස් නැත අපට එළුවෙන් පාලියෙන්      කියන් 

Thalam kavi & Raban kavi|Sinhlala Jana kavi|Dancing Kavi තාලම්, රබන් කවි...

Sunday

MOTHER (A short folk story from Sri Lanka)

Download Sinhala Jana Kavi app

සිංහල ජන කවි යනු ඕනෑම වයසක සිටින සියලුම සිසුන් සඳහා සිංහල ජන කවි, ජන කතා  සහ ඉතා ප්‍රයෝජනවත් සිංහල භාෂා සම්පත් සපයන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි.








මෙහි 
විවිධ වර්ගයේ ජන කවි:
• කරත්ත කවි• පැල්  කවි• ගොයම් කවි• නෙළුම් කවි• පතල් කවි• කමත් කවි • පාරු කවි• බඹර කවි
• කුරක්කන් කවි• ඔලිද කවි• රබන් පද• ඔන්චිලි වරම්• මේවර කෙළිය • නැලවිලි කවි• රබන් කවි
• ලී කෙලි කවි• කලගෙඩි කවි සහ තවත් ජන කවි 

සිංහල භාෂාව සඳහා උපකාරක සම්පත්
• සමාන පද• විරුද්ධ පද• තනි පද• යුගල පද• ප්‍රස්ථා පිරුළු• තේරවිලි• කෙටි නාම (සිංහල සහ  ඉංග්‍රීසි )

ජන කතා 

තවත් උපකාරක සම්පත්, ජන කවි සහ ජන කතා මෙයට නිතරම එක් වෙනු ඇත.
DOWNLOAD FREE

එළුවන් කෑම

මේ වැල මොකදෝ දම් වැල
මේ වැල මොකදෝ කිරි වැල
මේ වැල මොකදෝ කිදි වැල
මේ වැල මොකදෝ මදු වැල 

උඩින් පනින්දෝ - තල්ල කැඩෙයි දෝ
යටින් රිංගන්දෝ - කිඩොල් ඇනෙයි දෝ 

කුරුළු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ගිරා කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී
කපුටු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී 

ගෙයි ගොම ගාලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
දරණුව දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා

අප්පා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
අයියා දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා 

ඉරගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා
සඳගල දීලා ගත් මගෙ එළුවා
නුඹට කොයින්දෝ අපගේ එළුවා 

එළුවන් කන්නයි මං ආවේ
එළු බෙටි කාපන් තුන්තීරේ
සාවුන් කන්නයි මං ආවේ
සා බෙටි කාපන් තුන්තීරේ 

ගෝනුන් කන්නයි මං ආවේ
ගොන් බෙටි කාපන් තුන්තීරේ
මුවන් කන්නයි මං ආවේ
මුව බෙටි කාපන් තුන්තීරේ 

මේ පුටු කාගේ  -  බණ්ඩාරේ
මේ ඇඳ කාගේ  -  බණ්ඩාරේ
මේ බත් කාගේ  -  බණ්ඩාරේ
මේ කැඳ කාගේ  -  බණ්ඩාරේ 

මේ පුටු ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ ඇඳ ඉන්දෝ - ඉන්න නොදෙන්දෝ
මේ බත් කන්දෝ -  කන්න නොදෙන්දෝ
මේ කැඳ බොන්දෝ - බොන්න නොදෙන්දෝ 

එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
සාවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
ගෝනා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
මුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි 

බුලත් කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා 

වැල්ලේ දුවන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර දිව්වත් රළහාමි නොදෙමිය එළුවා 

හොඳට නටන්නන් රළහාමි දෙනවද එළුවා
කොච්චර නැටුවත් රළහාමි නොදෙමිය එළුවා 

කොච්චි කොටඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර කෙටුවත් රළහාමි නොදෙමිය එළුවා 

දණින් වදිඤ්ඤං රළහාමි දෙනවද එළුවා
කොච්චර වැන්දත් රළහාමි නොදෙමිය එළුවා 

Tuesday

පන් කර්මාන්තය ආශ්‍රිත ජන කවි












ගෙනත් එපන් අව්වේ ලා වේළ                     මින
නොබා පන් ඉරති අඟනෝ වෙනින්            වෙන
සුබා මුල්ල පුරමින් පන් මිටක්                    ගෙන
දෙපන් රටා වෙනවත් යන්තම්                ගොතන 

පුරා කොනින් ලද පැදුරක්                    පුරන්නේ 
ඉරා එපන් ගෙන සායන්                   පොවන්නේ
සරා මල් පෙතිත් වට කර                     වියන්නේ
රටා පියුන් පන්නන් පත්                      වියන්නේ 

ගාන තෙල් සඳුන් වරලස ඔමරි                   කොට 
මුහුණ පුරා තෙල් ගාගෙන යන                    කලට 
මන බලති මිනුවන් පන් තිබෙන                 කොට
නෑනො නුඹත් එනවද පන්                 නෙළන්නට 

ඉසට පියුම්ලා කොට්ටේ                        වියඤ්ඤා
පයට පියුම්ලා කොට්ටේ                        වියඤ්ඤා
මැදට ඇඳ රටා අස්පැන්                         වියඤ්ඤා
නෙතට සතර මුල් අරදග                       වියඤ්ඤා

ඉර හඳ පාන විල කොතනද                   තුන්හිරියා 
ඉර හඳ පාන විල මෙතනයි                    තුන්හිරියා
පන්නන් කරන අඟනෝ කාටත්                   සරියා 
මට පැදුරක පන් දෙනවද                       තුන්හිරියා  

අහුරු අල්ලමින් අග මුල කපා                      ගෙන 
දෙපේළියේ පන් මැඩලා කපා                      ගෙන
සිවු මුල්ලෙන් එක් මුල්ලක් පුරා                   ගෙන
පැදුරක් වියමි මේ මුළු තුන් ලොව                 වටින 

එක් වෙලා ගියෝ පන් උදුරන්ට                  ගියෝ 
වෙන් වෙලා ගියෝ තැන තැන විසිර           ගියෝ 
උනා වරල පිටිපස්සට දමා                          ගියෝ 
සිනා සිසී එන්නෝ පන් විලට                     ගියෝ 

Sunday

පැල් කවි (Pal Kavi)

උණ දඬු කපන තැන උණ දඬු              රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                 රිකිල්ලා 
වතුර බසින තැන හොල්මන්               කුරුල්ලා 
සී පද කියන්නට කවුරුත්                   වරෙල්ලා

මන්දාරමට උඩ කෙළිනා වැහි                 ලේනී 
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර             ගෝනී  
වෙල මැද අම්බලම කාටත්                  පරවේනී 
මට තනි නැත නුඹ නාඩන්                 උලලේනී

එගොඩ කන්ද දුම් බාලා දුම්                     බින්දු 
මෙගොඩ කන්ද දුම් බාලා පිනි                 බින්දු 
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි            බින්දු 
අපි අද කියමු එළිවෙන කල් කවි              සින්දු 

මාමයි මමයි එක යායේ හාන                  කොට 
කුළු මීමෙක් එලවා ගති                     අනින්නට 
වට පිට බැලිමි ගසකුත් නැත             නගින්නට 
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ               කරට 

කිරි වැදි වැදි කිරි වැදි වැදි                 මෝරන්නා
ගොඩ ඇඳි ඇඳි ගොඩ ඇඳි ඇඳි               පුදින්නා
අඟ නැමි නැමි අඟ නැමි නැමි           බරවෙන්නා 
පැලට වෙන්න දැන් කාලය ළං               වෙන්නා

වෙළේ පැලේ මම තනියම ඉන්න              කොට 
කොක්කු රැළක් ආවා එක                      විඩේකට 
එයින් එකෙක් ඇත්නම් ඇති                     කිරීමට 
හෙටත් වරෙව් කොකුනි රුව                   බැලීමට

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                     කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                පිට 
රන්වන් ගොමරයි උන්ගේ බෙල්ල                  වට 
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්               ගෙට 

ගල් යායේ මල් යායේ                     කුරක්කන්
අත දිග හැර මිට මොලවන              කුරක්කන්
කැකුළු පීදිලා රුව ඇති                    කුරක්කන්
ගැහැණු මරණ පලදාවකි                 කුරක්කන් 

(චතුරිකා ජයංගනී එවූ කවියකි.)

Monday

පැල් කවි - Pal Kavi

පෙර කලේ කරපු අකුසල්වල අප                        ලා
මෙම කාලේ විදිති දුක් පැල් වලට වෙ                  ලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැක                      ලා
ලොකු රාලේ කියන් පැල් කවි තෝරා                 ලා

එළිවෙලා කුකුළු අඬලන                           වේලාවේ
රෑ වෙලා මොණරු ගස් යන                       වේලාවේ
බාල ළමුන් ගෙයි සැතපෙන                      වේලාවේ
කෑරලා අඬයි දොරකඩ                               මාරාවේ

අහස උඩ ඉන්න වැහිලිහිණියන්                        නේ
පොළොව පිට ඉන්න රන මොනරියන්              නේ 
කඳන් පිට ඉන්න සිකනල් ලියන්                      නේ 
රෑට රුව හොඳයි කන මැදිරියන්                        නේ   

අවර ගිරේ ගිරි අවරේ ගිරවුන්                               ඩ
අදින සැරේ රොන් ගෙනියන බඹරුන්                  ඩ
ගති අවරේ ගිර මුදුනේ රෑ වෙන්                            ඩ
වර මිතුරේ සත් සමුදුර පීනන්                               ඩ

කන්දේ ගලේ වී වැපුරුවෙ මනා                        වයි
ඒක කන්ඩ කක්කුට්ටන් දෙබා                          නයි
පොල්කිච්චා හිස පීරන පනා                              වයි
බට්ටිච්චට හිර දෙඩුවා හිනා                               වයි

පාරු කවි / Paaru Kavi /Paru Kavi

ගමන් යන්න නැකතින් පාරු                          පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු බැඳ                           ගෙන
මෙවන් කළු ගඟේ ගල් මුල්                          බලාගෙන
අපි යමුව සැම දෙවියන්ට වැඳ                              ගෙන

මස්සිනාගෙ මඟුලට මම රුහුණු                           ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට                           ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී                           ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ                         ගියේ

හඳපානේ මඳ පවනේ ගමන්                                  යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි                            වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා                          කමූ
යහළු අපට ඔරු පැදපන් බුලත්                             දෙමූ 

Wednesday

පාරු කවි (Paaru kavi)

මලේ මලේ තැඹිලිය වැන්න පොල්               මලේ
රැලේ රැලේ මූදෙන් දමන දිය                        රැලේ
බලේ බලේ රාසිය දෙවියන්ගෙ                     බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                  මලේ

ඔන්න මලේ ඔය නාමල නෙලා                 වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා               වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා                  වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                            වරෙන්

මොටද උපන්නේ මේ වියළුවේ                       රටේ
බැඳපු බැම්ම මහියංගනේ                               වටේ
ඔරුවට නැඟීලා සුරතට ගත්තු                        රිටේ
පාරු පදින රුව බල වෙරගං                       තොටේ

ගහක් කපාගෙන ඔරුවක්                   කොටාගෙන
හබලක් හදාගෙන ගඟකට                       දමාගෙන
එගොඩත් බලා ගෙන මෙගොඩත්           බලාගෙන
කොලුවෙක් තෙමී ගෙන ඔරු පදි            මුලාවෙන 

සස්සඳ සස්සඳ දිය මතුපිට තියේ                     මල
සස්සඳ සස්සඳ දිය පල්ලේ තියේ                     අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                  මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                 මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                  මැද්දේ
තොටුපල නොදැන ගිය තොටියා විය          බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහලට                    පැද්දේ
බස බැස යන දියේ ඔරු නොපදිවු එක         ඉද්දේ


Thursday

ගොයම් කවි (Goyum kavi)

සරණයි සරණයි බුද්ධං                සරණයි
සරණයි සරණයි ධම්මං                සරණයි
සරණයි සරණයි සංඝං                 සරණයි
සරණයි සරණයි මේ තුන්             සරණයි

ඇසී නාද හඞ බඹරුගෙ                    ලීලා
පැසී ගොයම් පත් කිරට               නැමීලා
ගැසී සුළං වාතෙට ඉති                නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර              ලීලා

අලංකාර කෙත සැදුවේ                   රජවර
සයංජාත රත් ඇල් ගෙන ගොඩ          කර
සුදං විජය පුරයක් වැනි සැම                වර
ගොයං සැදුණු සැටි අසනුය            විස්තර