කුරක්කනට නිසි අඟනෝ බැහැපල්ලා
ඇවිත් අපෙන් කවි සීපද අහපල්ලා
තරක් නොවී අඬ දබරත් නොකරල්ලා
කුරක්කනට අත කඩිනම් කරපල්ලා
කපා කුරක්කන් කමතට ගෙන ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි ආවා
කුරක්කනේ රුව කදිමයි බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ කරන්නේ
උතුරු දිගින් ඌරා හේනට එනවා
නපුරුකමට තුඹසේ කුරහන් එනවා
මිතුරුකමට මම ඌරා එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන දෙනවා
කපා කුරක්කන් කමතේ ගොඩ කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා ගැසුවා
බඳිති කඩුලු බැරි අලියන් නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක දෙන්ඩ
කුරක්කන් කපන ගෑනුන්ගේ අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ බැරියා
රන්වන් එරන්වන් කුරහන් පැසෙන රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ මගේ
ඇවිත් අපෙන් කවි සීපද අහපල්ලා
තරක් නොවී අඬ දබරත් නොකරල්ලා
කුරක්කනට අත කඩිනම් කරපල්ලා
කපා කුරක්කන් කමතට ගෙන ආවා
පිට්ටු මල්ල දැකලා බඩගිනි ආවා
තට්ටි නෑනෙ දැන් ඉර මුදුනට ආවා
පිට්ටු කන්න වර දැන් බඩගිනි ආවා
කුරක්කනේ රුව කදිමයි බොලන්නේ
ගෑනු හැත්ත වට කරගෙන කපන්නේ
කබල් පොත්ත ලිප පිටමයි තියෙන්නේ
රොටී පෙත්ත කාලයි වැඩ කරන්නේ
උතුරු දිගින් ඌරා හේනට එනවා
නපුරුකමට තුඹසේ කුරහන් එනවා
මිතුරුකමට මම ඌරා එළවනවා
හතර වරම් දෙවි ඌරට හෙන දෙනවා
කපා කුරක්කන් කමතේ ගොඩ කෙරුවා
කකා මල බුලත් කමතේ කෙළ ගැසුවා
උයා හැළි වළං අම්මා ගෙයි හැදුවා
හේනෙන් ගෙදර එනකොට අලියා ගැසුවා
බඳිති කඩුලු බැරි අලියන් නවතන්ඩ
බඳිති පුද පඬුරු ලොව හැම දෙවියන්ඩ
යොදත් නැකැත් පදමට අසුරා ගන්ඩ
කපති කුරක්කන් දෙවියෝ රැක දෙන්ඩ
කුරක්කන් කපන ගෑනුන්ගේ අටියා
ඔහොම කුරක්කන් අපි දුටුවේ නැතියා
අද තිස්සෙම මේ අව්වේ පිට කකියා
නෑනෝ නුඹ පල්ල බඩගින්නේ බැරියා
රන්වන් එරන්වන් කුරහන් පැසෙන රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ මගේ
ගල් යායේ මල් යායේ කුරක්කන්
ReplyDeleteඅතදිග හැර මිට මොලවන කුරක්කන්
කැකුළු පීදිලා රුව අැති කුරක්කන්
ගැහැණු මරණ පලදාවකි කුරක්කන්
Thanks
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය