ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

පාරු කවි (Paaru/ Paru Kavi)

පාට එරන් ගඟ බඩ යන                            කොකුන්නේ
රෑට බතට තොප කොතනද                            ලගින්නේ
ගඟ බඩ අතු නැද්ද තොප නොලැග                   යන්නේ
වංසේ මොටද පණුවන් කන                      කොකුන්නේ

මලේ මලේ තැඹිලිය වැන්න පොල්                      මලේ
රැළේ රැළේ මූදෙන් දමන දිය                                රැළේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ                            බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                          මලේ

බෝඹු ඉදලු දලු ලාදෝ                                නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ                         නොයාදෝ
කැළණි ගඟේ ඔරු යාදෝ                           නොයාදෝ
කළුගෙ නගා මෙහි ඒදෝ                             නෝඒදෝ

සීරුව දියේ කණු ගොඩ සිටුවා                             මහත
වාරුව ඇතිව දියපිට තැනු ගෙයක්                         ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන්                     යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ                    නැත

මොටද උපන්නේ මේ වියළුවේ                            රටේ
බැඳපු ගල් බැම්ම මහියංගනේ                              වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු                              රිටේ
පාරු පදින රුව බල වේරගං                             තොටේ

Saturday

කමත් කවි (kamath kavi)

ඉරු දෙවියෝ වැඩිය                             තැනේ
බොල් පිනි නොතිබෙයි                      එතැනේ
සඳ දෙවියෝ වැඩිය                              තැනේ
කරුවල නොතිබෙයි                           එතැනේ

මහ ගජතුන් බැන්ද                               තැනේ
කණු මුල් නොතිබෙයි                        එතැනේ
හැම දෙවියෝ වැඩිය                            තැනේ
උවදුරු නොතිබෙයි                            එතැනේ

ගණ දෙවියෝ වැඩිය                           තැනේ
රෝදුක් නොතිබෙයි                          එතැනේ
පසේ බුදුන් වැඩිය                                තැනේ
පස් පව් නොතිබෙයි                           එතැනේ

සමනල මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
මක්කම මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
කැළණිය මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
රන්වැලි මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට


Monday

පැල් කවි (Pal Kavi)

අහසේ තරු සේම ගොවිතැන්                             කරන්නේ
පොලවේ වැලි සේම බෝගත්                             ඉසින්නේ
මගේ හේනමයි ඌරට                                  පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ නඩු                                බලන්නේ

කන්ද උඩින් එන කිකිළිය                           ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු                             සැටියේ
අත පා මුදු පය පා මුදු                               වයිරොඩියේ
මට පිටුපා ගෙට යනවද                               සුරතලියේ

වෙල හොඳ මොකද යල මහ පාළු වේ                   නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ              නම්
මල හොඳ මොකද අතු අඟ පරව යේ                     නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ                  නම්

මන්දාරමට උඩ ඉගිලෙන වැහි                        ලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර                     ගෝනී
වෙල මැද අම්බලම කාටත්                          පරවේනී
මට තනි නැත නුඹ නාඩන්                         උලලේනී

අනේ දෙවියනේ මට උණු                            වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන                        ගියෝයා
ගෙදර ගියත් මා නොතකන                          ලියෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ                       සියෝයා




නෙළුම් කවි (Nelum Kavi)

මල්ලිත් මමත් කෙළ කෙළ යන                 ඕවිටට
අනිනා මී දෙනක් ආවයි                          ඉස්සරට
වට පිට බැලිම් ගසකුත් නැත                 නගින්නට
පිට පට ගසා නැග්ගයි තුත්තිරි                      ගසට

කන්දේ ගලේ වී වැපුරුනෙ මනාව                යි
ඒක කන්ට කක්කුට්ටන් දෙබාන                   යි
පොල් කිච්චා හිස පීරන පනාව                     යි
බට්ටිච්චාට හිර දෙඩුවා හිනාව                      යි

වත්තේ එක ගසයි සෙවනැල්ල                     විසිතුරු
බිව්වෙත් එක තනේ කිරිමය රස                      මියුරු
ඇත්තෙත් එක නඟයි අයියණ්ඩියනි                   ගරු
මාත් හැර වෙනත් ඇද්දැයි                          නඟාවරු

ඉණේ බලාපන් ඉණ වට සේල                       බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි                          බලාපන්
කරේ බලාපන් කර වට මාල                          බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි                  බලාපන්

Sunday

කරත්ත කවි (karaththa kavi)

වයිර ගොනා දණ ගහලා අදින                       කොට
මයිල ගොනා පැන්නයි පස්සට                     හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                        පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල                       ගාවට

අම්බලං පෝරු පිට සිටිනා                      ළඳුනේ
රංසලං ලෙසට ගෝමර පිට                     දිලුනේ
මං බොලං එහෙම දේකට නැත               අගුනේ
රං දොඹේං පිටත් වෙන කොට හද            මුදුනේ

බතට කන්ට බැරි බතලේ ගල                     කන්ද
අලට කන්න බැරි අලගල්ලේ                      කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි                    කන්ද
මේ කඳු තුනට නායක සමනල                    කන්ද

කඳු ඇදලා දෙපයට සවි නැත                   ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය                  තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක්                     උනේ
ගම ඉඳලා වත් පණ යන්න               නොලැබුනේ

කන්දේ කකා ලන්දේ යන                           බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය                          ගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ                         ගත්තු
වලවේ ගඟට බැස්සොය ගෝමර                        ඇත්තු