මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අතමිණි බැඳ පය මිණි බැඳ ජය ගත්තු
රජ වාසලින් සොඳ කරැණා ලැබ ගත්තු
පින්ගත් ඔයට බැස්සයි ගෝමර ඇත්තු
සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
මොටද උපන්නේ මේ වේලිච්ච රටේ
බැඳපු ගල් බැම්ම මයියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට රැගෙන රිටේ
පාරු පදින හැටි බල වේර ගං තොටේ
සීරුවේ ගමන් ඇවිදින් පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින් විට
පූරුවේ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
කන්දේ කකා ලන්දේ යන බෝසත්තු
අතමිණි බැඳ පය මිණි බැඳ ජය ගත්තු
රජ වාසලින් සොඳ කරැණා ලැබ ගත්තු
පින්ගත් ඔයට බැස්සයි ගෝමර ඇත්තු
සූරිය උදාවන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
මොටද උපන්නේ මේ වේලිච්ච රටේ
බැඳපු ගල් බැම්ම මයියංගනේ වටේ
ඔරුවට නැගීලා සුරතට රැගෙන රිටේ
පාරු පදින හැටි බල වේර ගං තොටේ
සීරුවේ ගමන් ඇවිදින් පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින් විට
පූරුවේ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
No comments:
Post a Comment