පතල් කවි වල බොහෝ දුරට ඇත්තේ දුක, වේදනාව පමණි. එසේ වන්නේ පතල් කර්මාන්තය ඉතා දුෂ්කර අනතුරුදායක කාර්යයක් වූ බැවිනි.
වළ ඇතුලේ සොල්දර වාසනාවන්
සොල්දර උඩට දබරේ වාසනාවන්
දබරේ උඩට දම්වැල වාසනාවන්
දුප්පත් අපට පතලේ වාසනාවන්
මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩරගොල්ල හරියට මහ සොහොන වගේ
ඉන්නෙත් මීගොඩයි විත් පූරුවෙ පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට ගමට
මදුරාගොඩ අපි ඇවිදින් විඳින දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
එන්ඩ කිව් දිනට පඩි ගන්නට ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට බැරුවා
යන්ට කියා කන්සට පහරක් ගැසුවා
මහත්තයෝ මා කී දේ අහනව ද
අතේ තියෙන කරගැට පොඩි බලනව ද
පොතේ තියෙන පඩි ගණනත් කියනව ද
ගමට යන්න පඩි තුණ්ඩුව ලැබෙනව ද
දබරෙ කරකවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ දනවා
මංමුලා වෙලා මේ රට පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක් දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි වෙනවා
බංගලා වළේ දෝනාවට යනවා
දෝත මුදුන් තබමින් සුරිඳුන් වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සී පද කියමු
දෝස දුරැර අපි ගම රටවල යවමු
වළ ඇතුලේ සොල්දර වාසනාවන්
සොල්දර උඩට දබරේ වාසනාවන්
දබරේ උඩට දම්වැල වාසනාවන්
දුප්පත් අපට පතලේ වාසනාවන්
මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්ම වගේ
ලියන අප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩරගොල්ල හරියට මහ සොහොන වගේ
ඉන්නෙත් මීගොඩයි විත් පූරුවෙ පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට ගමට
මදුරාගොඩ අපි ඇවිදින් විඳින දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
එන්ඩ කිව් දිනට පඩි ගන්නට ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට බැරුවා
යන්ට කියා කන්සට පහරක් ගැසුවා
මහත්තයෝ මා කී දේ අහනව ද
අතේ තියෙන කරගැට පොඩි බලනව ද
පොතේ තියෙන පඩි ගණනත් කියනව ද
ගමට යන්න පඩි තුණ්ඩුව ලැබෙනව ද
දබරෙ කරකවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩ ගැන මගෙ බඩ දනවා
මංමුලා වෙලා මේ රට පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක් දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි වෙනවා
බංගලා වළේ දෝනාවට යනවා
දෝත මුදුන් තබමින් සුරිඳුන් වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සී පද කියමු
දෝස දුරැර අපි ගම රටවල යවමු
No comments:
Post a Comment