ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන තුරු
අහස තනිවේද විදුලිය කෙටුවාම
පොළොව බයවේද මම බිම බැලුවාම
මුහුද බොරවේද ගොඩ රළ ගැසුවාම
සිතේ දුක යා ද දවසක් ඇඩුවාම
දුම්බර කෙතට වැට බැදලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්
පාට හොඳයි පැලවෙන ගොයමේ නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන් ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු මුල්ල
කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන තුරු
අහස තනිවේද විදුලිය කෙටුවාම
පොළොව බයවේද මම බිම බැලුවාම
මුහුද බොරවේද ගොඩ රළ ගැසුවාම
සිතේ දුක යා ද දවසක් ඇඩුවාම
දුම්බර කෙතට වැට බැදලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ නෙලුම්
පාට හොඳයි පැලවෙන ගොයමේ නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන් ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු මුල්ල
කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
No comments:
Post a Comment