වතුර කළේ නොවසා නොතබනු ගෙදර
සිටි සෙවනේ අතු නොකඩනු කිසිම වර
අද කළ යුත්ත අද කරනුය කල් නොහැර
කෙන්දක් දැක මුසා නොකියනු කන්ද කර
වඳින්නට ගිය දෙවොල හිස මත වැටුණු ලෙස
කළ නොහොඳ නම් කළ ගුණයත් වෙනව විස
ඌරගෙ මාළු ඌරගෙ පිට කපන ලෙස
අවි ගත් අයට ඒ අවියම වෙයි අයස
වලි කුකුළා වලි අතටයි අඬන්නේ
ගං කුකුළා ගං අතටයි අඬන්නේ
මී දෙන් ඇවිත් කණු පොළටයි අඬන්නේ
අම්මා කෙනෙක් දරු දුකටයි අඬන්නේ
ගසක් වැවෙනු ඇත බලයෙන් එගස මුලේ
වැලක් එතෙනු ඇත අදිමින් රසය අලේ
මසෙක් වැඩෙනු ඇත රසයෙන් මුහුදු ජලේ
අයෙක් රැකෙනු අැත හොඳනම් ඔහුගෙ මොළේ
කිසිවෙකු හටත් පල නැති දිවි පෙවෙත යෙදී
සියවස මෙලොව විසුවත් කිම ද පල විඳී
අන් අය එදන ගරු නොකරති නොවෙති ළැදී
කළු ගල් රැගෙන කිසිවෙක් මුදුවල නොබඳී
සිටි සෙවනේ අතු නොකඩනු කිසිම වර
අද කළ යුත්ත අද කරනුය කල් නොහැර
කෙන්දක් දැක මුසා නොකියනු කන්ද කර
වඳින්නට ගිය දෙවොල හිස මත වැටුණු ලෙස
කළ නොහොඳ නම් කළ ගුණයත් වෙනව විස
ඌරගෙ මාළු ඌරගෙ පිට කපන ලෙස
අවි ගත් අයට ඒ අවියම වෙයි අයස
වලි කුකුළා වලි අතටයි අඬන්නේ
ගං කුකුළා ගං අතටයි අඬන්නේ
මී දෙන් ඇවිත් කණු පොළටයි අඬන්නේ
අම්මා කෙනෙක් දරු දුකටයි අඬන්නේ
ගසක් වැවෙනු ඇත බලයෙන් එගස මුලේ
වැලක් එතෙනු ඇත අදිමින් රසය අලේ
මසෙක් වැඩෙනු ඇත රසයෙන් මුහුදු ජලේ
අයෙක් රැකෙනු අැත හොඳනම් ඔහුගෙ මොළේ
කිසිවෙකු හටත් පල නැති දිවි පෙවෙත යෙදී
සියවස මෙලොව විසුවත් කිම ද පල විඳී
අන් අය එදන ගරු නොකරති නොවෙති ළැදී
කළු ගල් රැගෙන කිසිවෙක් මුදුවල නොබඳී
No comments:
Post a Comment