හතේ මුලට මුල වළ කෙළපන්නේ
අතේ ඔළිඳ තොර නැතිව කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතිව බලන්නේ
දෙන්නා දෙපිළ ඉඳ ඔළිඳ කෙලින්නේ
ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
ඔළිඳ වැපුරුවද බල කොයි නෑනෝ
එක් පෙති වෙච්චද බලකොයි නෑනෝ
දෙපෙති වෙච්චද බලකොයි නෑනෝ
තුන් පෙති වෙච්චද බලකොයි නෑනෝ
රෑන් ඇදිච්චද බලකොයි නෑනෝ
ගසට පලිච්චද බලකොයි නෑනෝ
මල්හට ගත්තද බලකොයි නෑනෝ
පලුහට ගත්තද බලකොයි නෑනෝ
කිරිසල් වෙච්චද බලකොයි නෑනෝ
ඔළිඳ පැහිච්චද බලකොයි නෑනෝ
ඔළිඳ කඩන්නට අපි යමු නෑනෝ
ඔළිඳ කඩන්නේ මොකෙන්ද නෑනෝ
ඔළිඳ කඩන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙක්ක ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් පෙට්ටි ගෙනෙන්නේ
කෙක්ක වෙලන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙන්ද ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනේ රන් පෙට්ටි ගෙනෙන්නේ
කෙළිමු ඔළිඳ අපි දෙපිල බෙදීලා
කියමු අමුතු රස බස් අගවාලා
බලා මදෙස දැක බැරි පිටුපාලා
පිරිමි සිටිති කිවු දෙපස බෙදීලා
දොඩම් කපාලා ඇඹුල් තනලා
නාන්න යන සැටි බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිදුලේ සක්මන් කරයි කලූ
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කලූ
දුනුකේ මලසේ උළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලන් කලූ
අතේ ඔළිඳ තොර නැතිව කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතිව බලන්නේ
දෙන්නා දෙපිළ ඉඳ ඔළිඳ කෙලින්නේ
ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
ඔළිඳ වැපුරුවද බල කොයි නෑනෝ
එක් පෙති වෙච්චද බලකොයි නෑනෝ
දෙපෙති වෙච්චද බලකොයි නෑනෝ
තුන් පෙති වෙච්චද බලකොයි නෑනෝ
රෑන් ඇදිච්චද බලකොයි නෑනෝ
ගසට පලිච්චද බලකොයි නෑනෝ
මල්හට ගත්තද බලකොයි නෑනෝ
පලුහට ගත්තද බලකොයි නෑනෝ
කිරිසල් වෙච්චද බලකොයි නෑනෝ
ඔළිඳ පැහිච්චද බලකොයි නෑනෝ
ඔළිඳ කඩන්නට අපි යමු නෑනෝ
ඔළිඳ කඩන්නේ මොකෙන්ද නෑනෝ
ඔළිඳ කඩන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙක්ක ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් පෙට්ටි ගෙනෙන්නේ
කෙක්ක වෙලන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනෙන් රන් කෙන්ද ගෙනෙන්නේ
ඔළිඳ නෙළන්නට මොකද ගෙනෙන්නේ
රත්තරනේ රන් පෙට්ටි ගෙනෙන්නේ
කෙළිමු ඔළිඳ අපි දෙපිල බෙදීලා
කියමු අමුතු රස බස් අගවාලා
බලා මදෙස දැක බැරි පිටුපාලා
පිරිමි සිටිති කිවු දෙපස බෙදීලා
දොඩම් කපාලා ඇඹුල් තනලා
නාන්න යන සැටි බලන් කලූ
සේලේ ඇඳලා නෙරිය තියාලා
මිදුලේ සක්මන් කරයි කලූ
දහසක් දීලා වළලු තනාලා
දෑතේ අතලා බලයි කලූ
දුනුකේ මලසේ උළුගෙයි ඇඳපිට
ඔළිඳ කෙළින සැටි බලන් කලූ
No comments:
Post a Comment