රිදියෙන් තනලා රත්රන් ඔපලා කැරලි කෙටූවයි දෑකැත්තේ
සුරතට රං වං රැළි නංවාලා කදිමට දිලිසෙයි දෑකැත්තේ
අඩියෙන් අඩියට තාල තියන්නට සබයෙන් අවසර ලැබ ගත්තේ
සතර වරම් දෙවියන්ගේ බලයෙන් ගොයම් කපමු අපි දෑකැත්තේ
පුන්සඳ වටතරු පෑවූ විලසට
පෙම්බර අඟනෝ බැසලා කුඹුරට
රන් කැති මාරුව දමමින් අහසට
නංගිලා දුරුවෙනු අහුරෙන් අහුරට
උදේ සිටන් අපි තුනටි නමාගෙන මන්දැයි දෑසට නොපෙනෙන්නේ
රජුගේ වැඩක් දෝ ගොවිගෙ වැඩක්දෝ කසපැන් ගෙඩියක් නොලැබෙන්නේ
හක්ගෙඩි නැතිවද නළාව නැතිවද ඉර මුදුනේ වැඩ නාරින්නේ
උඩහ වලව්වේ නිලමෙට කියලා කයිය නතර කර අපි යන්නේ

Ane mata megana thorathuru tikak ona kawi nathuwa
ReplyDelete