දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන් විතර
ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර
තිබහට වතුර බොන්නට සුළු ලිඳ විතර
කිසි විට පිහිට නැත ගැඹුරැති මහ සයුර
කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිල්ලා
බල්ලන් බුරා එන විට දුව නොපනිල්ලා
සෙල්ලන් කඩේ බඩු තරගෙට නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා
දුප්පත්කම කාට කාටත් ඇතිවීම
ඇත්තක්මය ඒ ගැන කුමටද දුක්වීම
එක්සත්කම සමග තිබුණොත් ගුණදාම
දුප්පත්කම මැකෙයි රිවි දුටු පිණි සේම
ගොහොරු මඩේ පය තදකර යන්ට එපා
පාරැ පදින සයුරේ පීනන්න එපා
මෝරු සමග අමු මස් වළඳන්ට එපා
මාරු වුණත් උගතුන් හා වාද එපා
කෙල්ලෝ කුඩාකල සෙල්ලම් බත් පිසතී
කොල්ලෝ වැල්ලේ ඉඳ බොරු වලවල් කපතී
ගුල්ලෝ ලී අරටු විදිනට තැත් දරතී
බල්ලෝ හඳේ සෙවණැල්ලට උඩු බුරතී
බස්සා නිදිමරයි ඌ කරනා වැඩ නැතී
බළලා කපු කටියි ඌ වියනා රෙදි නැතී
වඳුරා මහලු මුත් පොළොවේ ගමන් නැතී
සිවලා සිංහ වෙස් ගති පසුව රැවටෙතී
දහසක් දෙන සිටින සබ මැද්දේ
අකුරු උගත් අයමයි පරසිද්දේ
අකුරු නොදත් අය ගොන්වැනි බැද්දේ
උගත මනා දෙයමයි තම ලද්දේ
පොහොසත්දා ඇඳ ඇතිරිලි කොට්ට ඇතී
දුප්පත් දාට ඉන්නට සෙවණකුත් නැතී
ඇතිදා කන්ට නැති නෑයෝ ගණන් ඇතී
මැරුණු දාට පණුවෝ මිස කාත් නැතී
පැණි රසත් තිත්ත වෙයි සිත් කෝපයට
බලවතත් දුබල වෙයි ලෙඩ රෝගයට
ඇස් ඇතත් දෝස නොපෙනෙයි රාගයට
හිතවතත් නොහොඳ වෙයි සිත් උඩඟුවට
සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර
තිබහට වතුර බොන්නට සුළු ලිඳ විතර
කිසි විට පිහිට නැත ගැඹුරැති මහ සයුර
කොල්ලන් ගසට ඇර ගස මුල නොසිටිල්ලා
බල්ලන් බුරා එන විට දුව නොපනිල්ලා
සෙල්ලන් කඩේ බඩු තරගෙට නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිෂ්ඵල වෙයි දැනගල්ලා
දුප්පත්කම කාට කාටත් ඇතිවීම
ඇත්තක්මය ඒ ගැන කුමටද දුක්වීම
එක්සත්කම සමග තිබුණොත් ගුණදාම
දුප්පත්කම මැකෙයි රිවි දුටු පිණි සේම
ගොහොරු මඩේ පය තදකර යන්ට එපා
පාරැ පදින සයුරේ පීනන්න එපා
මෝරු සමග අමු මස් වළඳන්ට එපා
මාරු වුණත් උගතුන් හා වාද එපා
කෙල්ලෝ කුඩාකල සෙල්ලම් බත් පිසතී
කොල්ලෝ වැල්ලේ ඉඳ බොරු වලවල් කපතී
ගුල්ලෝ ලී අරටු විදිනට තැත් දරතී
බල්ලෝ හඳේ සෙවණැල්ලට උඩු බුරතී
බස්සා නිදිමරයි ඌ කරනා වැඩ නැතී
බළලා කපු කටියි ඌ වියනා රෙදි නැතී
වඳුරා මහලු මුත් පොළොවේ ගමන් නැතී
සිවලා සිංහ වෙස් ගති පසුව රැවටෙතී
දහසක් දෙන සිටින සබ මැද්දේ
අකුරු උගත් අයමයි පරසිද්දේ
අකුරු නොදත් අය ගොන්වැනි බැද්දේ
උගත මනා දෙයමයි තම ලද්දේ
පොහොසත්දා ඇඳ ඇතිරිලි කොට්ට ඇතී
දුප්පත් දාට ඉන්නට සෙවණකුත් නැතී
ඇතිදා කන්ට නැති නෑයෝ ගණන් ඇතී
මැරුණු දාට පණුවෝ මිස කාත් නැතී
පැණි රසත් තිත්ත වෙයි සිත් කෝපයට
බලවතත් දුබල වෙයි ලෙඩ රෝගයට
ඇස් ඇතත් දෝස නොපෙනෙයි රාගයට
හිතවතත් නොහොඳ වෙයි සිත් උඩඟුවට
සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
No comments:
Post a Comment