ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Monday

ගොයම් කවි (Goyam Kavi)

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ                කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස                     දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්                   කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්                    පුරා

ඇසී නාද හඬ බමරුගෙ              ලීලා
පැසී ගොයම් පත් කිරට          නැමීලා
ගැහී සුළං වාතෙට ඉති           නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර         ලීලා

පේරු ඇතුව වී පැළකර                         ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු                        උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි                   මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට                  ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු                  මාලා
කණට ඔබින රන් තෝඩු                  දමාලා
අතට ගිගිරි රන් වළලු                      දමාලා
ඇඟට ඔසරි සුදු සේල                      දමාලා

උදේ පාන්දරින් නැගිට                           සිටිල්ලා
ගොයම් කපන්නට නෑනේ                    වරෙල්ලා
රන් දෑකැති ගෙන පෙළට                       සිටිල්ලා
රන් මන්දෑලේ කෙතට                           බසිල්ලා

1 comment: