ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Sunday

පැල් කවි (Pal Kavi)

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින          තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින           තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින         තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන       තුරු

අහස තනිවේද විදුලිය                   කෙටුවාම
පොළොව තනිවේද මම බිම            බැලුවාම
මුහුද බොරවේ ද ගොඩ රළ             ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                     ඇඬුවාම

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම්           බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට            ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන            බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ             නෙළුම්

පාට හොඳයි පැළවෙන ගොයමේ              නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                   රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්             ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                     මුල්ල

කල් බලා නොවෙද ගොවිතැන්               කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                  පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි පල                නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවද ද                         දකින්නේ

No comments:

Post a Comment