ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

මේවර කෙළිය / Mewara Keliya

ඈත අතීතයේ සිට පැවත එන ක්‍රීඩාවකි. විශේෂයෙන් ම ගැහැනු ළමයින් කරන ක්‍රීඩාවකි. සහභාගි වන අය අත්වැල් අල්ලාගෙන රවුමට සිටිති. මෙහිදී වළල්ලක් බිම දමා රවුමේ සිටින එක් අයෙකු පාදයෙන් එය යටකරගෙන සිටියි. එක් කාන්තාවක් රවුම වටේ යමින් මේවරයා සොයයි. මේවරයා ලෙස හඳුන්වන්නේ වළල්ලක්, කරබුවක් වැනි රන් ආභරණයකි.

වටේ යන අය -
සාර සදිසි පෙති පේර නෙළන කළ වල ගියදෝ මගෙ මේවරයා

රවුමේ සිටින අය - 
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොස් වතු කන්දේ කොස් කඩනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

මුංවතු කන්දේ මුං නෙලනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කහ වතු කන්දේ කහ කොටනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කොටන පොළන කොට පොල් අඹරන කොට වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

කැලේ ගොසිල්ලා දර කඩනා කළ වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

නෑමට ගොස් එම නාන තැනේදී වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

අල වතු කන්නේ අල කොටනා දා වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

ලිඳට ගොසිල්ලා වතුර අදින කල වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

ගෙදර වටේ අතු ගාගෙන යන කල වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

මෙන්න මෙතනදී මේ සබයේදී වල ගියදෝ මගෙ මේවරයා
          නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා

6 comments:

  1. one i need in deed!!

    ReplyDelete
  2. today I learn what is mewara keliya

    ReplyDelete
  3. Anonymous6:36 AM

    Thanks

    ReplyDelete
  4. Anonymous9:16 PM

    අඩේ සුපිරි 2026 අය කෝ ශ්‍රී .සු .ම. පි

    ReplyDelete