බිළිඳා අඬයි කිරි කට වේලි වේලියේ
උගෙ මෝ නෙළයි අව්වේ වේලි වේලියේ
කොටිකන් බැබිල එළ තිබ්බටු මහ වනයේ
නෙළුමෙන් කාරි නැත නාඞව පුතා මයේ
යෙහෙළි නගා වරු නෙළුමට එන්නේ
විහිළු කතා සමහරු තෙප ලන්නේ
සැහැලි ලෙසට කවි පද පවසන්නේ
කහලි වෙලා බුලතට නොසිතන්නේ
රිදී වළලු ඇත සමහරැ අත ලාලා
සැදී රුවට නෙළනා ලක ලීලා
කදිම ලෙසට කවි පද තෙපලාලා
පැදි නොයති දුටු අය පිටු පාලා
බැන්දු ලෙසට දිග යට නිල් කෙහෙලී
පන්දු ලෙසට දමමින් පැල කැරලී
ලන්දු සැවොම එකතුව නොව කහලී
සින්දු කියති නොකියති වෙන විහිළී
සුබා ගුණැති රුසිරූ අඟනන්නේ
සබා මැදදී කවිපද පවසන්නේ
විභාගයෙන් එන අය විමසන්නේ
බඹා මැවූ රුවදෝ මෙළඳුන්නේ
පවර උතුම් වෙළුමක බිජු ලොවට
දෙවර බැගින් නෙළනා සොද රුවට
අවර දිනිදු රෑ වී යන කලට
ඉවර වෙලා නෑයෝ එති ගොඩට
සෙතක් ලැබේවා තිසරණ සරණින් සැම වර
මෙලක්දිවට අදිපති සැම සුරිඳුන් අවසර
දොසක් ඇතත් දුරහැර සිරි සලසන නිරතුර
මදක් කියමි නෙළුම් තහන්චිය මම කවි කර
උගෙ මෝ නෙළයි අව්වේ වේලි වේලියේ
කොටිකන් බැබිල එළ තිබ්බටු මහ වනයේ
නෙළුමෙන් කාරි නැත නාඞව පුතා මයේ
යෙහෙළි නගා වරු නෙළුමට එන්නේ
විහිළු කතා සමහරු තෙප ලන්නේ
සැහැලි ලෙසට කවි පද පවසන්නේ
කහලි වෙලා බුලතට නොසිතන්නේ
රිදී වළලු ඇත සමහරැ අත ලාලා
සැදී රුවට නෙළනා ලක ලීලා
කදිම ලෙසට කවි පද තෙපලාලා
පැදි නොයති දුටු අය පිටු පාලා
බැන්දු ලෙසට දිග යට නිල් කෙහෙලී
පන්දු ලෙසට දමමින් පැල කැරලී
ලන්දු සැවොම එකතුව නොව කහලී
සින්දු කියති නොකියති වෙන විහිළී
සුබා ගුණැති රුසිරූ අඟනන්නේ
සබා මැදදී කවිපද පවසන්නේ
විභාගයෙන් එන අය විමසන්නේ
බඹා මැවූ රුවදෝ මෙළඳුන්නේ
පවර උතුම් වෙළුමක බිජු ලොවට
දෙවර බැගින් නෙළනා සොද රුවට
අවර දිනිදු රෑ වී යන කලට
ඉවර වෙලා නෑයෝ එති ගොඩට
සෙතක් ලැබේවා තිසරණ සරණින් සැම වර
මෙලක්දිවට අදිපති සැම සුරිඳුන් අවසර
දොසක් ඇතත් දුරහැර සිරි සලසන නිරතුර
මදක් කියමි නෙළුම් තහන්චිය මම කවි කර
No comments:
Post a Comment