කොතන සිටද බඹරිඳු තොප එන්නේ
නිල් වලවේ එගොඩින් අප එන්නේ
කොතනද බඹරිඳු තොප සැතපෙන්නේ
උක්මල මුදුනේ අප සැතපෙන්නේ
කොහොමද බඹරිඳු තොප රොන් ගන්නේ
නාමල නොතළා අප රොන් ගන්නේ
කොහොමද බඹරිඳු නාද කරන්නේ
රූං කියා අප නාද කරන්නේ
කෙතක ගොයම් පැළ නිල දිලිසෙනවා
වටක ඉඳන් මල් වඩම් තනනවා
තැනක ඉඳන් මල් මාල ගොතනවා
මලක බඹරු සේ වට නද දෙනවා
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත
ඉරිදා පායන ඉර වාගේ
සඳට සඳක් නැත මෙහෙම සඳක් නැත
සඳුදා පායන සඳ වාගේ
දියට දියක් නැත මෙහෙම දියක් නැත
කැළණි ගඟේ නිල් දිය වාගේ
කෙතට කෙතක් නැත මෙහෙම කෙතක් නැත
ගොයම් නෙළන මේ කෙත වාගේ
අඳුරු ලලා සෙන්කඩ ගල වසින්නා
පඳුරු ලලා වල්කුඩු මැටි බඳින්නා
අක්කා නඟෝ නැති අරුමේ දැනෙන්නා
මෙදා අඳ කුඹුර නෙළුමෙන් ඇරෙන්නා
නිල් වලවේ එගොඩින් අප එන්නේ
කොතනද බඹරිඳු තොප සැතපෙන්නේ
උක්මල මුදුනේ අප සැතපෙන්නේ
කොහොමද බඹරිඳු තොප රොන් ගන්නේ
නාමල නොතළා අප රොන් ගන්නේ
කොහොමද බඹරිඳු නාද කරන්නේ
රූං කියා අප නාද කරන්නේ
කෙතක ගොයම් පැළ නිල දිලිසෙනවා
වටක ඉඳන් මල් වඩම් තනනවා
තැනක ඉඳන් මල් මාල ගොතනවා
මලක බඹරු සේ වට නද දෙනවා
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
ඉරට ඉරක් නැත මෙහෙම ඉරක් නැත
ඉරිදා පායන ඉර වාගේ
සඳට සඳක් නැත මෙහෙම සඳක් නැත
සඳුදා පායන සඳ වාගේ
දියට දියක් නැත මෙහෙම දියක් නැත
කැළණි ගඟේ නිල් දිය වාගේ
කෙතට කෙතක් නැත මෙහෙම කෙතක් නැත
ගොයම් නෙළන මේ කෙත වාගේ
අඳුරු ලලා සෙන්කඩ ගල වසින්නා
පඳුරු ලලා වල්කුඩු මැටි බඳින්නා
අක්කා නඟෝ නැති අරුමේ දැනෙන්නා
මෙදා අඳ කුඹුර නෙළුමෙන් ඇරෙන්නා
👍 👍 👍 👍
ReplyDelete