පැලේ පැදුර සුළඟට වැනි වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
අපේ මෙවන් දුක් දෙවිඳුට පෙනීයෝ
විල පාලුයි විල දමලා කොක්කු ගියා
මල පාලුයි මල දමලා බඹරු ගියා
ගහ පාලුයි පිපි මල් පරවෙලා ගියා
මට පාලුයි රංමැණිකා දීගෙ ගියා
එගොඩත් බලමි එගොඩත් වවුලන්ගෙ කැලේ
මෙගොඩත් බලමි මෙගොඩත් වවුලන්ගෙ කැලේ
දෙගොඩම බලමි දෙගොඩම වවුලන්ගෙ කැලේ
වව්ලනි තොපට මොර ඉදිලා පල්ලෙ කැලේ
වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
අපේ මෙවන් දුක් දෙවිඳුට පෙනීයෝ
විල පාලුයි විල දමලා කොක්කු ගියා
මල පාලුයි මල දමලා බඹරු ගියා
ගහ පාලුයි පිපි මල් පරවෙලා ගියා
මට පාලුයි රංමැණිකා දීගෙ ගියා
එගොඩත් බලමි එගොඩත් වවුලන්ගෙ කැලේ
මෙගොඩත් බලමි මෙගොඩත් වවුලන්ගෙ කැලේ
දෙගොඩම බලමි දෙගොඩම වවුලන්ගෙ කැලේ
වව්ලනි තොපට මොර ඉදිලා පල්ලෙ කැලේ
No comments:
Post a Comment