ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Wednesday

පාරු කවි (Paaru/ Paru Kavi)

අතීත සමාජයේ භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා ගොඩබිම මෙන්ම ජල මාර්ග ද යොදා ගැනුණි. ජල මාර්ග, විශේෂයෙන්ම ගංගා, ඔස්සේ සිදු කෙරුණු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනුණේ ඔරු පාරු වේ. මෙසේ ඔරු පාරු පැදීමේ දී ගායනා කල කවි පාරු කවි ලෙස හැඳින්වේ.

පූරුවේ කරපු අකුසල්                                    ගෙවන්නට
පාරුවේ ඇවිත් විය දුක්                                     විඳින්නට
මාරුවේ අවල අදිමින් විටින්                                      විට
සීරුවේ බසිමු ගොස් තුන්                                  මෝදරට

ඔන්න මලේ ඔය නාමල නෙළා                           වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා                         වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා                            වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී                                      වරෙන්

නාග ලොවට නයි ඇදගෙන                            යන්නාසේ
ගග තුළ පිළිබිඹුව පෙන්නා                                මනාසේ
මහ දාගැබ මයියංගන                                      පරකාසේ
පසුකර වේරගං තොට අපි යමු                         සතොසේ

පාරුව පැද්දේ උඩහට                                       යන්නයි
සතර වරම් දෙවි අවසර                                    දෙන්නයි
කිරිඳි ගඟේ රතු මැණික්                               තිබෙන්නයි
පාරු පදින්නේ මැණික්                                   ගරන්නයි

ගගේ යන්නෙ නැකතින් අගුල                         පැදගෙන
සමන් දෙවියන්ට තුටු පඞුරු                            බැඳගෙන
මෙවන් කළු ගඟේ කණු මුල්                       සොයාගෙන
ඉතින් යමුය හැම දෙවියන්ට                            වැඳගෙන

සූරිය උදාවන තුරු පිනි                                     බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ                              සෙලවිල්ල
මාරුව බල බලා හිතයට                                කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්                         රැවටිල්ල

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ                             පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර                            කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන                           සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ                            පැටියා

No comments:

Post a Comment