අහුරු අල්ලමින් අගමුල කපා ගෙනේ
දෙපේලියේ පන් බැදලා තියා ගෙනේ
සිව් මුල්ලෙන් එක මුල්ලක් වියා ගෙනේ
පැදුරක් මම වියා ගඤ්ඤං හිමි සඳුනේ
පෙට්ටියක පන් බැඳලා සුරක්කම්
එ ළඳ බඳට ඉසි ගෝමර පෙනෙන්නම්
තුනටිය රිදෙන්නේ මට බැරි අනිච්චම්
පැදුර මැදට ඔක්කොම හවඩිය ගෙත්තම්
සිතන සිතන සැටියට වියනා සැටියා
දෙතනේ තියෙන ගෝමර පෙති රුව කැටියා
රත්නගිරි ගෙන්වන දොස ඇරී ගියා
පතඟි පැදුර මම වියලා ගත් සැටියා
අකුලා ගෙන පැදුර ගෙටද යන්නේ
අවලා සිත සිතා බිම අතුරා දමන්නේ
කකුල මුලා කැකුලට ලොව පෙනෙන්නේ
කුකුලා අඬන තුරු නින්දට යන්නේ
දෙපේලියේ පන් බැදලා තියා ගෙනේ
සිව් මුල්ලෙන් එක මුල්ලක් වියා ගෙනේ
පැදුරක් මම වියා ගඤ්ඤං හිමි සඳුනේ
පෙට්ටියක පන් බැඳලා සුරක්කම්
එ ළඳ බඳට ඉසි ගෝමර පෙනෙන්නම්
තුනටිය රිදෙන්නේ මට බැරි අනිච්චම්
පැදුර මැදට ඔක්කොම හවඩිය ගෙත්තම්
සිතන සිතන සැටියට වියනා සැටියා
දෙතනේ තියෙන ගෝමර පෙති රුව කැටියා
රත්නගිරි ගෙන්වන දොස ඇරී ගියා
පතඟි පැදුර මම වියලා ගත් සැටියා
අකුලා ගෙන පැදුර ගෙටද යන්නේ
අවලා සිත සිතා බිම අතුරා දමන්නේ
කකුල මුලා කැකුලට ලොව පෙනෙන්නේ
කුකුලා අඬන තුරු නින්දට යන්නේ
No comments:
Post a Comment