ඔබට අවශ්‍ය කවි වර්ගය singlish වලින් type කරන්න. (eg : kamath kavi, pal kavi, goyam kavi)

Thursday

කමත් කවි (Kamath kavi)

ගොනුගෙ පයේ රනෙන්                         විල්ල
අපේ පයේ රිදී                                       විල්ල
කමත වටේ කර                                කැවිල්ල
උනා වරෙන් බැත                               වළල්ල

ගොනා නිකම් බකරි                                බතා
උගෙ කන්වැල් වෙහෙර                           වතා
වෙහෙර සතක උස                               මහතා
එපමණ උස බැත                                 දෙවතා

බුදුන් වඩින                                  වේලාවයි
කිරි උතුරන                                 වේලාවයි
කොළ මඩවන                             වේලාවයි
කමත පිරෙන                              වේලාවයි

ඉත්ත රුදාවයි                            නොසිතන්
පත්ත රුදාවයි                            නොසිතන්
දැත්ත අතින් තොර                     නොකරන්
මුත්තා ගෙන වැඩ                          බෝවන්

උපදේශ කවි

නහින දෙහින කාලෙට පින් කෙරුම       යුත
වහින කලට කූරින් විල් වලින්                එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත්       ඇත 
පනින රිළවුන්ට ඉනිමං කමක්              නැත

රන් විමනේ සිටි මුත් දුක නැති              වෙද්ද
පැණි මීයේ කෑ මුත් බඩ ගිනි                 නැද්ද
මිණි බරණින් සෑදු මුත් ගත             නොදිරද්ද
පැණි වරකා ගසටත් හෙණ             නොවදිද්ද

අඳුරු කරුවලේ පඳුරට මුවා                     වෙලා
විදුලිය එළිය දැක ගිනිහුල දියේ                හෙලා
අනුන් ලියන් දැක තම ලියට තල                තලා
දුවන මුවන් දැක නොදමන් නෙලුව             පලා

Saturday

තේරවිලි කවි (Therawili Kavi)

මොණරෙක් සිටියි දස අත පිල්               විදාගෙන
කෙනෙක් සිටියි කඳ මැද්දෙන්               බදාගෙන
ගෙඩි කති ලෙලි නොකති හැමදෙන     බෙදාගෙන
මෙතුන් පදේ තෝරා අවසන්                   නැණින

දස අත පලය කීවේ රඹ ගසය                      මලේ

කඳ මැද බදා ඉන්නේ රඹ කැනය                 මලේ
ලෙල්ල හැර කෙසෙල් ගෙඩි හැම කනවා  බොලේ
මෙතුන් පදේ තේරුවෙ නැණයන්ය             මලේ

ගසට නමකි මල පිපුණම වෙන                              නමකී
ගැටයට නමකි ලොකු වෙනකොට වෙන                 නමකී
ගෙඩියට නමකි ගෙඩි ඉදුනම වෙන                         නමකී
මෙතුන් පදේ තෝරාලා කියන්                                  සකී

ගසට කොස් කියයි මල නම් පනා                    නොවේදෝ

ගැටයට පොළොස් ලොකු වෙනකොට නිකිණි  නොවේදෝ
ගෙඩියට කොස් ඉදුනම වරක                         නොවේදෝ
මෙතුන් පදේ තේරුවෙ මෙලෙස                     නොවේදෝ

දාර දෙකයි එක නම මුල් කර                 තැනුවා
පාර තිහක් ගැසුවට බියකුත්                   නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට            ඇතුවා
තෝරා කියන් ඊයේ මගදී                         දුටුවා

දාර දෙකයි එක මැද එක                      ගැවසීය
වට පිට යන කලට කණු සතරෙන්              යාය
ගෙට වැඩි කලට කිසි බියකුත්             නැතුවාය
මේ නම් ඉතින් කවුරුත් නොව              ඉබ්බාය

Thursday

පතල් කවි (Pathal Kavi)

මිනිරන් පතල හරියට අපෙ ගෙදර                       වගේ
බත් දෙන කෝකියා අපෙ අම්මා                         වගේ
ලියන අප්පු හරියට ලොකු අයියා                        වගේ
ලෝඩර හරියටම මහසෝනා                             වගේ

ජේත්තුවට කටු මිටි අරගෙන                           යනවා
මාත්තුවට බෙහෙතුත් අරගෙන                        යනවා
වාත්තු කල ලෙසට මතුවට                         පවතිනවා
දෙහිගහ වෙලේ දෝනා දකුණට                      යනවා

දුම්බර කන්ද පාමුල ගම රා                              ගෙදර
මිනිරන් ගෙන යන්න කැපුවා මහ                        පාර
වතුරෙන් සැප හොඳහි කුඹුකේ ලිo                    වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ රා                         ගෙදර

සබරගමුව එළියයි පෙරහැර                               දාට
කබරගොයින් එන්නේ වැහි පොද                       දාට
දඹර මඩුව පාළුයි අපි නැති                                 දාට
දබරේ ගල් වෙයන් උඩ එන                       පෝළිමට

මහත්තයෝ මා කී දේ                                 අහනවද
අතේ තිබෙන කරගැට පොඩි                       බලනවද
පොතේ තිබෙන පඩි ගණනත්                     කියනවද
ගමට යන්න පඩි තුණ්ඩුව                        ලැබෙනවද

Tuesday

තේරවිලි කවි (Therawili kavi)

ගෙදර තිබෙන ලිය තෝරා                           එවාපන්
කැලේ තිබෙන ලිය තෝරා                         එවාපන්
අතු අග තිබෙන ලිය තෝරා                        එවාපන්
කොළඹ තිබෙන ලිය තෝරා                       එවාපන්

ගෙදර තිබෙන ලිය ඇතිලිය                    නොවේදෝ
කැලේ තිබෙන ලිය රඳලිය                    නොවේදෝ
අතු අග තිබෙන ලිය හෙරළිය                නොවේදෝ
කොළඹ තිබෙන ලිය පල්ලිය                නොවේදෝ

උඩින් දුවන වී තෝරා                                 එවාපන්
බිමින් දුවන වී තෝරා                                 එවාපන්
ගේ ළඟ සිටින වී තෝරා                             එවාපන්
වෙල්වල පැසෙන වී තෝරා                        එවාපන්

උඩින් දුවන වී ගිරවී                              නොවේදෝ
බිමින් දුවන වී හාවී                               නොවේදෝ
ගේ ළඟ සිටින වී පරෙවී                        නොවේදෝ
වෙල්වල පැසෙන වී මාවී                      නොවේදෝ

උපදේශ කවි

ගසට කෙටුම ගස මුල පෑයුමෙන්                      දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන්                  දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන්                        දැනේ
හානා හීය පානා අඬ හැරෙන්                           දැනේ

වරද පෙනෙන තරමට වැරදුණා                           වේ
වරද ඇතත් නිකරුණේ වැඩ කළා                 නොවේ
වරද පෙනෙති වැඩ නූගත් අයට                     ලොවේ
වරද නැති කෙනෙක් නැත සකි මේ                ලොවේ

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ                   කපනූ
බොරැල්ලේ තරම දැන ගෙන උඩ                    පනිනූ
කඩුල්ලේ තරම දැන ගෙන වැට                       බඳිනූ
තමුන්ගේ තරම දැන ගෙන කල්                       හරිනූ

ඇස නැතිදා පොත් ගත්තේ                          කියන්ටද
දත නැතිදා උක් දඬු ගිනි                               තපින්ටද
වෙර නැතිදා ගහ ගත්තේ                              දිනන්ටද
යුධ ඇතිදා නැති කග කොස්                      කොටන්ටද

එක් උනදාට උක් දණ්ඩේ පැණි                          සේමා
වෙන් උනදාට යක් දණ්ඩේ වද                           සේමා
ගොසින් ගොසින් කටු අත්තේ අග                      සේමා
ඉතින් ලඳේ කරවිල තිබ්බටු                                සේමා

Wednesday

කමත් කවි (kamath kavi)

බුදුන් වඩිති මේ                               කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
බුදුන් අණින් එයි                             කමතට

දහම් බෙලෙයි මේ                           කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
දහම් බෙලෙන් එයි                          කමතට

සඟුන් වඩිති මේ                              කමතට
සඳුන් සුවඳ විසිරෙයි                              වට
යොදුන් උසට තිබෙනා                        බැත
සඟුන් අණින් එයි                            කමතට

මේ කාගේ දෝ                                 කමතා
සැම දෙවියන්ගේ                              කමතා
සැම දෙවියෝ බිම                             බඳිතා
බිම් බැදි තැන කොළ                         බඳිතා

මේ කොතනින් ගෙනා                     ගොනා
දෙවුන්දරින් ගෙනා                          ගොනා
ඒ මොනවට ගෙනා                         ගොනා
කොළ මඬනට ගෙනා                      ගොනා

Sunday

පාරු කවි (Paaru/ Paru Kavi)

ජලේ ගැඹුර දන්නේ කූනිස්සා                               ය
මලේ සුවඳ දන්නේ මී මැස්සා                               ය
කැලේ පළල දන්නේ ඇත් වස්සා                          ය
මලේ ඔතන නොසිටින් ඌ පිස්සා                         ය

බෝඹු ඉදලු දළු ලන්නේ වැස්සකට                       යි
කෙකටිය මලේ වක යන්නේ වතුරකට                 යි
කැළණි ගඟේ ඔරු යන්නේ පැද්ද කොට               යි
කළුගෙ නගා මෙහි එන්නේ නෑ කමට                   යි

මං බාලේ ඇති කළ තලගොයි                       පැටියා
මට තනියට මිදුලේ පෙම් කෙළ                      සිටියා
උගෙ මරුවා ඇවිතින් ඌ අරන්                         ගියා
නිවන් පුරේ පලයන් තලගොයි                      පැටියා

සස්සඳ සසඳ දිය මතු පිට තියේ                          මල
සස්සඳ සසඳ දිය පල්ලේ තියේ                           අල
වැස්සට පිනි බබා මෝරන කැකුළු                     මල
මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්                    මල

හඳ පානේ ඔරුව පැදගෙන ගඟ                    මැද්දේ
තොටුපොල නොදැන ගිය තොටියා විය        බැද්දේ
ඉහළට පදින ඔරු ඇයි පහළට                      පැද්දේ
බැස යන දියේ ඔරු නොපදිවු එක                  ඉද්දේ

ගමන් යන්නෙ නැකතින් පාරු                    පැදගෙන
සමන් දෙවියන්ට පුද පඬුරු                        බැඳගෙන
මෙවන් කලු ගඟේ ගල් මුල්                      බලාගෙන
අපිත් යමුද සැම දෙවියන්ට                        වැඳගෙන

කතරගමයි දේවාලය                             දෙවියන්ගේ
අතරමගයි අද අපි දිය නෑවේ                            ගඟේ
සතර දෙනයි ගෑවේ රන් සඳුන්                         ඇඟේ
වතුර හොඳයි කවදත් නිල්වලා                         ගඟේ

අවර ගිරේ ගිරි අවරේ ගිරවුන්                               ට
අදින සැරේ රොන් ගෙනියන බඹරුන්                   ට
ගති අවරේ ගිරි මුදුනේ රෑ වෙන්                            ට
එනු මිතුරේ අපි සැමදෙන පීනන්                           ට

හඳ පානේ මද පවනේ ගමන්                              යමූ
රෑ වුණ තැනේ අම්බලමක වාඩි                         වෙමූ
අට පණමක පැණි අරගෙන බෙදා                       කමූ
යහලු අපට ඔරු පැදපන් බුලත්                          දෙමූ

Monday

පැල් කවි (Pal Kavi)

ඇල් හේනේ අට්ටාලේ ඉන්න                              කොට
රන්වන් ගිරව් දෙන්නෙක් කටු අත්ත                         පිට
රන්වන් ගෝමරයි උන්ගේ බෙල්ල                           වට
රන්වන් ගිරවුනේ නොතෙමී වරෙව්                        ගෙට

වෙළේ පැලේ මම තනියම ඉන්න                         කොට
කොක්කු රැළක් ආවා එක                                විඩේකට
එයින් එකෙක් ඇත්නම් ඇති                               කිරීමට
හෙටත් වරෙව් කොකුනී රුව                             බැලීමට

කිරි වැදි වැදි කිරි වැදි වැදි                            මෝරන්නා
ගොඩ ඇදි ඇදි ගොඩ ඇදි ඇදි                          පූදින්නා
අග නැමි නැමි අග නැමි නැමි                      බරවෙන්නා
පැලට වෙන්න දැන් කාලය ළං                         වෙන්නා

මාමයි මමයි එක යායේ හාන                              කොට
කුළු මීමෙක් එලවා ගති                                 අනින්නට
වට පිට බැලිමි ගසකුත් නැත                         නගින්නට
පිට පට ගසා නැග්ගෙමි මාමගෙ                           කරට

එගොඩ කන්ද දුම් බාලා දුම්                                 බින්දූ
මෙගොඩ කන්ද පිනි බාලා පිනි                            බින්දූ
පල්ලේ කැලේ මොර ඉදිලා පැණි                        බින්දූ
අපි අද කියමු එලිවෙන කල් කවි                          සින්දූ

Sunday

පැල් කවි (Pal Kavi)

මලයයි මමයි කුඹුරට යන වෙලා              වේ
සතර වටින් එනවා වැහි වලා                    වේ
මුවා වෙන්ට ගසකුත් නැති වෙලා             වේ
පමා වෙලා වැහැපන් වැහි වලා                 වේ

ඉර වර වර ඉර වර වර                     වළල්ලා
සඳ වර වර සඳ වර වර                     වළල්ලා
පෑදි දියට බොර දිය එක්                 වෙයල්ලා
සිව් පද කියන්නට කවුරුත්             වරෙල්ලා

ගලේ වෙලේ වී වැපිරුවේ                මනාවයි
ඒක කන්න කක්කුට්ටන්                 දෙබානයි
බට්ටිච්චා හිස පීරන                          පනාවයි
චූටික්කට හිර දෙඩුවා                       හිනාවයි

එක් බටු දෙබටු තුන් බටු සාර පස්             බටු
නියං කලට මල් සැදෙනා තිත්                  බටු
එරටින් එකෙක් ඇවිදින් ඉල්ලුවේ            බටු
සිව් පද කියන්නට බැරිනම් අහන්             හිටු

අරළු බුළු නෙල්ලි මේවා කහට              රසයි
වෙරලු දෙහි දොඩම් මේවා ඇඹුල්          රසයි
උක්දඬු හකුරු මී පැණි හරිම පැණි         රසයි
මේ හැම රසට වැඩියෙන් සී පදය           රසයි


Friday

පතල් කවි (Pathal Kavi)

ඉන්නේ දුම්බරයි මහ කලු ගලක්                  යට
කන්නේ කරවලයි රට හාලේ                    බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ            පවට
යන්නේ කවදාද මව්පියො                   දකින්නට

දුම්බර කන්ද පාමුල මිනිරන්                   පතලේ
බැහැලා බඹ තිහක් කළු ගල සිදුරු            කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන්               කලේ
විස්තර කියමු දුම්බර මිනිරන්                 පතලේ

Thursday

පාරු කවි (Paaru/ Paru Kavi)

පාට එරන් ගඟ බඩ යන                            කොකුන්නේ
රෑට බතට තොප කොතනද                            ලගින්නේ
ගඟ බඩ අතු නැද්ද තොප නොලැග                   යන්නේ
වංසේ මොටද පණුවන් කන                      කොකුන්නේ

මලේ මලේ තැඹිලිය වැන්න පොල්                      මලේ
රැළේ රැළේ මූදෙන් දමන දිය                                රැළේ
බලේ බලේ රාසිහ දෙවියන්ගෙ                            බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා                          මලේ

බෝඹු ඉදලු දලු ලාදෝ                                නොලාදෝ
කෙකටිය මලේ වක යාදෝ                         නොයාදෝ
කැළණි ගඟේ ඔරු යාදෝ                           නොයාදෝ
කළුගෙ නගා මෙහි ඒදෝ                             නෝඒදෝ

සීරුව දියේ කණු ගොඩ සිටුවා                             මහත
වාරුව ඇතිව දියපිට තැනු ගෙයක්                         ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන්                     යත
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ                    නැත

මොටද උපන්නේ මේ වියළුවේ                            රටේ
බැඳපු ගල් බැම්ම මහියංගනේ                              වටේ
ඔරුවට නැගීලා සුරතට ගත්තු                              රිටේ
පාරු පදින රුව බල වේරගං                             තොටේ

Saturday

කමත් කවි (kamath kavi)

ඉරු දෙවියෝ වැඩිය                             තැනේ
බොල් පිනි නොතිබෙයි                      එතැනේ
සඳ දෙවියෝ වැඩිය                              තැනේ
කරුවල නොතිබෙයි                           එතැනේ

මහ ගජතුන් බැන්ද                               තැනේ
කණු මුල් නොතිබෙයි                        එතැනේ
හැම දෙවියෝ වැඩිය                            තැනේ
උවදුරු නොතිබෙයි                            එතැනේ

ගණ දෙවියෝ වැඩිය                           තැනේ
රෝදුක් නොතිබෙයි                          එතැනේ
පසේ බුදුන් වැඩිය                                තැනේ
පස් පව් නොතිබෙයි                           එතැනේ

සමනල මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
මක්කම මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
කැළණිය මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට
රන්වැලි මහ වෙහෙර උසට
                               ගෙනත් පුරව මේ කමතට


Monday

පැල් කවි (Pal Kavi)

අහසේ තරු සේම ගොවිතැන්                             කරන්නේ
පොලවේ වැලි සේම බෝගත්                             ඉසින්නේ
මගේ හේනමයි ඌරට                                  පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ නඩු                                බලන්නේ

කන්ද උඩින් එන කිකිළිය                           ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු                             සැටියේ
අත පා මුදු පය පා මුදු                               වයිරොඩියේ
මට පිටුපා ගෙට යනවද                               සුරතලියේ

වෙල හොඳ මොකද යල මහ පාළු වේ                   නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ              නම්
මල හොඳ මොකද අතු අඟ පරව යේ                     නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ                  නම්

මන්දාරමට උඩ ඉගිලෙන වැහි                        ලේනී
ගොනුගෙ පිටේ දැම්මා වැනි බර                     ගෝනී
වෙල මැද අම්බලම කාටත්                          පරවේනී
මට තනි නැත නුඹ නාඩන්                         උලලේනී

අනේ දෙවියනේ මට උණු                            වියෝයා
පැලේ පැදුර හොරු අරගෙන                        ගියෝයා
ගෙදර ගියත් මා නොතකන                          ලියෝයා
පැදුර දුන් කෙනෙක් මගෙ නෑ                       සියෝයා




නෙළුම් කවි (Nelum Kavi)

මල්ලිත් මමත් කෙළ කෙළ යන                 ඕවිටට
අනිනා මී දෙනක් ආවයි                          ඉස්සරට
වට පිට බැලිම් ගසකුත් නැත                 නගින්නට
පිට පට ගසා නැග්ගයි තුත්තිරි                      ගසට

කන්දේ ගලේ වී වැපුරුනෙ මනාව                යි
ඒක කන්ට කක්කුට්ටන් දෙබාන                   යි
පොල් කිච්චා හිස පීරන පනාව                     යි
බට්ටිච්චාට හිර දෙඩුවා හිනාව                      යි

වත්තේ එක ගසයි සෙවනැල්ල                     විසිතුරු
බිව්වෙත් එක තනේ කිරිමය රස                      මියුරු
ඇත්තෙත් එක නඟයි අයියණ්ඩියනි                   ගරු
මාත් හැර වෙනත් ඇද්දැයි                          නඟාවරු

ඉණේ බලාපන් ඉණ වට සේල                       බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි                          බලාපන්
කරේ බලාපන් කර වට මාල                          බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගෙ ඔමරි                  බලාපන්

Sunday

කරත්ත කවි (karaththa kavi)

වයිර ගොනා දණ ගහලා අදින                       කොට
මයිල ගොනා පැන්නයි පස්සට                     හොරට
මොකද කරන්නේ පූරුවේ කළ                        පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල                       ගාවට

අම්බලං පෝරු පිට සිටිනා                      ළඳුනේ
රංසලං ලෙසට ගෝමර පිට                     දිලුනේ
මං බොලං එහෙම දේකට නැත               අගුනේ
රං දොඹේං පිටත් වෙන කොට හද            මුදුනේ

බතට කන්ට බැරි බතලේ ගල                     කන්ද
අලට කන්න බැරි අලගල්ලේ                      කන්ද
හුනට කන්න බැරි හුන්නස් ගිරි                    කන්ද
මේ කඳු තුනට නායක සමනල                    කන්ද

කඳු ඇදලා දෙපයට සවි නැත                   ඉතිනේ
බර ඇදලා ඉල ඇට පොඩි විය                  තදිනේ
දුක සිතිලා ගම නෑයන් මතක්                     උනේ
ගම ඉඳලා වත් පණ යන්න               නොලැබුනේ

කන්දේ කකා ලන්දේ යන                           බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය                          ගත්තු
රාජ සබෙන් සොඳ කරුණා ලැබ                         ගත්තු
වලවේ ගඟට බැස්සොය ගෝමර                        ඇත්තු

Thursday

නෙළුම් කවි (Nelum Kavi)

උදේ සිටන් වකුටු කොන්ද දිග                       ඇරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම                       දාපල්ලා
ඉසේ තියෙන ලේන්සු පොඩිය අතට                 ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩ                     පලයල්ලා

නමස්කාර කරනෙමි ඉරු                             දෙවියන්ට
නමස්කාර කරනෙමි සඳ                              දෙවියන්ට
නමස්කාර කරනෙමි ගණ                            දෙවියන්ට
නමස්කාර කරනෙමි වරමක්                              ගන්ට

එගොඩ ගෙදර ලොකු අයියගෙ                         උන්දෑ
කයියේ නෙලුමට කවදත් එන                          උන්දෑ
ඊයේ කී කවි අද නොකි                                   උන්දෑ
දෙයියොම රැකපන් අයියගෙ                            උන්දෑ

අකුලා පුස් කොළ තෝඩු                            කනේයා
බැඳලා පවලන් වළලු                                  අතේයා
ඇඳලා සේලය නෙරිය                                 වතේයා
සිටලා මෙලෙසින් නියර                              මතේයා

Wednesday

නෙළුම් කවි (Nelum Kavi)

ඉරු දෙවියන් ඉරු මුදුනින් වඩින                 තුරා
සඳ දෙවියන් සඳ මුදුනින් වඩින                   තුරා
ගණ දෙවියන් ඝන අඳුරෙන් වඩින              තුරා
සිව්පද කියමු අපි ඉරු ගල තිබෙන               තුරා

උඩින් වඩින ඉර සඳ දෙවියන්ට                       කියන්
බිමින් වඩින මිහිකත් දෙවියන්ට                      කියන්
සක්වළ වඩින සක්වළ දෙවියන්ට                    කියන්
වස් නැත අපට එළුවෙන් පාලියෙන්                 කියන්

තෙල් ගාලා හිස පීරන්                        නෑනෝ
ඇට වැල අරගෙන බැඳගන්                නෑනෝ
සේලේ අරගෙන ඇඳගන්                   නෑනෝ
ගොයම් නෙළන්නට අපි යමු              නෑනෝ

කරත්ත කවි (Karatta Kavi)

බණේ කොහොම කීවත් පවු පල               දෙනවා
පිනේ අරුම නොසිතා අපි පසු                  වෙනවා
ගොනෝ උඹත් කළ පව් දැන්            වැටහෙනවා
අනේ ගොනෝ ඇදපන් මීගමු                    යනවා

කන්ද නගින කොට දෙවියනි බඩ                     දනවා
තැන්න බහිනකොට වීරිය උඩ                         යනවා
පල්ලම් දකින විට අතපය                        වෙව්ලනවා
විෂ්ණු කතරගම දෙවියන් රැක                        දෙනවා

කල්බලා සිටිය සමනලයින්                    පන්නා
මල් තලා පැමිණි බඹරුන් රොන්            ගන්නා
පුල්ලියා කන්ද දුටුවම                       නවතින්නා
පල්ලමේ සෙමෙන් දක්කවු ගොන්         දෙන්නා


Monday

ඔන්චිලි වාරම් (Onchili waaram)

පදින කලට අගනෝ                        ඔන්චිල්ලා
අදින සළුව තර කර                          ඇඳපල්ලා
තදින් අතින් වැල් අල්ල                      ගනිල්ලා
සොඳින වරල බැඳ ගෙන                   පැදපල්ලා

රජ්ජුරුවෝ උඩයි                       උඩයි
බිම ඉන්නේ වැසියො                  තමයි
අහසේ උඩ නගියි                       නගියි
පදිමු අපිත් එහෙයි                  මෙහෙයි

පුරවර මැද බැඳි රන්                     ඔන්චිල්ලා
දුරයන තරමට පුදුම                   නොවෙල්ලා
වවුලන් ලෙස කැරකෙන               ඔන්චිල්ලා
අපිත් පදිමු දැන් රන්                     ඔන්චිල්ලා

Sunday

පැල් කවි (Pal kavi)

පෙර කාලේ තැනූ පැල දැන්                        දිරාලා
එම කාලේ බැඳපු වැට ගොනු                     කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක                          බලාලා
නිදිමතේ කියමු පැල්කවි                        ගොතාලා

රෑ වෙලා මොනරු ගස් යන                වෙලාවේ
ඇහැරිලා බිළිඳු කිරි බොන                වෙලාවේ
එළිවෙලා කුකුළො හඬලන               වෙලාවේ
කෑරලා ඇඬුවේ දොරකඩ                     මරාවේ

උණ දඬු කපන තැන උණ දඬු                 රිකිල්ලා
බට දඬු කපන තැන බට දඬු                    රිකිල්ලා
වතුර බසින තැන හොල්මන්                  කුරුල්ලා
සී පද කියන්නට කවුරුත්                      වරෙල්ලා

දෑස නැත නින්ද අලි ඇතු                පන්නාලා
පාස නැත ඉන්න පැල තුළ ගිනි           තැපලා
ආස නැත කන්න අල බතලත්           මෙකලා
මාස ඉල් මසේ උගුලයි අල                 බතලා

ලස්සන හිමවතේ මා වී                     පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා                 හරින්නේ
රැක්මෙන් දෙවියනේ වෙල බත්             බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්                   රකින්නේ

Friday

නැලවිලි කවි (lullabies)

නුඹෙ අම්මා කිරට                    ගියා
කිරි එරවා එන්න                      ගියා
කිරි මුට්ටිය ගඟේ                     ගියා
ගඟ දෙගොඩින් ගලා                ගියා

අතට වෙරළු ඇහිද                ගෙනේ
ඉණට පලා නෙලා                ගෙනේ
බරටම දර කඩා                    ගෙනේ
එයි අම්මා                      විගසකිනේ

පුතේ නුඹේ ලොකු                 අම්මා
අතේ වළල්ලක්                     දැම්මා
මෙසේ මියුරු                 තෙපලම්මා
පුතේ නාඬා                      නිදියම්මා

නුඹෙ අම්මත් කළුම                  කළුයි
නුඹෙ තාත්තත් කළුම                කළුයි
නුඹ නලවන මමත්                    කළුයි
නුඹ විතරක් සුදුම                        සුදුයි

Wednesday

3 Pathal kavi-Sinhala Sumiyuru Jana Gee part 3

ඔන්චිලි වාරම් (onchili vaaram)

මිතුර මෙනුඹ අප එල්ව                සියල්ලා
කතුර ලෙසට බැඳි රන්              ඔන්චිල්ලා
නතරලමින් ගුවනේ                  ඔන්චිල්ලා
මෙවර පදිමු අපි රන්                 ඔන්චිල්ලා

තුටුව උඩින් සිට බැඳ                 ඔන්චිල්ලා
පිට පිට පෑගුවෙ                   එකරකැවිල්ලා
වටපිට සිටි අය බලා                      සිටිල්ලා
අට දෙන අටකොන වාඩි             වෙයල්ලා

උඩම උඩම වැඩ මක්කම              වැල්ලේ
වසින වසින වැසි ඒ ගල                 පල්ලේ
දුවන දුවන නැව් සමුදුර                  එල්ලේ
අපිත් පදිමු දැන් රන්                ඔන්චිල්ලේ

Tuesday

නැලවිලි කවි (lullabies)

නුඹේ අම්මා කොතැන               ගියේ
පතන කැලේ දරට                     ගියේ
දර අරගෙන එන්ට                     ගියේ
ඒ එනකල් නුඹ                    දොයියේ

උඩ නියරෙන් වැටී                 ගෙනේ
මිටි නියරෙන් වැටී                 ගෙනේ
කලවිටි බොල් පොලා            ගෙනේ
එයි අම්මා                        විගසකිනේ

දොයි දොයි දොයි දොයිය          පුතා
බයි බයි බයි බයිය                     පුතා
නාඬා නැළවෙන්න                   පුතා
බුදු සරණයි නුඹට                     පුතා

දොයි දොයි දොයි දොයිය          පුතා
බයි බයි බයි බයිය                     පුතා
මාගේ රත්තරන්                        පුතා
දෙවි පිහිටයි නුඹට                     පුතා

Monday

ගොයම් කවි (Goyam Kavi)

උඩින් සිටින ඉරු දෙවියෝ සෙවණ                කරා
බිමින් සිටින මිහිකත් දෙවි කළස                     දරා
වටින් සිටින සැම දෙවියෝ අරක්                   කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම්                    පුරා

ඇසී නාද හඬ බමරුගෙ              ලීලා
පැසී ගොයම් පත් කිරට          නැමීලා
ගැහී සුළං වාතෙට ඉති           නැමීලා
පැසී ගොයම් කෙත සුරපුර         ලීලා

පේරු ඇතුව වී පැළකර                         ගන්නේ
සීරු ඇතුව මුත්තෙට්ටු                        උයන්නේ
පෝරු ගගා වල ගොඩැලි                   මකන්නේ
ගෝරු කළල් මඩ ගොඩට                  ඉසින්නේ

කරට බඳින රන් මිණි මුතු                  මාලා
කණට ඔබින රන් තෝඩු                  දමාලා
අතට ගිගිරි රන් වළලු                      දමාලා
ඇඟට ඔසරි සුදු සේල                      දමාලා

උදේ පාන්දරින් නැගිට                           සිටිල්ලා
ගොයම් කපන්නට නෑනේ                    වරෙල්ලා
රන් දෑකැති ගෙන පෙළට                       සිටිල්ලා
රන් මන්දෑලේ කෙතට                           බසිල්ලා

Sunday

ඔන්චිලි වාරම් (Onchili waaram)

විසිතුරු කර බැඳි රන්                   ඔන්චිල්ලා
රිසි රිසි අය අරගෙන                    පැදපල්ලා
ඇසි පිය නොහෙලා බලා                සිටිල්ලා
කිසි තැන නැත මේ රන්              ඔන්චිල්ලා

උඩ යන රවුමට පපුවයි                      දන්නේ
පයතට එනකොට නිවලයි                 එන්නේ
පොල්ලක් පැන්නට බය        නොසිතෙන්නේ
පත්තිනි දෙවිඳුට පින්                      දීපන්නේ

අට දෙන අටකොන වාඩි                වෙයල්ලා
සිටගෙන දෙන්නෙක් පොලු             පාගල්ලා
වවුලන් ලෙස කැරකෙන               ඔන්චිල්ලා
අපිත් පදිමු දැන් රන්                     ඔන්චිල්ලා

Friday

රබන් පද (Raban pada)

උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් බිම පල ගත්තත්
පුන්චි පුන්චි ගෙඩි වට්ටක්කා

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
පිට්ටු කන්න වර පෙත්තප්පු

කැත්තක් අරගෙන වත්තට යනකොට 
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
ලන්සි පැටවු මූදු යන්න නැවක් හදනවා
තක දොන් නැවක් හදනවා

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත් 
ඇතෙක් බරට රත්තරන්

පානදුරේ අර පාන් කඩේ ළග 
ගෑනු හරක් බඳිතෙයි
මෙච්චර මේ රටෙ පිරිමි ඉදිද්දි
ගෑනු හරක් බඳිතෙයි 
තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

සාත් සරක්කුත් පොල් කට්ටයි
බීම් බිරැන්ඩිත් පොල් කට්ටයි
සාත් සරක්කුත් බීම් බිරැන්ඩිත්
බීපන් මස්සිනෙ පොල් කට්ටයි

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් 
කොහොම බැද්දත් කොබෙයියා

Wednesday

ගොයම් කවි (Goyam Kavi)

වරම් වරම් මට මහ බඹු අතින්           වරම්
වරම් වරම් ඉසිවර දෙවි අතින්            වරම්
වරම් වරම් සක්දෙවි රජ අතින්           වරම්
වරම් වරම් ගොවිකම් පද කරන          වරම්

Tuesday

කරත්ත කවි (Karatta Kavi)

කරත්ත (karaththa) means bullock carts. But now we can't see them. But few decades ago these bullock carts were seen on the road. It uses to transport goods all around the country.

කළු ගල් තළාලයි පාරට                    දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර          ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර             අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි              නගින්නේ

ආරන්නේ පඳුර වටකර දළු              ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප          වෙන්ට
මෝරන්නේ හඳේ කළුවර වැඩි        වෙන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක        දෙවියන්ට

රෝද දෙකට තෙල් දාපිය                කැරකෙන්ට
ගොනාගේ අඟට කොපු දාපිය              බබළන්ට
ගොනුගේ කරට මිණි බැඳපිය නද             දෙන්ට
කෝටුව අරන් එලවාපිය ගොනු                 යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද               ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද             ගොනා
දෙගොඩ තළා යන වතුරට පැන්න                 ගොනා
අපොයි මගේ රන්මුතු වල්ලියා                      ගොනා

Monday

කුරක්කන් කවි (Kurakkan Kavi)

Kurakkan (in sinhala) means finger millet is a cereal grown in warm countries and regions with poor soils, bearing a large crop of small seeds which are chiefly used to make flour.

හේනේ පැලේ මා විදිනා            සුරුක්කන්


ඌරෝ ඇවිත් වට පිට කරති           සක්මන්

වැටටත් උඩින් උන් අල්ලන      මලක්කන්

අපොයි මගේ කිරි වදිනා            කුරක්කන්



කුරක්කන් තුනයි වැපුරුවෙ           අමාරුවේ


කපන්ටත් බැරුව අතපය                  රුදාවේ

අරින්ටත් බැරුව ලොව ගම             සිනාවේ

කපමු නෑනෙ ඉපනැල්ලේ               සුබාවේ



කුරක්කන් කපයි අඹ
යි අපේ                එකී

හැළිය මුවාවට ඉඳගෙන බෙදන              එකී

තලප ටික කන්ට හොදි ටික නොදෙන    එකී

ඊයේ පලද්දැයි මා ළඟ උන්න                එකී

Sunday

පැල් කවි (Pal Kavi)

ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින          තුරු
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින           තුරු
ගණ දෙවියන් ගණ අඳුරෙන් වඩින         තුරු
පැල් කවි කියමු අපි ඉරගල වැටෙන       තුරු

අහස තනිවේද විදුලිය                   කෙටුවාම
පොළොව තනිවේද මම බිම            බැලුවාම
මුහුද බොරවේ ද ගොඩ රළ             ගැසුවාම
සිතේ දුක යා ද දවසක්                     ඇඬුවාම

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම්           බැලුම්
මහවැලි ගඟේ දිය ගලලා කෙතට            ගිලුම්
පෙම්බර ලියන් කර ඔසවා බලන            බැලුම්
තුම්පත් රටාවකි දුම්බර කෙතේ             නෙළුම්

පාට හොඳයි පැළවෙන ගොයමේ              නිල්ල
ඊට උඩින් ගැසුවා වැනි මඩ                   රොල්ල
යාල දෙගොඩ හඬලන මැඩියන්             ගොල්ල
දෙවියනි බුදුනි පාලුයි තංගලු                     මුල්ල

කල් බලා නොවෙද ගොවිතැන්               කරන්නේ
මල්වරා නොවෙද කිරි වැද                  පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි පල                නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවද ද                         දකින්නේ

Friday

පැල් කවි (pal kavi)

People cultivate rice in paddy fields and vegetables, grains and others in ''hena''. Hena is a land away from the village, that cultivate vegetables and others. It's protected by strong fence.  In the night wild animals come to the ''hena'' and paddy fields and eat and destroy the crop. So farmers had to protect them at night. They build little hut called ''pala'', on the high tree in the middle of the ''hena'' or paddy field. Farmers stay at the ''hena'' in night and dispel wild animals. To avoid somnolence and loneliness they recite these poems loudly.

නැලවිලි කවි (lullabies)

ඔන්න බබෝ                ඇතින්නියා
ගල් අරඹේ                    සිටින්නියා
ගලින් ගලට                  පනින්නියා
බබු දැකලා                     දුවන්නියා

මගේ පුතා කොතැන             ගියේ
මානෙල් මල් විලට               ගියේ
එතන මලක්                  පිපුනායේ
එමල කඩා එන්න                 ගියේ

ඔන්චිලි වාරම් (Onchili Vaaram)

ඔන්චිලි චිලි චිල්ල             මලේ
වැල්ල දිගට නෙල්ලි        කැලේ
කඩන්න බැරි කටු           අකුලේ
කඩා දියන් මගේ               මලේ

ඉර දෙවියෝ යන්නෙ           උඩින්
සඳ දෙවියෝ යන්නෙ           උඩින්
තරු බැබළෙන අහස            උඩින්
අපිත් පදිමු උඩින්                 උඩින්

පදිනා ලෙස විත් වැල්          ඔන්චිල්ලා
අඳිනා වත තද කර               ඇඳගල්ලා
පදිනා වැල් දෙක බුරුල්     නොදෙල්ලා
සොඳිනා ගී කියමින්             පැදපල්ලා

පාරු කවි (paaru kavi)

ඔන්න මලේ ඔය නාමල නෙලා          වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා         වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා           වරෙන්
සාධු කාර දී ඔරුවක නැගී                   වරෙන්

මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ           පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර          කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන         සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ          පැටියා

Thursday

කුරක්කන් කවි (Kurakkan kavi)

දුරුතු මහේ දී කැලයට               වැදීලා
මසක් පමණ කල් කැලවල්    කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි            තබාලා
කුරහන් ඉසිමුද කළුවර             බලාලා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන             රඟේ
මල්වන් රුවට කිරි කුරහන් පෙනෙන          රඟේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන  රඟේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ            මගේ

පාරු කවි (Paaru/ Paru Kavi)

සූරිය උදාවන තුරු පිනි                  බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ            සෙලවිල්ල
මාරුව බල බලා සිත යට            කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්       රැවටිල්ල

කන්දේ කකා ලන්දේ යන             බෝසත්තු
අත මිණි බැඳ පය මිණි බැඳ ජය            ගත්තු
රජ වාසලින් සොඳ කරුණා ලැබ           ගත්තු
පින්ගත් ඔයට බැස්සයි ගෝමර             ඇත්තු

Wednesday

කමත් කවි (Kamath Kavi)

මේ කාගේ දෝ                කමතා
ඉරු දෙවියන්ගේ              කමතා
ඉරු දෙවියෝ බිම              බඳිතා
බිම් බැඳි තැන කොළ         බඳිතා

මේ කාගේ දෝ                කමතා
සඳ දෙවියන්ගේ               කමතා
සඳ දෙවියෝ වැඩි             කමතා
සඳ දෙවියන් බැත            දෙවතා

පතල් කවි (Pathal Kavi)

මන්මුලා වෙමින් මේ රට පසු    වෙනවා
අයියලා ඉඳන් තව මට දුක්        දෙනවා
අම්මලා පෙව්ව රන්කිරි සිහි      වෙනවා
බංගලා වෙලේ දෝනාවට         යනවා

කරවනැල්ල ඉස්ටේසම ටිකට්              දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්          දෙන
කොටියා කුඹුර ස්ටෝරුව බඩු            කිරන
මහ බෙරගලේ පතලෙයි අපි වැඩ        කරන

පැල් කවි (Pal Kavi)

වෙළක මහිම බල මා වී           පැසීලා
පැලක මහිම බල බට කොල සොයාලා
මලක මහිම බල අතු අඟ           පිපීලා
ලියල මයිම බල ගෝමර           ඉසීලා

කැලේ කපා වැට බැන්දා කැත්ත           දනී
කුඹුර කොටා දිය බැන්දා නියර             දනී
හීන කකා පැල් රැක්කා පැදුර                දනී
මෙදා යලේ වී නැතිවා අටුව                 දනී

ගොයම් කවි (Goyam Kavi)

අව්ව බොහොම සැරත්     වගෙයි
අපට ඇඹුල ගෙනත්         වගෙයි
බඩගිනි දැන් වැඩිත්         වගෙයි
ගොඩට යන්න හොඳත්    වගෙයි

ගොයම් කපා ඉවර            වුණා
ඉර දෙයියෝ පියිට            වුණා
ගොවි රාළට සෙතක්         වුණා
අපේ සිතත් සතුටු              වුණා

කරත්ත කවි (Karaththa kavi)

තණ්ඩලේ දෙන්න දෙපලේ         දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද          දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ               දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල්     යනවා

රිදී කළේ රන් කොතලේ බීපු              මට
මැටි බඳුනේ දිය නොලැබෙයි      පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති       අපට
මෙහෙමත් කළ ගියද පළු වීර ගස්         යට

Saturday

Folk people in Sri lanka use these poems to express their feelings. People (in villages) who are doing different occupation like farming, carrying goods by carts, boatman, working in mines, etc. They sing poems for make away of loneliness,  weariness and express their sorrow and troubles that they had to face in their work.

And also they use poems to express their happiness and love.

But now with the technological development and people use it for their works these poems bereave from the society. I'm trying to collect our "jana kavi" and give to you. Because this is a part of our heritage. We want to move with new world. But we have a responsibility to protect our culture. We can't find it in another country. Sri Lanka has great civilized culture. We have to protect it.